හර්ෂණ තුෂාර සිල්වා
කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරීම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරනු ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිවේදනයක් නිකුත් කළේය.
පරිගණක ගත මුදල් එසේත් නොමැතිනම් ඩිජිටල් මුදල් යනුවෙන් හැඳින්වෙන මෙම මුදල් පරිගණක කේත ඔස්සේ ක්‍රියාත්මක වන අතර මහ බැංකුවලින් නිකුත් කරන මහජනයා අතර භෞතිකව සංසරණය වන මුදල්වලට වඩා බෙහෙවින් වෙනස්ය.
ක්‍රිප්ටෝකරන්සීස් යනුවෙන් ඉංග්‍රිසි බසින් හැඳින්වෙන මෙම මුදල් පසුගිය කාලයේදී බෙහෙවින් ජනප්‍රිය වූ අතර ‘බිට්කොයින්’ යනුවෙන් හැඳින්වෙන්නේ එසේ ජනප්‍රිය වූ එක් පරිගණක ගත මුදල් වර්ගයකි.
මෙම මුදල් වර්ග භාවිතය මේ වනවිට දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද බෙහෙවින් ජනප්‍රිය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අවධානයන් පසුවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
කිසිදු ආකාරයකින් නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවන නිසා මෙම මුදල් භාවිතය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් හෝ වගවීමක් නැති බව පෙන්වාදෙන ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළ ද්‍රවශීලිතාවකින් යුත් මෙම මුදල් නීතිවිරෝධී කටයුතු සඳහා වැඩි වශයෙන් භාවිත වීමේ අවදානමක් තිබෙන බව ද පෙන්වා දී තිබේ.
ඇතැම් විටෙක මෙම මුදල් භාවිත කරන්නන් නොදැනුවත්ම මුදල් විශුද්ධිකරණ නීති රීතිවලට හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම යන චෝදනාවලට ලක්වීමේ ඉඩක් තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.
වත්මන් තත්ත්වය යටතේ මෙම මුදල් භාවිතය ආර්ථිකයට සහා ඒවා භාවිත කරන්නන්ට මූල්‍ය, මෙහෙයුම් හා නෛතික යන තත්ත්ව යටතේ තර්ජනවලට ලක්වනු ඇතැයි ද සඳහන් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් භාවිත කිරීම සඳහා කිසිදු සමාගමකට, ආයතනකට හෝ කිසියම් හෝ ඒකකයකට අවසර හෝ බලපත්‍ර හෝ ලබාදී නැතැයි ද එම නිවේදනය ඔස්සේ අවධාරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බැංකුව කල යුත්තේ ඩිජිටල් මුදල් වලින් අයින් වීම නොව ඒවා පාවිච්චිය කිසියම් පාලනයක් යටතේ රටට ප්‍රයෝජනවත් වෙන විදියට යොදා ගැනීමයි.
"කිසිඳු ආකාරයකින් නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවන නිසා.." මේක නම් පිළිගන්න අමාරුයි. මොකද බිට්කොයින් පාවිච්චි කරන්නේ බ්ලොක් චේන් කියන තාක්ෂණය. එ්කේ තියෙන්නේ සම්බන්ධ වී සිටින සියල්ලන්ටම විවෘත ලෙජරයක්... මුදල් විශුද්ධීකරණය වළක්වන්න හොඳම දෙයක් තමයි බ්ලොක් චේන් කියන්නේ. මහබැංකුව මූලික වෙලා කරන්න පුළුවන් හොද දෙයක්...
ශ්‍රී ලංකා මහ බැංකුවේ ලුණු ඇඹුල් මදි ක්‍රිප්ටෝ කරන්සීස් තම්බන්න. ලෝකයේ නව ප්‍රවනතාවය මෙයයි.. දේශ සිමා මායිම්, රාජ්‍ය බදු, අතරමැදියන් කිසිත් නැති නව ලෝකයේ නව ගනුදෙනු ක්‍රමයයි.
