IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණයට ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රසාදය

විමුක්ති එස් රුද්‍රිගු
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ ක්‍රමය යටතේ පැවැති නීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බවත් නව නීති ලබන වසරේ මුල සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත් ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
වෙළෙඳපොළ විවෘතභාවය සහ නම්‍යශීලීතාවය වැඩිදියුණු කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ කැපවීම ඉන් පිළිබිඹු වන බවත් බ්‍රිතාන්‍ය ගත් මෙම තීරණය ශ්‍රී ලංකා අපනයනකරුවන්ට බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ සඳහා වන ප්‍රවේශය තවත් පුළුල් වන බවත් ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. නව සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ ක්‍රමය යටතේ බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට තීරු බදු රහිත ප්‍රවේශය තහවුරු කර ගන්නා අතරම මෙරට ඇඟලු‍ම් නිෂ්පාදකයන්ට ඒ ඒ නිෂ්පාදන සඳහා සියයට සියයක් දක්වා ගෝලීයව අමුද්‍රව්‍ය ලබා ගැනීමට හැකියාව ලබාදෙන බවද වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
නව ක්‍රමය පිළිබඳව හොඳින් අධ්‍යනය කරන ලෙසත් ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසත් මෙරට අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. මේ පිළිබඳව පෞද්ගලික අංශය දැනුවත් කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ රජය සමග කටයුතු කරනු ඇතැයිද එම මණ්ඩලය ප්‍රකාශ කළේය.



අදහස් (0)

නීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණයට ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රසාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site