
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දේශීය නිෂ්පාදකයා සවිබල ගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් තෝරාගත් දේශීය ව්‍යවසායකයන් වෙත "මේඩ් ඉන් ශ්‍රී ලංකා"(Made in Sri Lanka) ලාංඡනය ලබා දීම කොළඹ දී සිදු කෙරිණි.
නිෂ්පාදනයේ දේශීයත්වය නිරූපණය කිරීම සඳහා මෙම නිෂ්පාදන කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කරන අතර ඉන් 100% ප්‍රමාණයක්, ශ්‍රමය, තාක්ෂණය, අමුද්‍රව්‍ය සහ මානව සම්පත් දේශීයව භාවිතා කරන්නේ නම් එය 100% ක් දේශීය නිෂ්පාදනයක් ලෙස සලකා මම නිෂ්පාදන සඳහා මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංඡනය පිරිනැමීම මෙහිදී සිදු කෙරේ.
එසේ තෝරාගත් ව්‍යවසායකයින් පනස් දෙනෙකුට නොමිලේ මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංඡනය පිරිනැමීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා ඇතුළු එම අධිකාරියේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය දෙන සහතිකවල වටිනාකමක් තියෙනවද?
කවුද මේ..? මේ ඉස්සරහින් තියාගෙන ඉන්නේ? ඇත්තටම අපේ රට මෙච්චර බංකොළොත්ද?
දැන් ඔය සහතිකය දුන්නාම දේශීය ව්‍යවසායකයින් ආරක්ෂිතයිද? විමල් මහත්තයෝ. ඊට කලින් දේශීයව නිපදවිය හැකි අති විශාල ප්‍රමාණයක් වූ භාණ්ඩ සහ නිෂ්පාදන ආනයනය නවතලා හිටියොත් හොඳයි නේද? කොහු ලණු, ඉඳිකටු, ඇල්පෙනෙති කුඩා කොණ්ඩ කටු (ක්‍රේල් කටු) ඇතුළු දේශීයව නිපදවිය හැකි භාණ්ඩ චීනයෙන් ගෙන්වමින්, ඊට අමතරව දේශීයව වගා කළ හැකි බවබෝග, ඉන්දියාව, පාකිස්තානය ඇතුළු රටවලින් ගෙන්වමින් වෙනකක් තබා සියඹලා පවා තායිලන්තයෙන් ගෙන්වමින් කරනා මේ විනාශය පළමුව නවතා දමන්න. අපේ බොහොමයක් පාලකයින්ට අලි ගමන් කරනා මාවත් පෙනෙන්නේ නෑ. ඔවුන් දකින්නෙම කූඹින් ගමන් කරනා මාර්ග..
මොනවා කළත් හොඳක් නැති මිනිස්සු ඉන්න රටක් මේක... !!!
ඇයි මීට ඉස්සෙල්ලා ලංකාවේ නිෂ්පාදන වල ලිව්වේ ‘‘රෙද්ද‘‘ කියලා...?
වාහන ටයර් ගන්න ගියවෙලාවේ ලොකු ට්‍රක් ටයරයක මේඩ් ඉන් ශ්‍රීලංකා කියලා තිබෙනවා දැක්කාම විසාල සතුටක් ඇති වුණා. හැබැයි ප්‍රමිතිය ගැන නම් දන්නේ නැහැ.