නොරච්චෝලේ ගල් අගුරු බලාගාරයට වඩා සාම්පූර් ගල් අගුරු බලාගාරයේ කාර්යක්ෂමතාව අඩුයැයි පැතිර යන කටකතා වල කිසිදු
සත්‍යතාවක් නැතැයි විදුලිබල මණ්ඩලය කියයි.
සාම්පූර් බලාගාරයේ සැළැසුම් තවමත් සම්පූර්ණ කර නොමැති බව සදහන් කරනා විදුලිබල මණ්ඩලයේ ආයතනික මූලෝපායන් අංශයේ අතිරේක කළමණාකාර ජෙනරාල් බන්දුල තිලකසේන මහතා පවසන්නේ සාම්පූර් බලාගාරය කිසිලෙසකින්වත් නොරච්චෝලේ බලාගාරයට වඩා අඩු කාර්යක්ෂමතාවයකින් යුතු වනසේ ඉදිකිරීමට කිසිදු වුවමනාවක් නැති බවයි.
සාම්පූර් බලාගාරයේ ඉදිකෙරෙනුයේ ඉන්දීය රජයේ අනුග‍්‍රහයෙනි.දැනටමත් බලාගාරයේ මූලික ඉදිකිරීම් සදහා සමාගමක් තෝරාගෙනත් අවසන් බව තිලකසේන මහතා සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාසිරිත් දැන් අපේ පැත්තෙනේ. කිසිම කරච්චලයක් නැහැ (නි)
තියෙන දේවල් නිසි පාවිච්චියට නොගෙන පුළුවන් තරම් අලුත් අලුත් දේවල් වියදමට එකතු කලොත් තමා කාට කාටත් කීය කීය හරි හම්බ කරගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවා ඇතිනේ මහා ජනතාවට මං කියපු දේ ? (නි)
ඔය සේරම දේවල් වලට වැඩිය නරකද සුර්ය තාපය ලබගත්තා නම්.මුලික වියදම පමණි.විදුලි බිලක් කියලා දෙයක් ඇත්තෙ නැහැ. වෙනදා බිල් ගෙවන මණ්ඩලය දැන් වැඩිපුර නිපදවෙන ප්‍රමාණයට මට මුදල් ගෙවනවා. දැන් බටහිර රටවල ජනප්‍රියම ක්‍රමය. (නි)
2013.08.16 දින සිට දින 40 ක් නොරොච්චෝලේ වසා ඇත . කිසිම කරච්චලයක් නොමැත. දිගුකලක් විදුලිය දුන් නොරොච්චෝලේ.(නදී)
නොරොච්චෝලේ අදුරන්නෙත් නැහැ කරච්චලේ හදුනන්නෙත් නැති කාලයක්ද මේක? දැන් දවස් තුනක් වෙනවා මේක කැඩිලා දිනක පාඩුව කෝටි දාහක් පනිනවා කාටවත් කරච්චලයක් නැද්ද හැබැට නැත්නම් ඔලුටිකට මොකවත් වෙලාද ඔහෙලගේ.(නදී)
යු. අන්.පි. එකේ ඉතුරු වෙලා ඉන්න කීප දෙනාත් එකතු කරගෙන (රනිලුත් එක්ක.) රට.ජාතිය.සහ ආගම බේරා ගන්න වැඩ පිළිවෙලක් පටන්ගන්න. විරුද්ධ පක්ෂයක් ඕනෙම නැහැ.දැන් එහෙමෙ එකක් නැහැනේ? නැත්නම් නොරොච්චෝල නෙවේ ලංකාවම අපට නැති වෙනවා.(නදී)
එච්චරයි අපිටත් ඕනෑ (නි)
කරච්චලයක් නැත්නම් අපිත් සතුටුයි (නි)
දැන්වත් හරි සැළසුම් හදා ගන්න. (නි)
නොරොච්චෝලේ හැදුවා, ඒක කෑවා. වරාය හැදුවා මුහුද කෑවා. මත්තල හැදුවා, කුරුල්ලෝ එලෙව්වා. සාම්පුර් හදලා මොනවා කන්නද දන්නේ නැහැ (නි)
හොදට වැස්ස ලැබුණ කාලයට ඔය බලාගාර හරි හොදයි.පායන කාලෙට තමයි වැඩේ තේරෙන්නේ. දැන් හොදම දේ තමයි ඔවැනි දේ නැහැ කියලා හිතාගෙන ඉන්න එක. (නි)
ගල් අඟුරු හා ඉන්දන බලෙන් ක්‍රියා කරන විදුලි බලාගාර රටේ ජාතික ධනය කාබාසිනියා කරන සුදු අලින්.මේ රටට උචිත වන්නේ ජල විදුලි බලාගාර මෙන්ම ස්වාභාවික හුලං බලය උපයෝගී කරමින් උත්පාදනය කරන විදුලියයි. න්‍යෂ්ටික විදුලිය භාවිතා කිරීමට නම් ජපන් තාක්ෂණය උපයෝගී කරගැනීම කාලෝචිතයි.න්‍යෂ්ටික විදුලි බලාගාර සඳහා ඉන්දියානු රජය තමිල්නාඩුවට ද අනුමැතිය ලබා දී ඇත.යල් පැනගිය ක්‍රම වලින් බැහැරව නවීන තාක්ෂණය කෙරෙහි රජයේ අවධානය යොමු කිරීම අනාගත පරම්පරාවට කරනු ලබන ශුභ සිද්ධියක්!! (නි)
කරච්චලයක් නැහැ කිව්වේ එන්ජිම නවත්තලද? (නි)
කමක් නැහැ දැනට ඔහොම යමුකෝ (නි)
රට හදන්න පුලුවන් කම තියෙද්දි රට හදන්න. හැම කෙනාටම තියෙන්නේ එකම අයිතිවාසිකම තමයි.(නදී)
රට තුල විදේශ විනිමය වැය නොකොට විදුලිය ලබාගැනීමට ක්‍රම තිබියදී මේ කරන විනාසය කාගේ වුවමනාවට කරනවාද ජනතාව නොදනී .හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩිවලට හෙනගහලද මිනිසුන්ගේ. (දී)
මේ හැමදෙයක්ම කරනේ සැලැස්මක් නැතිවද ? (ස)
ඔහොම යන් රට කා පරපුර හදමු!! ජනතාව කබලෙන් ලිපට ඉදිරි දැක්ම නය වැඩි කරීමයි (අ)
නොරොච්චෝලේ හදන්න කලින් ඇමති කෙනෙක් කිවුවා යුනිට් එකක් ශත 50කට දෙන්න පුළුවන් කියලා. මතකයිද? (නි)
නොරොච්චෝලෙත් දැනට ඔය කියන තරම් කර්යක්ෂමතාවක් නැහැනේ නේද ? (නි)
ඕක ඉතින් පටන්ගන්න ඉස්සෙල්ලම ඉදන් කරච්චලේනේ. රට තවත් ණයකාරයෙක් වුනා විතරයි ලෝකෙට. (නි)