ශ්‍රී ලංකාවේ පාසැල් දරුවන්ට නොමිලේ කිරි ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙන බව නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශීය කිරි නිශ්පාදනයට හොද තැනක් ලබාදීමේ අරමුණ ඇතිව ෆොන්ටෙරා සමාගම දිවයිනේ ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘති රැසක් අතුරින් එකක් ලෙස මෙය හඳුන්වාදී තිබේ.
පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි ව්‍යාපාරික දූත පිරිසක් මේ සම්බන්ධයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා සාකච්ඡා කර ඇතැයිද සදහන්ය.
ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් මුහුණදෙන දුෂ්කරතාවන්ද සැළකිල්ලට ගෙන ඇති සමාගම ගම්පහ ප්‍රදේශයේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහාද මුල්ගල තබා ඇත.
බියගම පිහිටි ෆොන්ටෙරා සමාගමට අයත් කිරි සැකසුම් මධ්‍යස්ථානයට දිනකට කිරි ගොවීන් 4000 ක ගෙන් පමණ කිරි සැපයේ.මධ්‍යස්ථානයෙන් දිනකට කිරි ලීටර 30000 ක් පමණ සැකසේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිරි නිශ්පාදනය සැළකිය යුතු තරම් ඉහළ ගොස් තිබෙන බව පවසන සමාගම් ආරංචි මාර්ග එය තවදුරටත් වර්ධනය කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කර ඇත.
පසුගිය සමයේ ඇන්කර් කිරි පිටි මුල්කරගෙන ගැටලූකාරී තත්ත්වයක් මතු වුවද ශ්‍රී ලංකාව හා නවසීලන්තය ඇතිකරගෙන තිබෙන කිරි නිශ්පාදන සම්බන්ධයෙන් වන සහයෝගීතා එකගතාවයෙන් එම ගැටලූ විසඳා ගතහැකිවූ බවද එම ආරංචි මාර්ග කියයි.
දෙරට අතර ඇතිකරගෙන තිඛෙන එකඟතාවයට අනුව ඉදිරියේදී පශු වෛද්‍යරුන්ට විශේෂ පුහුණු සැසි, සතුන්ගේ පෝෂණය නැංවීමේ වැඩසටහන්, ආදිය දියත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වස නම් නිකම්වත් එපා. (අ)
අපට මතකයි වෙසක් වලට ඩයි සයිනමයිඩ් අඩංගු පිටි වලින් අයිස් ක්‍රීම් හදල දන් සල් දුන්න. (අ)
කොහොම හරි පොඩි අයට වස ටික දීපල්ලා.(හේ)
පොඩි ළමයින්ට හැමදාම දෙනවා නම් හොදයි.(හේ)