ලෝකයේ අනාගත මුදල තමයි ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ... මේ වනවිට ඇමේසන් සහ වෙනත් ප්‍රධානතම ව්‍යාපාරික ජාලයන් මේ මුදල් පිළිගෙන තිබෙනවා. මේ මුදල්වලට පාලිත හිමිකරුවෙක් නොමතින් අතර දේශ සීමා, රටවල් සහ බැංකු අදාළ නැහැ. කොටින්ම අතරමැදියන් නැහැ. දැන් ලෝකෙම බැංකු සහ රාජ්‍ය යාන්ත්‍රනයන් කලබල වී සිටිනවා මුදල් මත ඔවුන්ගේ පාලනය සහ සුරාකෑම මගින් නැතිවී යන නිසා... මෙය මහජනයාටම අයත් මුදල් ක්‍රමයක්... අතීතයේ තිබුනේ භාණ්ඩ හුවමාරුව, ඊළඟට මුදල්, දැන් තියෙන්නේ කොළ සහ කාසි වෙනුවට ඩිජිටල් මනී, අපි බොහෝවිට ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවනවා. වැඩකරන පඩිය බැංකුවට ඉලෙක්ට්‍රොනික් මාර්ගයෙන් ඩිපොසිට් වෙනවා. නෝට්ටු සහ කාසි දැන් භාවිතය ඉතා අඩුය. මුදල් යනු අංකයක් පමණකි. ඉදිරියට එන්නේ ක්‍රිප්ටෝ කරන්සි, බැංකු ක්‍රම, ආණ්ඩු අතපෙවීම් නැහැ. ඔබට ලෝකේ ඕන කෙනෙකු කෙලින්ම ගනුදෙනු කල හැකි ක්‍රමයක්, රටවල් අතර මුදල් විෂමතාවත් නැති වෙනවා. ඩොලර්, යූරෝ, පවුම්, රුපියල් කියලා වෙනස් වන මුදල් ක්‍රමය දැන් අවසන්...
බොරු කයිවාරු ගැහැව්වට පේපෑල් මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේ පහසුකම්වත් ක්‍රියාත්මක කරගන්න බැරි මහබැංකුවක් මොකටද? පේපෑල් එකෙන්ම කියනවනේ එයාලගේ නෙමෙයි ප්‍රශ්නේ ලංකාවේ මහබැංකුවේ කියලා. අනික දැන් ලෝකේ ගොඩක් ආයතන, වෙළඳ සමාගම්... මේ ඩිජිටල් මුදල් පිළිගැනීම ආරම්භ කරමින් පවතින්නේ. ලෝකේ ඉස්සරහට යද්දී මේ මහබැංකුව අපව ගෙන යන්නේ ගල්යුගයට... මේකේ ඉන්න අයට අලුත් තාක්ෂණය, ලෝකේ යන්නේ කොහෙටද කියලා උගන්වන්න ඕනෑ. කෝටි ගණන් මුදල් වැයකරමින් මහබැංකුවේ ලොක්කෝ රට සවාරි ගිහිං ඉගෙනගෙන තියෙන්නේ මොනවද?
ලෝකය නවීණ තාක්ෂණය සමග නවීන මුදල් ක්‍රම භාවිතයට ගන්නාවිට තවමත් ගල්යුගයේ කටයුතු සිදුකරමින් සිටිනා ශ්‍රීලංකා මහා බැංකුව වැනි ආයතන වල ඉන්නා ප්‍රධානින්ගේ දැනුම කෙසේදැයි මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම තුලින් මානව වැටහෙන බව කිව යුතුය. මේ වනවිට ලෝකයේ පිළිගත් බොහෝ ආයතන ක්‍රිප්ටෝ මුදල් භාවිත කරති. එමෙන්ම මේ වන විට බොහෝ පිරිසක් විශාල මුදලක් ආයෝජනය කරමින් bitcoin මිලදී ගනිමින් ආයෝජනයන් තුල නිරත වෙමින් සිටිති. ශ්‍රීලංකාව තුළද එවැනි විශාල පිරිසක් මේ වන විට බිහිවෙමින් ඇති අතර, එම ශීඝ්‍ර වර්ධනය අඩාල කරලීමට ඔවුන් ගන්න උත්සහයක් ලෙස මෙවැනි ප්‍රචාර යැවීම සිදුකරන බවනම් පෙනීයන කරුණකි.