IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාත්ෆයින්ඩර් පදනම ඉන්දියාවේ අක්ෂේයා පත්‍ර පදනම සමග අවබෝධතා ගිවිසුමක

පාත්ෆයින්ඩර් පදනම ඉන්දියාවේ අක්ෂේයා පත්‍ර පදනම සමග අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අත්සන් කළේය. ඉන්දියාවේ බැංගලෝරය කේන්ද්‍ර කරගත් එම සංවිධානය ලාබ නොලබන ආයතනයකි. 
පාසල් දරුවන් සඳහා නොමිලේ ආහාර දිනපතා සපයන ලෝකයේ විශාලතම ආයතනය වන අක්ෂේයා පත්‍ර පදනම ඉන්දියාවේ ප්‍රාන්ත 16 ක හා ප්‍රධාන නගර 3ක පාසල් 23,581 ක පාසල් දරුවන් මිලියන 2.25 කට නොමිලේ දිවා ආහාරය සපයන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මෙම කර්තව්‍ය සඳහා ස්ථාන 78 ක මෙහෙයුම් මුළුතැන්ගෙවල් සහිතය. සමස්ත වැඩසටහන අන්තර් ජාතික ප්‍රමිති සහතික අනුව පවතී. ඉන්දීය රජය ක්‍රියාත්මක කරන ප්‍රධාන මන්ත්‍රී පෝෂණ ශක්ති වැඩසටහනෙහි ප්‍රධාන හවුල්කරු වශයෙන් ද ක්‍රියාකරන අතර ආහාර වැඩසටහන සඳහා ඉන්දීය දානපතියන් හා ප්‍රධාන ව්‍යවසායකයන් සම්බන්ධ වී සිටී.
මිලින්ද මොරගොඩ මහතා පසුගිය දා බැංගලෝරයෙහි පිහිටි අක්ෂේයා පත්‍ර මුලස්ථානයේ දී එහි සභාපති මධු පණ්ඩිත් දාස් මහතා මුණ ගැසුණි. ශ්‍රී ලංකාවේ දී තෝරාගත් පාසල් කිහිපයක ආදර්ශ වැඩසටහනක් ලෙස දිවා ආහාරවේලක් සැපයීමට ඇති හැකියාව ගැන එහි දී සාකච්ඡා කර තිබේ. මෙම ගිවිසුම අනුව පාත්ෆයින්ඩර් පදනම කොළඹ නගරයේ තෝරාගත් පාසල් සඳහා දිවා ආහාර පිරිනමන ආදර්ශ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ආහාර සකස් කිරීම හා බෙදාහැරීම සඳහා අවශ්‍ය අනුග්‍රහය සැපැයීමට සඳහා අක්ෂෙයා පත්‍ර පදනම මෙම ගිවිසුම අනුව කැමැත්ත පළ කොට ඇත. 
එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක කේ. බාලසුන්දරම් සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක යන මහත්වරු මෙම ගිවිසුමට පෑලියගොඩ පිහිටි පාත්ෆයින්ඩර් පදනම මුලස්ථානයේ දී අත්සන් කළ අතර ආක්ෂේයා පත්‍ර පදනම වෙනුවෙන් එහි විධායක නිලධාරීන්වන සංචලාපති දාස් සහ සිවා සුවීර් සනිදාස් යන මහත්වරු බැංගලෝර්හි කාර්යාලයේ සිට මෙම ගිවිසුමට අත්සන් තැබූහ.



අදහස් (0)

පාත්ෆයින්ඩර් පදනම ඉන්දියාවේ අක්ෂේයා පත්‍ර පදනම සමග අවබෝධතා ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site