හයිලන්ඩ් පැල්වත්ත වගේ දේශීය කිරිපිටි අපිට හොඳයි. ඕවා ඔය නිකම් දෙන්න හදන්නේ අනේ අපිට තියන ආදරේට නෙවෙයි. කපටි වෙළඳ උපක්‍රම.දැන් ඇන්කර් විකිණෙන්නේ නැහැනේ. පුදුම විදියට ඇඩ්වටීස්මන්ට්.මිලියන ගණන් දෙනවා කියනවා.වෙන කිසිම කිරි වර්ගයකට එහෙම ඇඩ්වටීස්මන්ට් නෑ.අපි නම් අහුවෙයි ඔය පට්ටපල් බොරු වලට (අ)
හයිලන්ඩ් පැල්වත්ත වගේ දේශීය කිරිපිටි අපිට හොඳයි. (නි)
ඕවා ඔය නිකම් දෙන්න හදන්නේ අනේ අපිට තිබෙන ආදරේට නෙවෙයි. කපටි වෙළඳ උපක්‍රම. (නි)
පොන්ටෙරා වස ළමයි මරනවා (නි)
නවසීලන්තයේ වෙනම වේ ප්‍රෝටීන් හදන කර්මාන්තශාලා තියෙනවා. දැන් එතකොට ඒවා වහලද දන්නේ නෑ ඇන්කර් හදන්නේ. සල්ලි වලට දීපු ඒවගෙත් තිබුනේ වස නම් නිකම් දෙන ඒවා කොහොමට ඇත්ද? නිකම් දීලා හරි ළමයින්ව ඇබ්බැහි කරගත්තහම ඔය සමාගම් වලට ඒක හොඳයි. හයිලන්ඩ් අඹේවල පැල්වත්ත වගේ දේශීය සමාගම් වලට අනුග්‍රහය දීලා ඒවගේ නිෂ්පාදන ඉහල නංවන එක තමයි රජයේ වගකීම වෙන්න ඕන (අ)
සල්ලි දීල මිනිස්සු බිව්වෙත් වස. නිකම් දෙන ඒවා ගැන මොන කතාද? (අ)
අපේ ළමයින්ට ඔය නිකම් දෙන වස නැතුවට උදේට හොඳට බත් ටිකක් ගෙදර හදල දෙමු. (අ)
හොඳ දේවල් නිකම් දෙන්න තරම් වෙස්සන්තරලා ඉන්න ලෝකයේ තියෙන එකම රට නවසීලන්තය වෙන්න ඇති. වෙන රටවල් වලට යවපු ඔය වස කිරි තහනම් කරලා කන්ටේනර් පිටින්ම ආපහු නවසීලන්තයටම යවලාලු. ඒ ටිකට රසකාරක විදියට තව වස ටිකක් එකතු කරලා මෙහෙට පටවපුවම අපේ ළමයි ඒවට ඇබ්බැහි කරගෙන ඉන් පස්සේ නිකම් දීපු ඒවගේ ගානත් එක්ක අල්ලලා දිගටම ඔය වස කිරි මෙහෙට එවයි. ඕවා කූට වෙළඳ උපක්‍රම (නදී)
දේශීය කිරි ගොවියා විනාශ කරන්නද දන්නෙ නැහැ මේ අය එන්නෙ (නි)
නවසීලන්න්ත සමාගම් චීනේ කිරි කොම්පැණි වගේ මෙලනින් දාන්නේ නෑ (දිල්)
බොරුව කරන්නේ,තවමත් පිටිවලින් තමා නිෂ්පාදනය කරන්නේ,වෙළඳසදැන්වීම් නිසා මිනිස්සු අතරමන්,මිල්කෝ පමණි දේශීය කිරි.(අ)
බොරුව කරන්නේ,තවමත් පිටිවලින් තමා නිෂ්පාදනය කරන්නේ,වෙළෙද දැන්වීම් නිසා මිනිස්සු අතරමන්,මිල්කෝ පමණි දේශිය කිරි.(හේ)
ඒක හොදයි.(හේ)
මේක බොරුවක්.(හේ)
රැවටෙන්න එපා.(හේ)
මේ ළමයින්ට දුන්නොත් හොදයි.(හේ)
හොද වැඩක්.(හේ)
මේ විදියටම දුන්නොත් හොදයි.(හේ)
අගය කරනවා (දී)
අන්තර්ජාලයෙන් මේ අයගේ පැටිකිරිය කියවන කොට නම් දිගටම රට අවදියෙන් තබන එක හොඳයි කියලා හිතෙනවා. (ර)
