නොරච්චෝලේ ගල් අගුරු බලාගාරයට වඩා සාම්පූර් ගල් අගුරු බලාගාරයේ කාර්යක්ෂමතාව අඩුයැයි පැතිර යන කටකතා වල කිසිදු
සත්‍යතාවක් නැතැයි විදුලිබල මණ්ඩලය කියයි.
සාම්පූර් බලාගාරයේ සැළැසුම් තවමත් සම්පූර්ණ කර නොමැති බව සදහන් කරනා විදුලිබල මණ්ඩලයේ ආයතනික මූලෝපායන් අංශයේ අතිරේක කළමණාකාර ජෙනරාල් බන්දුල තිලකසේන මහතා පවසන්නේ සාම්පූර් බලාගාරය කිසිලෙසකින්වත් නොරච්චෝලේ බලාගාරයට වඩා අඩු කාර්යක්ෂමතාවයකින් යුතු වනසේ ඉදිකිරීමට කිසිදු වුවමනාවක් නැති බවයි.
සාම්පූර් බලාගාරයේ ඉදිකෙරෙනුයේ ඉන්දීය රජයේ අනුග‍්‍රහයෙනි.දැනටමත් බලාගාරයේ මූලික ඉදිකිරීම් සදහා සමාගමක් තෝරාගෙනත් අවසන් බව තිලකසේන මහතා සදහන් කරයි.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නොරොච්චෝලේ කරච්චලයක් නැතිලු
වරුණ Wednesday, 10 July 2013 07:29 AM
ඕක ඉතින් පටන්ගන්න ඉස්සෙල්ලම ඉදන් කරච්චලේනේ. රට තවත් ණයකාරයෙක් වුනා විතරයි ලෝකෙට. (නි)
ප්‍රසාද් Wednesday, 07 August 2013 06:41 AM
දැන්වත් හරි සැළසුම් හදා ගන්න. (නි)
චන්ද්‍රා Wednesday, 21 August 2013 06:08 AM
ඔය සේරම දේවල් වලට වැඩිය නරකද සුර්ය තාපය ලබගත්තා නම්.මුලික වියදම පමණි.විදුලි බිලක් කියලා දෙයක් ඇත්තෙ නැහැ. වෙනදා බිල් ගෙවන මණ්ඩලය දැන් වැඩිපුර නිපදවෙන ප්‍රමාණයට මට මුදල් ගෙවනවා. දැන් බටහිර රටවල ජනප්‍රියම ක්‍රමය. (නි)
අස්මිත් Tuesday, 13 August 2013 08:33 PM
නොරොච්චෝලේ අදුරන්නෙත් නැහැ කරච්චලේ හදුනන්නෙත් නැති කාලයක්ද මේක? දැන් දවස් තුනක් වෙනවා මේක කැඩිලා දිනක පාඩුව කෝටි දාහක් පනිනවා කාටවත් කරච්චලයක් නැද්ද හැබැට නැත්නම් ඔලුටිකට මොකවත් වෙලාද ඔහෙලගේ.(නදී)
සිල්වා Saturday, 13 July 2013 02:54 PM
ඔහොම යන් රට කා පරපුර හදමු!! ජනතාව කබලෙන් ලිපට ඉදිරි දැක්ම නය වැඩි කරීමයි (අ)
නිමල් ජයසිංහ Thursday, 01 August 2013 08:17 AM
හොදට වැස්ස ලැබුණ කාලයට ඔය බලාගාර හරි හොදයි.පායන කාලෙට තමයි වැඩේ තේරෙන්නේ. දැන් හොදම දේ තමයි ඔවැනි දේ නැහැ කියලා හිතාගෙන ඉන්න එක. (නි)
ගයන්ත Saturday, 13 July 2013 02:54 PM
මේ හැමදෙයක්ම කරනේ සැලැස්මක් නැතිවද ? (ස)
ගුණතිලක Sunday, 28 July 2013 11:42 AM
කමක් නැහැ දැනට ඔහොම යමුකෝ (නි)
රසාංජන Saturday, 10 August 2013 11:52 PM
එච්චරයි අපිටත් ඕනෑ (නි)
කුමාර Friday, 12 July 2013 07:42 PM
නොරොච්චෝලේ හදන්න කලින් ඇමති කෙනෙක් කිවුවා යුනිට් එකක් ශත 50කට දෙන්න පුළුවන් කියලා. මතකයිද? (නි)
ඩෙනම් Wednesday, 21 August 2013 03:45 PM
