IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


පුනර්ජනනීය බලශක්ති ජනනය නිවාඩු දිනවල නතර කිරීමෙන් කෝටි 32ක පාඩුවක්

  • විදුලිබල මණ්ඩලයේ  තීරණය හේතුවෙන්  ජාතික විදුලිය බල  පද්ධතියට එකතුවීමට තිබූ  විදුලිය ඒකක මිලියන 16කට  අධික ප්‍රමාණයක් අහිමිවෙලා
 
රංජන් කස්තුරි 
පුනර්ජනනීය බල ශක්ති ජනනය කිරීම් ඉරිදා සහ නිවාඩු දිනවල ක්‍රියා විරහිත කිරීමේ ලංකා විදුලිබල මණ්ඩලයේ තීරණය හේතුවෙන් මේ වන විට රුපියල් කෝටි 32ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය සඳහන් කරයි.
මේ වසරේ පෙබරවාරි මස 9 වැනි දින සිට මේ දක්වා ලංකා විදුලිබල මණ්ඩලය එම පියවර ගැනීම හේතුවෙන් ජාතික විදුලිය බල පද්ධතියට එකතුවීමට තිබූ විදුලිය ඒකක මිලියන16 කට අධික ප්‍රමාණයක් අහිමි වී ගිය බවද එම සම්මේලනයේ විධායක සභික ප්‍රභාත්වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ වසරේ පෙබරවාරි මස 9වැනි දින පානදුර ග්‍රිඩ් උපපොළේ සිදුවූ හදිසි බිඳවැටීම හේතුවෙන් රට පුරා එකවර විදුලිය විසන්ධි වීමෙන් පසුව සෝලා, සුළං සහ කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර සෑම ඉරිදා පෝය දිනවල සහ රජයේ නිවාඩු දිනවල පෙරවරු 9 සිට සවස 3 දක්වා ක්‍රියා විරහිත කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරන බවද ඔහු කීවේය.
 
එම දිනවල විදුලි ඉල්ලු‍ම අඩුවීම නිසා ජාතික විදුලි බල පද්ධතිය සමතුලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවක් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළ ද එමගින් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයට සිදුවන පාඩුව අතිවිශාල බවද වික්‍රමසිංහ මහතා පැවසීය. පෞද්ගලික ආයෝජකයන්ට මෙමගින් සිදුවන අති විශාල පාඩුව දරාගත නොහැකි බවද ඒ නිසා ඊට සාධාරණ වන්දියක් ගෙවන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය. පුනර්ජනනීය බලශක්ති ජනනය මෙලෙස කඩින් කඩ නතර කිරීම නිසා ආයෝජකයන්ට ණය ගෙවීම කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පවාකර ගැනීමට නොහැකි වී තිබෙන බවද ප්‍රභාත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ලංකා විදුලිබල මණ්ඩලයට බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික විදුලිය බලපද්ධතියට හඳුන්වාදීමට නොහැකිවීම හේතුවෙන් මෙම ගැටලු‍ව පැන නැගී ඇතැයි ද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

පුනර්ජනනීය බලශක්ති ජනනය නිවාඩු දිනවල නතර කිරීමෙන් කෝටි 32ක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site