සමහර විට ලංකාවේ කිරි ගොවීන්ගෙන් ගන්න දියර කිරි වලින් ආරම්භ කරයි පව් හෝදගන්න. පරණ කථාන්දර මිනිස්සුන්ට අමතක උනාම අනික් රටවල්වලින් ප්‍රතික්ෂේප උන කිරිපිටි දෙන්නත් ඉඩ තියෙනවා. අන්තර්ජාලයෙන් මේ අයගේ පැටිකිරිය කියවන කොට නම් දිගටම රට අවදියෙන් තබන එක හොඳයි කියලා හිතෙනවා. (ස)
නවසීලන්තයත් පාසල් ළමයින්ට ෆොන්ටෙරා එකෙන් නොමිලයේ කිරි ලබාදෙනවා (නි)
ඩී.සී.ඩී වස නේද මේ දරුවන්ට පොවන්න හදන්නේ? (නදී)
මෙම කිරි දරුවන්ට බොන්න දෙනවාද? වස නේද ? (නදී)
මෙම කිරි දරුවන්ට බොන්න දෙනවාද? වස නේද? (ර)
පෝෂණය ළමයින්ට (දී)
ළමයින්ගේ පැත්තෙන් හොඳ වැඩක් (දී)
කවදා වෙනකල් ක්‍රියාත්මකද (දී)
ජනතාවට දියර කිරි දෙන්න (දී)
හයිලන්ඩ්,පැල්වත්ත කිරි වලට තමයි අද වෙළඳපොළේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. රජයෙන් වුනත් පුළුවන් තරම් ඒ සමාගම් වලට අනුග්‍රහය දීලා නිෂ්පාදන වැඩි කළ යුතු කාලක් මේක.ෆොන්ටෙරාලා ඕවා ඔය ගෙනල්ලා බලෙන් ඇඟේ ගහන්න හදන්නේ වස හින්දා.මේ ප්‍රෝටීන් හදන්න වෙනම කර්මාන්තශාලා නවසීලන්තේ තියෙනවා . එතකොට දැන් ඒවාත් වහලද දන්නේ නෑ ඇන්කර් හදන්නේ..(දිල්)
අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත්තාද (දී)
පිටි කිරි දෙන්න හොද නැහැ ළමයින්ට (දී)
මේවා වසද (දී)
අපේ රටේ පුංචි ළමයාගේ ඉඳන් හැමෝටම වස(ඇන්කර්,රත්ති පිදියප්රෝ නිව් දේල යෝගටි ) පොවලා අහු වුණාට පස්සේ වස කිරිපිටි, අයිස් ක්‍රිම් සහ බිස්කට් හදන සමාගම් වලට විකුණලා එම වස අපේ රටේ අහිංසක මිනිස්සුන්ට පොවපු ෆොන්ටෙරා සමාගම කරපු වලත්ත වැඩේ නිසා මේවා විශ්වාස කරන්න පුලුවන්ද?වස කිරිපිටි හොඳ ඒවා එක්ක කලවම් කරලා බෙදන්ට යනවා කියල මටනම් කලින්ම ආරංචි වුණා. (අ)
මේ කිරිපිටි අපට එපා.(හේ)
නොමිලේ දුන්නහම ආයතනයට පාඩුයි නේද? අර දුරකතන සමාගම් කට්ටිය 100 කාඩ් එකට 200 ක් දෙන්නේ. ඒ වගේ වෙන්න ඇති. එනපොට හොඳ නැහැ වගෙයි (නි)
නොමිලේ දරුවන්ට බලෙන් වස පොවන්න හදන්නේ.(හේ)
නොමිලේම දරුවන්ට බලෙන් වස පොවන්නද හදන්නෙ (දිල්)
හොඳ දේවල් නිකම් දෙන්න තරම් වෙස්සන්තරලා ඉන්න ලෝකයේ තිබෙන එකම රට නවසීලන්තය වෙන්න ඇති. (නි)
