IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නව ණය ශ්‍රේණිගත කිරීම් සමඟ එකඟ වෙන්නේ නැතැයි මහබැංකුවෙන් නිවේදනයක්

හර්ෂණ තුෂාර සිල්වා
 
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනවල නව ශ්‍රේණිගත කිරීම් සමඟ එකඟ නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
 
ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට ගත් තීරණවලින් රටේ සාර්ව ආර්ථික මූලධර්ම නිසි ලෙස පිළිබිඹු නොවන බවත් සාර්ව ආර්ථික මූලධර්මවලින් පිළිබිඹු වන සාධකවලට පටහැනිව එම ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව එම නිවේදනයෙන් පෙන්වාදෙයි. 
 
එම නිසා කරන ලද ශ්‍රේණිගත කිරීම් සාධාරණ නැතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
 
ඉකුත් සති තුනක කාලයේදී ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක් වන මූඩීස්, ෆිච් සහ එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් ආයතන ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළ මට්ටම්වලට දැමීය.
 
දෙසැම්බර් 3 වැනිදා ෆිච් රේටින්ග්ස් සහ දෙසැම්බර් 4 වැනිදා එස්.ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් ආයතන මෙරට දිගුකාලීන විදෙස් ණය ශ්‍රේණිගත කිරීම් ‘බී+ (ස්ථාවර) සිට ‘බී (ස්ථාවර) දක්වා පහත හෙළීමට පියවර ගත් අතර මූඩීස් ආයෝජන සේවා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම් බී1 (ඍණ) සිට බී2 (ස්ථාවර) මට්ටම දක්වා පහත දැමීය.
 
වත්මන් දේශපාලන අර්බුදය හමුවේ වුවද විශේෂයෙන්ම මූල්‍ය අවශ්‍යතා සහ ණය ආපසු ගෙවීමේ වගකීම් ඇතුළුව ආර්ථිකය මත ඇතිවිය හැකි ඕනෑම බලපෑමක් අවම කිරීම සඳහා මහ බැංකුව සහ රජය ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
 
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මූල්‍ය අංශ දේශීය සහ විදේශීය අවදානම්වලට සාර්ථකව මුහුණදීමට හැකි මට්ටමේ පවතින බව තවදුරටත් අවධාරණය කළ යුතු යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කර ඇත. 
 



අදහස් (0)

නව ණය ශ්‍රේණිගත කිරීම් සමඟ එකඟ වෙන්නේ නැතැයි මහබැංකුවෙන් නිවේදනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 33 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site