විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ටින්මාළු අපනයන කිරීම ප්‍රථම වතාවට පසුගියදා ආරම්භ කළේය. මදුරන්කුලිය ”ඕෂන් ෆුඩ්ස්” කර්මාන්ත ශාලාවේ නිෂ්පදනය කළ මෙම ටින්මාළු තොගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කිරීම සඳහා පසුගිය 29 වැනිදා එම කර්මාන්ත පරිශ්‍රයෙන් පිටත් කර හැරියේය.
මෙම අවස්ථාව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එහිදී අදහස් දක්වමින් ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ටින්මාළු ජාත්‍යන්තර වෙළෙඳපොළේ අලෙවි කිරීම ආරම්භ වීම සන්ධිස්ථානයක් බවයි.
එක් බහාලුමකට ටින්මාළු කෑන් 48,000 ක් පැටවිය හැකි බවත් ඇමෙරිකානු ඩොලර් 38,000 ත් 40,000 ත් අතර මුදලක් එක් නැව්ගත කිරීමකින් ආදායමක් ලෙස උපයාගත හැකි බවත් ඇස්තමේන්තු කර ඇත. ශ්‍රී ලාංකිකයෝ දිනකට ටින්මාළු ටින් ලක්ෂ තුනක් පමණ පරිභෝජනයට ගනිති. දේශීය කර්මාන්තයට දිනකට ටින්මාළු ටින් ලක්ෂ පහක් පමණ නිපදවීමට ධාරිතාව තිබේ. මෙම අපනයන මුලපිරීමෙන් මෙම වසරේ රාජ්‍ය ආදායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 8 ක මුදලක් විදේශ විනිමය ලෙස එකතු කර ගැනීමට රජය බලාපොරොත්තු වේ.
ගුණාත්මකභාවය සහතික කිරීමටත්, පසු අස්වනු අහිමිවීම් අවම කිරීමටත් ඕෂන් ෆුඩ්ස් සමාගම අපනයනය සඳහා විධිමත් සැපයුම් දාමයක් හඳුන්වා දී ඇත. ධීවර බෝට්ටු අල්ලා ගන්නා මාළු අස්වැන්න දින දෙකක් තුළ ඕෂන් ෆුඩ්ස් සමාගමේ අධිශීතකරණ ගබඩා පහසුකම් වෙත රැගෙන යන අතර එතැනින් ආහාර සැපැයුම්ක් රියාදාමය වෙත රැගෙන යයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දේශීයව නිපදවූ ටින්මාළු ප්‍රථමවරට අපනයනය අරඹයි