IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පීපල්ස් ලීසිං-මහනුවර මහනගර සභාව එක්ව QR කේතයක් හඳුන්වා දෙයි

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමට නියමිත සන්දර්භයක් තුළ මහනුවර මහ නගර සභාව (KMC) මෑතකදී ක්ෂණික ප්‍රතිචාර කේතයක් (QR කේතය) හඳුන්වා දුන්නේය. මෙම අභ්‍යන්තරව සංවර්ධනය කරන ලද  QR කේතය හරහා, නගර සභා සීමාව තුළ ජීවත්වන මහජනතාව සහ දිනපතා නගරයට පැමිණෙන අය  ඔවුන්ගේ සාමාන්‍ය පැමිණිලි /යෝජනා තත්‍යකාලීනව යොමුකිරීම සඳහා ඵලදායි ලෙස සම්බන්ධ කරගැනීමට මහනුවර මහනගර සභාව අපේක්ෂා කරයි.

මහනුවර සභාවේ ඉල්ලීම පරිදි, පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් පීඑල්සී හි මහනුවර ශාඛාව මෙම මුල පිරීමේ සාර්ථකත්වය සඳහා අත්වැල් බැඳගත්තේ  QR කේත ස්ටිකර් 15,000ක් ලබාදීමෙනි. මෙම ස්ටිකර් මහනුවර ප්‍රදේශයේ  ආහාර අලෙවිසැල් සහ අනෙකුත් පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ.

“පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් බොහෝ දුරට කුඩා හා  මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන්නෙමු. මහනුවර මහ නගර සභාවෙන් දැනගත් පරිදි ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය මහජනතාවගෙන් තත්‍යකාලීන ප්‍රතිචාර ලබා ගැනීම සඳහා  QR කේතයක් හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙයයි. මෙම මුල පිරීමේදී මහනුවර මහ නගර සභාව සමඟ හවුල්වීමට ලැබීම ගැන සතුටු වන බව” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා පැවසීය.



අදහස් (0)

පීපල්ස් ලීසිං-මහනුවර මහනගර සභාව එක්ව QR කේතයක් හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site