IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නිවාසවලට පූර්ණ මූල්‍ය පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව- ප්‍රයිම් ලෑන්ඩ්ස් අත්වැල් බැඳගනියි

කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා සහ ප්‍රයිම් ලෑන්ඩ්ස් හි විධායක අධ්‍යක්ෂිකා ෂෙහානා බ්‍රහ්මණගේ මහත්මිය සමාගම් දෙකෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ඉදිරියේ ගිවිසුම හුවමාරු කර ගන්නා අවස්ථාව.


ශ්‍රී ලාංකිකයන්ට තම නිවාස සිහින සැබෑ කිරීමට තවත් අවස්ථාවක් සලසමින් කොමර්ෂල් බැංකුව ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ ප්‍රයිම් ලෑන්ඞ් රෙසිඩන්සීස් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. මෙහිදී ප්‍රයිම් සමූහය විසින් සංවර්ධනය කරන ලද නිවාස සංකීර්ණ ඒකක හෝ තනි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන්ට සියයට 100 දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දීමට බැංකුව එකඟ වී ඇත. 
නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස කොමර්ෂල් බැංකුව, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් සංවර්ධනය කරන ලද දේපළවල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට සංවර්ධකයා, ගැනුම්කරු සහ බැංකුව අතර ඇති කරගනු ලබන ත්‍රෛපාර්ශවිය ගිවිසුම් හරහා බාධාවකින් තොරව කොමර්ෂල් බැංකුවේ නිවාස ණය ලබා ගැනීමට අවකාශය ලබා දී ඇත.
“ප්‍රයිම් ලෑන්ඞ්ස් සහ ප්‍රයිම් ලෑන්ඞ් රෙසිඩන්සීස් සමඟ ඇතිකරගත් මෙම ගිවිසුම හරහා අපගේ නිවාස ණය සේවාව පුළුල් කිරීමට අවස්ථාවක් හිමි වන අතර බැංකුවේ මූල්‍ය ශක්තියෙන් සහ ප්‍රයිම් සමූහයේ ඉදිකිරීම්වල ගුණාත්මකභාවයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ නිවාස සිහින සැබෑ කරනවා.” යනුවෙන් මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ප්‍රයිම් සමූහය වසර 30 කට අධික විශ්වාසය සහ විශිෂ්ටත්වය ගොඩනගමින් 300,000 කට අධික ගනුදෙනුකරුවන් සමඟ ඉදිරියට පැමිණ ඇත. ඉඩම්, නිවාස, මූල්‍ය සහ නිවාස සංකීර්ණ ආශ්‍රිත අනුබද්ධිත සමාගම් වලින් සමන්විත ප්‍රයිම් සමූහය තම සදාහරිත දැක්ම ‘Committed to Creating a Better Place on Earth’ මූලිකත්වයක් දී කටයුතු කරයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපළ ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. 



අදහස් (0)

නිවාසවලට පූර්ණ මූල්‍ය පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව- ප්‍රයිම් ලෑන්ඩ්ස් අත්වැල් බැඳගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 90 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site