නෝර්වීජියානු රාජ්‍ය නාවික හමුදාවේ ෆ්‍රිජිඩොර්ෆ් නැන්සන් පන්තියේ HNoMS Roald Amundsen ආරක්ෂක නෞකාව පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පැමිණියේය.
එම ආරක්ෂක නෞකාව, ඉන්ධන පිරවීම සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවා සඳහා වරායට පැමිණ ඇත. මෙම පැමිණීම, කලාපයේ වාණිජ සහ නාවික යාත්‍රා සඳහා විශ්වාසදායක සහ කාර්යක්ෂම සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස HIP හි වැඩෙමින් පවතින කීර්තිය තහවුරු කරයි.
නෝර්වීජියානු රාජ්‍ය නාවික හමුදාව වෙත සිය සේවා ලබාදීමට හැකිවීම පිළිබඳ තම සතුට පළ කළ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කළමනාකාරිත්වය, ඉහළ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවෙන් යුතු උසස් ප්‍රමිතියේ සේවා සැපයීමෙන් ගෝලීය සමුද්‍ර මෙහෙයුම් සඳහා සහාය වීමට කැපවී සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd