(රොමේෂ් මධුෂංඛ)
පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රික්කයේ පැවති දැඩි නියඟය නිසා යාපනයේ රතු ළූණු වගා කළ ගොවි බිමෙන් හෙක්ටයාර් 1980 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයේ ඉලවාලී, උරුම්පිරායි, මාදගල්, යන පළාත්වල රතුලූනු වගාවන්ට තදබල ලෙස හානි සිදුව ඇති අතර එම පළාත්වල ගොවීන් විසින් රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු වලින් ලබාගෙන ඇති ණය මුදල් සම්බන්ධයෙන් යම් සහනයක් සලසා දෙන මෙන් ගොවි සංවිධාන විසින් දිසාපති වරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද දැනුම් දී තිබේ.
යාපනයේ ගොවීන් විශාල ප්‍රමාණයක් මෙවර රතු ළූණු වගා කර ඇත්තේ අර්තාපල් වගා කිරීමට ඉල්ලා සිටි බීජ අර්තාපල් ඔවුන්ට නියමිත පරිදි නොලැබීමෙන් පසුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ සඳහා ලබාදුන් විකල්ප බෝගය රතු ලුණු වීම නිසාවෙනි.
අර්තාපල් වගා කළ ගොවීන්ට ඉතා හොඳ අස්වැන්නක් ලැබුණු අතර යාපනයේ අර්තාපල් අස්වැන්න නෙලන ලද කාලයේදී රජය ආනයනික අර්තාපල් සඳහා බදු මුදල් වැඩි කිරීම නිසා යාපනයේ ගොවීන්ට හොද මිලකට අර්තාපල් අලෙවි කරගැනීමට හැකි විණි.
නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත යාපනයේ රතු ලූණු වගා කළ ගොවීන්ගේ වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වීම නිසා ඔවුන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති අතර ඔවුන්ගේ ගැටලුවට අවධානය යොමු කරවන ලෙසටද තමන්ට කිසියම් සාධාරණයක් ලබා දෙන ලෙසටද ගොවීහු ඉල්ලා සිටිති.




2025 දෙසැම්බර් මස 04
532
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නියඟයෙන් යාපනයේ රතුලූනු වගා විනාශයි