භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගම මෙගාවොට් 5ක ධාරිතාවකින් යුත් භූමිය මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙකක් ආරම්භ කළ බව පවසයි. එම සමාගමේ පරිපාලිත සමාගම් හරහා මෙම ව්‍යාපෘති මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.
පසුගිය මැයි 17 වැනිදා ආරම්භ කළ මෙම ව්‍යාපෘති දෙක අනුරාධපුරයේ සහ මාහෝ ග්‍රිඩ් උප පොළ ආශ්‍රිතව පිහිටා ඇති අතර, එම බලාගාර දෙකෙහි විදුලිය නුදුරේදීම ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික පද්ධතිය වෙත සම්බන්ධ කෙරෙනු ඇති බවත් පවසයි. මෙම විදුලි බලාගාර දෙක සඳහාම යොදා ගෙන ඇත්තේ නවීනතම තාක්ෂණය බව පවසන එම සමාගම, එහිදී ද්විත්ව-මුහුණත, සූර්යාලෝකය හඹා යා හැකි තාක්ෂණයක් සහිත N මාදිලියේ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා මොඩියුල යොද ගෙන ඇතැයි පවසයි. මේ හරහා එම ප්‍රකාශ වෝල්ටීයතා මොඩියුල සූර්යයාගේ ගමන් මාර්ගය අනුව යමින් දිනය පුරා උපරිම සූර්ය එළියක් ඒ වෙත ලබා ගැනීමට කටයුතු කරනු ඇති බවත් එම සමාගම සඳහන් කරයි. පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය එනම් සියයට 74.84ක් පවතින්නේ RIL Property PLC සමාගමටයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පෑන්ඒෂියන් පවර් භූමියේ සූර්ය බල ව්‍යාපෘති දෙකක් අරඹයි