IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


නව ව්‍යාපාර සවිබල ගැන්වීමට NDB බැංකුව,Hatch සහ ජාතික ණය සුරැකුම් ආයතනය සමග හවුල් වේ

ජාතික ණය සුරැකුම් ආයතනය (NCGI) සහ හච් වර්ක්ස් සමග සහයෝගයෙන් යුතුව NDB බැංකුව, පසුගියදා කොළඹ හච් නවෝත්පාදන මධ්‍යස්ථානයේදී ශ‍්‍රී ලාංකික නැගී එන ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සුවිශේෂී සැසියක් සංවිධානය කරන ලදී. මෙම සැසිය හරහා ශ‍්‍රී ලංකාවේ නැගී එන නව ව්‍යාපාර සඳහා ජාතික ණය සුරැකුම්පත් ආයතනය විසින් සපයනු ලබන ණය පහසුකම් වල ඇති ප‍්‍රතිලාභ පිළිබඳව එම තරුණ ව්‍යවසායකයන් දැනුවත් කරන ලදී. මෙම මුලපිරීම, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණික අංශවල නැගී එන ව්‍යවසායකයන් සඳහා මූල්‍ය ප‍්‍රවේශය පුළුල් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය.

මෙම සැසියට කෘෂිකර්මාන්ත, නිෂ්පාදන, ඩිජිටල් විසඳුම් සහ අනෙකුත් සේවා ඇතුළු විවිධ කර්මාන්ත ආවරණය වන පරිදි නැඟී එන නව ව්‍යාපාර 40 කට අධික සංඛ්‍යාවක් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ද (SME) සහභාගී වූහ. මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වූයේ සාම්ප‍්‍රදායික ඇපකරයක් නොමැතිව ව්‍යවසායකයන්ට ව්‍යාපාර ණය ලබා ගැනීමට හැකි වන බලගැන්වීමේ පහසුකමක් වන ජාතික ණය සුරැකුම් යාන්ත‍්‍රණය පිළිබඳ එම ව්‍යවසායකයන් සඳහා අවබෝධයක් ලබාදීමයි. ව්‍යාපාරයකට NCGI ආයතනයේ ඇපකර සහාය ලැබුණු පසු, එම ඇපකරයම ණය පහසුකම සඳහා ආරක්ෂාවක් ලෙස තබමින්, නව ව්‍යාපාර සඳහා මූල්‍ය ප‍්‍රවේශය ලබාදෙයි.

මෙම සැසියේදී  NDB බැංකුව නියෝජනය කරමින් ව්‍යාපාර බැංකුකරණ අංශයේ ප‍්‍රධාන කළමනාකරු සහ කලාප ප‍්‍රධානී නිලේන්ද්‍ර විතානගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප‍්‍රතිමූල්‍යකරණ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුදේශ් ප‍්‍රනාන්දු යන මහත්වරු සහභාගී වූහ. ජාතික ණය සුරැකුම් ආයතනය නියෝජනය කරමින් එහි ප‍්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප‍්‍රනාන්දු මහතා සහ ණය සුරැකුම් පරිපාලන ප‍්‍රධානී හිමන්සු වික්‍රමසිංහ මහතා සහභාගී වූහ. හච් ආයතනය නියෝජනය කරමින් එහි ප‍්‍රධාන විධායක නිලධාරී මෙවන් පීරිස් මහතා සහභාගී විය.

සියළු දෙනාට ප‍්‍රවේශ විය හැකි මූල්‍ය සහකරුවකු සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගැන්වීමේ පුරෝගාමියකු ලෙස, භෘඊ NDB බැංකුව ඔවුන්ගේ වර්ධන ගමන් මගේ සෑම අදියරකදීම ව්‍යවසායකයන්ට සහාය වීමට කැපවී සිටී. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය වැනි වේගයෙන් වර්ධනය වන නවෝත්පාදන ප‍්‍රමුඛ අංශවල නිරත නැඟී එන නව ව්‍යාපාරවල අභියෝගවලට මුහුණදීම වෙනුවෙන්ම සකස් කරන ලද මූල්‍ය විසඳුම් ද ලබා දෙයි. NCGI ආයතනය සහ හච් වැනි ඉදිරි චින්තන දැක්මක් සහිත ආයතනවල සහාය ඇතිව, රටේ ආර්ථිකයේ අනාගතය හැඩගැස්වීමට සූදානම් වන ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන්ගේ අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව සිය සේවා පුළුල් කරමින් සිටී.

මෙම සුවිශේෂී මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ නිලේන්ද්‍ර විතානගේ මහතා මෙසේ පැවසීය, ‘NCGI ආයතනය සහ හච් ආයතනය සමඟ ගොඩනඟාගත් මෙම හවුල්කාරිත්වය ශ‍්‍රී ලංකාවේ නැගී එන ව්‍යාපාරවල ඇති හැකියාව පිළිබඳ අපගේ විශ්වාසය පිළිබිඹු කරයි. බොහෝ නව ව්‍යාපාර සඳහා, විශේෂයෙන් සාම්ප‍්‍රදායික වත්කම් හෝ ඇපකර නොමැතිව මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ඇති ප‍්‍රවේශය ප‍්‍රධාන බාධකයක් බව අපි අවබෝධ කරගත්තෙමු. NCGI ඇපකරය මෙම තත්වය පරිවර්තනය කරන අතර, එම ව්‍යාපාර වලට අවැසි මූල්‍ය පහසුකම් සඳහා ප‍්‍රවේශ වීමට ඉඩ සැලසීමට හැකිවීම පිළිබඳ අපි ආඩම්බර වෙමු.’

NDB  බැංකුව, NCGI ආයතනය සහ හච් ආයතනය ඇති කරගත් මෙම සහයෝගීතාව ඉදිරි මාසවලදී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, දිවයින පුරා ව්‍යවසායක ප‍්‍රජාවට තවදුරටත් දැනුම බෙදා ගැනීමේ සැසි සහ මූල්‍ය ප‍්‍රවේශ්‍යතා වැඩසටහන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙම ආයතන එක්ව, නවෝත්පාදනවලට සහාය වන සහ මූල්‍ය විසඳුම් වෙත පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි, ආරක්ෂිත සහ තිරසාර වන සියලූ දෙනාම ඇතුළත් පරිසර පද්ධතියක් ගොඩනඟමින් සිටී.



අදහස් (0)

නව ව්‍යාපාර සවිබල ගැන්වීමට NDB බැංකුව,Hatch සහ ජාතික ණය සුරැකුම් ආයතනය සමග හවුල් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 463 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16954 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site