භානුක අමරසිංහ
බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන ජපානයේ Bansei Securities Co., Ltd සමාගම එම කොටස් අතරින් 22,128,082ක කොටසක් අලෙවි කළ බව පවසයි.
එම අවස්ථාව වනවිටත් සමාගම සතුව බැංකුව නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් කොටස් 66,384,246ක එනම් සියයට 15ක කොටස් හිමිකාරීත්වයක් පැවතුණි. මෙම අලෙවියත් සමගින් එම කොටස් ප්‍රමාණය 44,256,164ක් දක්වා එනම් සියයට 10ක් දක්වා සියයට 5කින් අඩුවී තිබේ. ඒ අනුව ඊයේ දිනය වනවිට පෑන් ඒෂියා බැංකුවෙහි මහජන කොටස් හිමිකාරීත්වය සියයට 60.01ක් ලෙස, මේ වසරේ ජූනි 30 වැනිදා පැවැති සියයට 55.01 සිට සියයට 5කින් ඉහළ ගොස් තිබේ. මහජන කොටස්හිමිකරුවන් 7,999ක් අතර එම කොටස් බෙදී ගොස් තිබුණි. පෑන් ඒෂියා බැංකුවේ වැඩිම තනි කොටස් හිමිකාරීත්වය වන කොටස් 132,724,230ක් එනම් සියයට 29.99ක් හිමිව ඇත්තේ ධම්මික පෙරේරා මහතාටයි.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෑන් ඒෂියා බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා කොටස් මිලියන 22.1ක් විකුණයි