ශ්රී ලාංකික පාරිභෝගිකයන්ට, ඇගලුම් නිෂ්පාදකයන්ට සහ වෙළෙඳුන්ට පාකිස්තානයේ පළමු අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයට නොමිලේ ලියාපදිංචි විය හැකි යැයි කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය සළකා බලමින් පාකිස්තාන වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහාය ඇතිව පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය මෙම අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කරයි.
පාකිස්තානය අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයක් සංවිධානය කරන පළමු අවස්ථාව මෙය වන අතර එය ලබන මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම අන්තර්ජාල ප්‍රදර්ශනය පැය 24 මුළුල්ලේ විවෘතව පවතී. ලොවපුරා සිටින පාරිභෝගිකයන්ට තමන්ගේ කාර්යාල සහ නිවෙස්වල සිටිමින් මෙම අවස්ථාවට සහභාගී වීමට හැකි ය.
පාකිස්තානයේ ඇගලුම් නිෂ්පාදනය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ගෘහ ඇඳුම්, ඉහළ විලාසිතා ඇඳුම් සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ වලින් මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.
මෙම ප්‍රදර්ශනයේ, වීඩියෝ සහ ශ්‍රව්‍ය තාක්‍ෂණය තුළින් ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට පාකිස්තාන නිෂ්පාදකයන් සමඟ සම්බන්ධ විය හැක. මෙම ප්‍රදර්ශනයේ, ඩිජිටල් ව්‍යාපාර හුවමාරුව, ප්‍රදර්ශන කණ්ඩායම සමඟ අන්තර් ක්‍රියා කිරීමේ හැකියාව සහ වීඩියෝ සහ ඡායාරූප තාක්‍ෂණය තුළින් සියලු වර්ගවල නිෂ්පාදන සවිස්තරාත්මකව ප්‍රදර්ශනය කිරීම අඩංගු වේ. ගෝලීය ඇගලුම් වෙළෙඳපොළේ ප්‍රධාන ප්‍රවණතා ඉස්මතු කරමින් ඇගලුම් කර්මාන්තය සහ විලාසිතා සංදර්ශන පිළිබඳ තොරතුරු සම්මන්ත්‍රණ ද මෙහිදී පැවැත්වේ.
055
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පාකිස්තාන අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකිකයන්ට දොර ඇරේ