වෙන රටවල් වලට යවපු ඔය වස කිරි තහනම් කරලා කන්ටේනර් පිටින්ම ආපහු නවසීලන්තයටම යවලාලු.ඒ ටිකට රසකාරක විදියට තව වස ටිකක් එකතු කරලා මෙහෙට පටවපුවම අපේ ළමයි ඒවාට ඇබ්බැහි කරගෙන ඉන්පස්සේ නිකම් දීපු ඒවගේ ගානත් එක්ක අල්ලලා දිගටම ඔය වස කිරි මෙහෙට එවයි.ඕවා කූට වෙළඳ උපක්‍රම (නි)
මම දන්නා විදියට නම් කිරි කොම්පැනිවලට පාසල් වල ප්‍රවර්ධන කටයුතු කරන්නත් බැහැ. ගමේ අයගේන කිරි පාසලට ගත්ත නම් මීට වඩා මිනිස්සු අතට සල්ලි යනවා, කොම්පැණිවලට සල්ලි යන්නේ නැහැ. (දිල්)
මමනම් අනුමත කරන්නේ නැහැ (දී)
සල්ලි තියෙන මිනිහාට කිරි බොන්න පුළුවන් උනාට සල්ලි නැති මිනිහාට මේ නිකන් හම්බවෙනදේ වටිනවා (දී)
ළමයින්ට කරන මහත් පිංකමක්/ සේවාවක් (දී)
යහපත් ප්‍රජා සත්කාරයක් (දී)
ගමේ කිරි ගොවියාට තැනක් නැද්ද (දී)
මේවායේ ප්‍රමිතිය ගැන සැලකිලිමත් වෙන්න, මිනිස්සුන්ට හොඳයිනම් කමක් නැහැ (දී)
ළමයින්ට අයහපතක් වෙන්න ඉඩ තියන්න එපා (දී)
ඉතා හොඳ අගය කලයුතු වැඩක් (දී)
මේක රජය අනුමත වැඩපිළිවෙලක්ද (දී)
කිරි බීමෙන් පෝෂණය වර්ධනය වේ (දී)
මම දන්නා විදියට නම් කිරි කොම්පැනිවලට පාසල් වල ප්‍රවර්ධන කටයුතු කරන්නත් බැහැ. ගමේ අයගේන් කිරි පාසලට ගත්ත නම් මීට වඩා කිරි ගොවීන් අතට සල්ලි යනවා, කොම්පැණිවලට සල්ලි යන්නේ නැහැ. (දී)
නිකන් දුන්නාට කමක් නැහැ. මේ ගැන හොඳින් සොයාබැලීම අවශ්‍යයි (නි)
ඩී.සී.ඩී වල අතුරුඵල හොයාගන්න වෙන්න ඇති. අනේ මේ ගොල්ලන්ගෙ ආදරේ (නදී)
ඩීසීඩී වල අතුරුඵල හොයාගන්න වෙන්න ඇති. අනේ මේ ගොල්ලන්ගෙ ආදරේ! (නි)
මේ හදිසි අනුකම්පාව ගැන නම් සැකයි (නි)
එක පාරටම පින් සිතුවිලි පහල වෙලා මොකද?(හේ)
හොද වැඩක්.(හේ)
කපන්න බැරි අත සිඹින්නද කිවුවාලු (නි)
එහෙන් ගෙනෙන ඒවා දැන් අපේ මිනිස්සු බොනවා අඩු නිසා, මෙහෙ ඒවාත් එක්ක කලවම් කරලා නැවත දේශීය කිරි නිෂ්පාදකයින් වට්ටන්න වගෙයි හදන්නේ. (නි)
කපන්න බැරි අතේ ඉඹීන්නද? එහෙන් ගෙන ඒවා දැන් අපේ මිනිස්සු බොනවා අඩු නිසා, මෙහෙ ඒවත් එක්ක කලවම් කරලා ආපහු දේශීය කිරි නිෂ්පාදකයින් වට්ටන්න වගේ යන්නේ. (ර)
වක්‍රකාරව අපේ කිරි වලට ගේමක් දෙන්න හදනවාද දන්නේ නැහැ. බිබිලේ දොඩම් මතකද? (බ)