තියෙන දේවල් නිසි පාවිච්චියට නොගෙන පුළුවන් තරම් අලුත් අලුත් දේවල් වියදමට එකතු කලොත් තමා කාට කාටත් කීය කීය හරි හම්බ කරගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවා ඇතිනේ මහා ජනතාවට මං කියපු දේ ? (නි)
දයා අළහකෝන් Tuesday, 30 July 2013 11:41 AM
දයාසිරිත් දැන් අපේ පැත්තෙනේ. කිසිම කරච්චලයක් නැහැ (නි)
අජිත් කරුණාරත්න Monday, 29 July 2013 07:15 PM
කරච්චලයක් නැහැ කිව්වේ එන්ජිම නවත්තලද? (නි)
මහේෂ් Thursday, 01 August 2013 09:46 AM
නොරොච්චෝලේ හැදුවා, ඒක කෑවා. වරාය හැදුවා මුහුද කෑවා. මත්තල හැදුවා, කුරුල්ලෝ එලෙව්වා. සාම්පුර් හදලා මොනවා කන්නද දන්නේ නැහැ (නි)
පිටිගල Sunday, 11 August 2013 03:10 PM
යු. අන්.පි. එකේ ඉතුරු වෙලා ඉන්න කීප දෙනාත් එකතු කරගෙන (රනිලුත් එක්ක.) රට.ජාතිය.සහ ආගම බේරා ගන්න වැඩ පිළිවෙලක් පටන්ගන්න. විරුද්ධ පක්ෂයක් ඕනෙම නැහැ.දැන් එහෙමෙ එකක් නැහැනේ? නැත්නම් නොරොච්චෝල නෙවේ ලංකාවම අපට නැති වෙනවා.(නදී)
පෙරේරා Friday, 16 August 2013 08:49 PM
2013.08.16 දින සිට දින 40 ක් නොරොච්චෝලේ වසා ඇත . කිසිම කරච්චලයක් නොමැත. දිගුකලක් විදුලිය දුන් නොරොච්චෝලේ.(නදී)
සුසා Friday, 09 August 2013 06:27 PM
කරච්චලයක් නැත්නම් අපිත් සතුටුයි (නි)
ගාමිණී-සිරි Tuesday, 09 July 2013 11:34 PM
ගල් අඟුරු හා ඉන්දන බලෙන් ක්‍රියා කරන විදුලි බලාගාර රටේ ජාතික ධනය කාබාසිනියා කරන සුදු අලින්.මේ රටට උචිත වන්නේ ජල විදුලි බලාගාර මෙන්ම ස්වාභාවික හුලං බලය උපයෝගී කරමින් උත්පාදනය කරන විදුලියයි. න්‍යෂ්ටික විදුලිය භාවිතා කිරීමට නම් ජපන් තාක්ෂණය උපයෝගී කරගැනීම කාලෝචිතයි.න්‍යෂ්ටික විදුලි බලාගාර සඳහා ඉන්දියානු රජය තමිල්නාඩුවට ද අනුමැතිය ලබා දී ඇත.යල් පැනගිය ක්‍රම වලින් බැහැරව නවීන තාක්ෂණය කෙරෙහි රජයේ අවධානය යොමු කිරීම අනාගත පරම්පරාවට කරනු ලබන ශුභ සිද්ධියක්!! (නි)
මැක්ෂි Sunday, 21 July 2013 02:59 AM
රට හදන්න පුලුවන් කම තියෙද්දි රට හදන්න. හැම කෙනාටම තියෙන්නේ එකම අයිතිවාසිකම තමයි.(නදී)
ඩී.උපුල් Thursday, 11 July 2013 02:07 PM
නොරොච්චෝලෙත් දැනට ඔය කියන තරම් කර්යක්ෂමතාවක් නැහැනේ නේද ? (නි)
සරත් Tuesday, 16 July 2013 12:09 PM
රට තුල විදේශ විනිමය වැය නොකොට විදුලිය ලබාගැනීමට ක්‍රම තිබියදී මේ කරන විනාසය කාගේ වුවමනාවට කරනවාද ජනතාව නොදනී .හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩිවලට හෙනගහලද මිනිසුන්ගේ. (දී)