IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


දුෂණය තුරන් කිරීම - යහපත් පාලනය තිරසාර ආර්ථිකයට අත්‍යාවශ්‍යයි

ලංකාවේ දූෂණ විරෝධී යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට ජපානයෙන් ඩොලර් මිලියන 2.5 ක්
වංචා හා දූෂණ රාජ්‍ය ආයතන කෙරෙහි ඇති විශ්වාසය අඩපණ කර ආයෝජකයන් පළවා හරිනවා
ඕනෑම ව්‍යාපාරික සමාජයක මූලික යටිතල පහසුකම් අත්‍යවශ්‍ය අංගයක්
මැදි කාලීන හා දිගු කාලීන ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් ලංකාවේ ක්‍රියාත්මක වන අයුරැ දැකීමට ජපානය කැමැත්තෙන්
වංචා හා දූෂණය අත්‍යාවශ්‍ය සේවා සඳහා යොමුකළ යුතු සම්පත් වෙනතකට යොමුකර දුප්පත්කම ඉහළ දමනවා


විමුක්ති එස්. රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමටා


 

ව්‍යාපාරවලට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ ඇති කරමින් විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම මෙරට ධනාත්මක කල් පවතින ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් බව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමටා මහතා පැවැසුවේය.
නව රජයේ උත්සාහය කෙරෙහි ඉහළ ගෞරවයක් සහ ඉහළ අපේක්ෂා සහිතව, ජපානය ශ්‍රී ලංකාවේ සමාජ භූ දර්ශනයේ සිදුවන වෙනස්කම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සිටින බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා ප්‍රකාශ කර සිටියේ, දූෂණය නැති කිරීම සහ යහපත් රාජ්‍ය පාලනය තරගකාරී, තිරසාර ආර්ථිකයට අත්‍යාවශ්‍ය සාධක දෙකක් බවය. එය ඕනෑම ව්‍යාපාරික සමාජයක ඉතා මූලික යටිතල පහසුකම්වල අත්‍යවශ්‍ය අංගයක් බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය. එක් එක් අංශය පදනම් කරගත් කර්මාන්ත ප්‍රවර්ධන ප්‍රතිපත්තියක් ඇතුළු මැදි කාලීන හා දිගු කාලීන ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අයුරු දැකීමට ජපානය කැමැති බවත්, එමගින් ශ්‍රී ලංකාවේ නව ආයෝජන කිරීමට තිබෙන අවස්ථා මොනවාද යන්න ආයෝජකයන්ට හැකියාව ලැබෙන බවත් ඉසොමාටා මහතා පැවැසුවේය. මෙම කටයුතු සියල්ල කිරීමේදී ජපානය ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.
වංචා හා දූෂණ රාජ්‍ය ආයතන කෙරෙහි ඇති විශ්වාසය අඩපණ කරන බවත්, ආයෝජකයන් පළවා හරින බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය. වංචා හා දූෂණය අත්‍යාවශ්‍ය සේවා සඳහා යොමුකළ යුතු සම්පත් වෙනතකට යොමුකරන බවත්, දුප්පත්කම ඉහළ දමන බවත් ඉසොමටා මහතා පැවැසුවේය. 
එසේම වංචා හා දූෂණ නීතියේ ආධිපත්‍ය දුර්වල කරන බවත්, මහජන සෞඛ්‍යයට තර්ජනයක් එල්ල කරන බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය. එම කරුණු සමාජ අස්ථාවරත්වයට, නොසන්සුන්තාවට සහ ප්‍රචණ්ඩත්වයට හේතු විය හැකි බවද ඔහු පැවැසුවේය. අවසාන වශයෙන්, දූෂණය ප්‍රජාවගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ තිරසාර සංවර්ධනයට තර්ජනයක් බවද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සඳහා ජපානය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් ලබා දුන් බව නිවේදනය කරමින් ජපාන තානාපතිවරයා මෙම අදහස් පළ කළේය. රාජ්‍ය පාලනයේ මෙන්ම ව්‍යාපාර භාවිතයන්හි විනිවිදභාවය, අඛණ්ඩතාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීමේ වසර තුනක ව්‍යාපෘතියක් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල එම මුදල යොදා ගනු ඇතැයිද ජපාන තානාපති කාර්යාලය පැවැසුවේය. ‘‘දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමෙන් දූෂිත ක්‍රියාවලට නඩු පැවරීම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’’ ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වන බවද ජපාන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
දූෂණයට අදාළ විමර්ශන ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා ආයතන ශක්තිමත් කිරීම, කොටස්කරුවන් සමග සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නඩු පැවරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, දූෂණයට එරෙහිව ඵලදායී ලෙස බලමුලු‍ ගැන්වීමට සහ සමාජ වගවීම වැඩි දියුණු කිරීමට පුරවැසියන් බල ගැන්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවද ජපාන තානාපති කාර්යාලය පැවැසුවේය.
දූෂණයට එරෙහි සටනට ක්‍රියාකාරීව දායක වීමට සහ අඛණ්ඩතාවේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට තරුණයන්, ළමයින් සහ මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමට මෙන්ම, ඔවුන් බලගැන්වීමටද මෙම ව්‍යාපෘතිය අපේක්ෂා කරන බව ජපාන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
ජපානය ලබාදුන් මූල්‍ය සහාය පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ අසූසා කුබෝටා මහත්මිය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව දූෂණයේ තොර කිරීම සඳහා යන ගමනේදී ජපාන රජය ලබාදුන් අරමුදල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සමග හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට හේතුවූ බවත්, එය සාමූහික ගමනක තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරන බවත්ය. 
මෙම ව්‍යාපෘතියේ අරමුණ වංචා හා දූෂණවලට එරෙහිව සටන් කිරීමේ ආයතන ශක්තිමත් කිරීම පමණක් නොවන බවත්, එමගින් ජනතාවට රාජ්‍ය ආයතන පිළිබඳව විශ්වාසය නැවත ඇතිවී මහ ජනතාව බලගැන්වෙනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
තිරසාර සංවර්ධනය සඳහා පද්ධතිමය බාධක ඉවත් කරමින් විනිවිදභාවය සහ වගවීමේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කරන සමාජයක් ගොඩ නැගීම 2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම හරහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන බලාපොරොත්තු වන බව කුබෝටා මහත්මිය පැවැසුවාය.



අදහස් (0)

දුෂණය තුරන් කිරීම - යහපත් පාලනය තිරසාර ආර්ථිකයට අත්‍යාවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site