IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


පෑන් ඒෂියා බැංකුවේ නව සභාපති ජයන්ත එස්..බී. රන්ගමුව උපසභාපති අරවින්ද පෙරේරා

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ජයන්ත එස්. බී. රන්ගමුව, ශීඝ්‍ර වර්ධනයකට හිමිකම් කියන පෑන් ඒෂියා බැංකුවේ නව සභාපතිධූරයට 2021 මැයි මස 02 වැනි දින සිට පත්කරනු ලැබ සිටී. හිටපු සභාපති ජි.ඒ.ආර්.ඩී. ප්‍රසන්න මහතාගේ විශ්‍රාම යාමත් සමඟ මෙම පත් කිරීම සිදුකොට ඇත .

රන්ගමුව මහතා 2014 අගෝස්තු මස පෑන් ඒෂියා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට සහ 2018 ජනවාරි මස නියෝජ්‍ය සභාපති ලෙස ද පත්ව සිටි අතර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ මෙන්ම ගෞරවනීය ස්ථාවරත්වයකට හිමිකම් කියන වැලිබල් ෆිනෑන්ස් හි ආරම්භයේ සිටම කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි. එමෙන්ම ඔහු මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් හි හිටපු අධ්‍යක්ෂකවරයෙකුද වන අතර සෙන්ට්‍රල් ෆිනෑන්ස් සහ අර්නස්ට් ඇන්ඩ් යන්ග් හි ද සේවයේ නියුතුව ඇත.

එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයකු වන ඔහු ඕස්ට්‍රේලියාවේ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකුද වන අතර ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමිකරගෙන ඇත. රන්ගමුව මහතා ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ සාමාජිකයකු වන අතර ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයෙන් මූල්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ නවසීලන්තයේ යුනිටෙක් අධ්‍යයන (ක්‍රීඩා) පිළිබඳ සහතිකයක් ද ලබා ඇත.

පෑන් ඒෂියා බැංකුවේ උප සභාපතිධූරය සඳහා ප්‍රවීණ බැංකුකරුවකු වැනි අරවින්ද පෙරේරා මහතා 2021 මැයි මස 2 වන දින සිට පත්ව ඇත. 2017 අගෝස්තු මාසයේදී පෑන් ඒෂියා බැංකු මණ්ඩලයට පත් කරන ලද ඔහු බැංකු ක්ෂේත්‍රයේ වසර 37 කට වැඩි කාලයක් සේවයකර ඇත. පෙරේරා මහතා 2012 ජනවාරි 1 සිට 2016 සැප්තැම්බර් මස විශ්‍රාම යන තෙක් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂධූරය හොබවා ඇත.

වර්තමානයේ ඔහු රෝයල් සෙරමික් ලංකා කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ සිංගර් ෆිනෑන්ස් සභාපතිවරයා ලෙස ද කටයුතූ කරයි. හේලීස් , හේලීස් ඇවෙන්ටුරා , ෆෙන්ටන්ස් ලිමිටඩ් සහ හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් හී ද අධ්‍යක්ෂවරයකි. ඔහු ශ්‍රී ලංකාවේ බැංකුකරුවන්ගේ ආයතනයේ හිටපු පාලක මණ්ඩල සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකි.

සැබැවින්ම ශ්‍රී ලාංකීය බැංකුව ලෙස ශක්තිමත්ව හා ස්ථාවරව ඉදිරියට යන පෑන් ඒෂියා බැංකුව, ශ්‍රී ලාංකීය ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් ඔවුන්ට ගැළපෙන මූල්‍ය විසඳුම් ලබාදීම උදෙසා නිබඳව ඇප කැප වී කටයුතූ කරනු ඇත.

සභාපති - ජයන්ත එස්. බී. රන්ගමුව සහ නියෝජ්‍ය සභාපති අරවින්ද පෙරේරා

(සභාපති - ජයන්ත එස්. බී. රන්ගමුව)

(නියෝජ්‍ය සභාපති අරවින්ද පෙරේරා)



අදහස් (0)

පෑන් ඒෂියා බැංකුවේ නව සභාපති ජයන්ත එස්..බී. රන්ගමුව උපසභාපති අරවින්ද පෙරේරා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 75 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 67 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 28 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 77 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 16 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 18 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1091 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1455 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 378 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site