මෙම කිරි දරුවන්ට බොන්න දෙනවාද කියලා පාසැල් සංවර්ධන කමිටු සාකච්ඡා කළ යුතුයි (අ)
දේශීය කිරි වලට තමයි අද වෙළඳපොළේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. රජයෙන් වුණත් පුළුවන් තරම් ඒ සමාගම් වලට අනුග්‍රහය දීලා නිෂ්පාදන වැඩි කළයුතු කාලක් මේක.ෆොන්ටෙරාලා ඕවා ඔය ගෙනල්ලා බලෙන් ඇඟේ ගහන්න හදන්නේ හොඳකට නෙමෙයි.වේ ප්‍රෝටීන් හදන්න වෙනම කර්මාන්තශාලා නවසීලන්තයේ තියෙනවා. එතකොට දැන් ඒවාත් වහලද දන්නේ නැහැ. ඕක බොරුවක් කපටිකමක් වෙන්න පුලුවන් ඉඩකඩ වැඩියි (නි)
ඩී සී ඩී නැතුවද දෙන්නේ.? (ර)
මේවා මෙයාලගෙ වෙළෙද මගඩි.පන්නලා දාන්න ඕන සර්පයො උකුලට දා ගන්නවා.පස්සේ කෑවෝ කෑවෝ කියලා කෑ ගහනවා.නිකං දෙනවා කියලා විෂබීජ ගන්න සිරිතක් තියනවද?(දිල්)
වෙස් මුහුණු බැඳන් ආවට අපි නැහැ රැවටෙන්නේ, අපි නැහැ රැවටෙන්නේ!! (නි)
අපේ දරුවන්ට හොදයි.(හේ)
ටික කාලයකට වෙන්න ඇති.(හේ)
මේ පුවත දැකල මට පුදුම හිතුනා. සමාගම් වලින් නොමිලේ දෙනව කිව්වම තවත් පුදුම හිතුනා. මේ වැඩේට ඉඩදෙන්න එපා.(අ)
මේ පුවත දැකල මට පුදුම හිතුනා. සමාගම් වලින් නොමිලේ දෙනව කිව්වම තවත් පුදුම හිතුනා. මේ වැඩේට ඉඩදෙන්න එපා. (ස)
මේවාගේ ප්‍රමිතිය ගැන සොයා බලා තීරණයක් ගන්න අතිගරු ජනපතිතුමනි, ළමයි කියන්නේ රටේ අනාගතයයි (අ)
අනේ මන්දා ඕව කොහොමද දන්නෙ නැහැ. දැන් හැම දෙයක්ම සල්ලිවලට යටනේ! (අ)
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ, අපි නෑ රැවටෙන්නේ (දිල්)
ෆොන්ටේරා අපට පෙවූ කිරිවල කිරි නැහැ නේද? සියලු පෝෂක ඉවත් කර රොඩ්ඩ තමයි අපට ඒවුවේ. අයෙත් මොකක් හරි රොඩ්ඩක් දරුවන්ගේ බඩවල් වලට දාන්නද හදන්නේ. අවධිව සිටිය යුතුයි. (ර)
හොර රහසේ වස පෙවුවා ලංකාවටම. මේකට ඉඩ දෙන්න එපා. දරුවනේ බොන්න එපා. (ර)
හොඳ වැඩක් (දී)
ජාතික මෙහෙවරක් (දී)
කිරි ගොවියාට අවස්තාවක් දෙන්න (දී)
හොඳ වැඩක් අපි අගය කරනවා (දී)
මම නම් කැමති නැහැ (දී)
තහනම් කළා නේද මේ වර්ගය (දී)
මම දන්නා විදියට නම් කිරි කොම්පැණිවලට පාසල් වල ප්‍රවර්ධන කටයුතු කරන්නත් බැහැ. ගමේ අයගේන කිරි පාසලට ගත්ත නම් මීට වඩා කිරි ගොවීන් අතට සල්ලි යනවා, කොම්පැණිවලට සල්ලි යන්නේ නැහැ. ඒ නිසා මහින්ද චින්තනයටත් ගැලපෙනවා.(දිල්)