IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දේශීය ටයර් කර්මාන්තය නැංවීමට වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය

ආරියරත්න රණබාහු
දේශීය ටයර් කර්මාන්තය නංවාලීම සඳහා උපාය මාර්ග සොයා බැලීමට වෙ​ෙළඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ටයර් නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්විණි.
ආර්ථික අභියෝග මධ්‍යයේ විදේශ විනිමය සංචිත සංරක්ෂණය සඳහා තීරණාත්මක පියවරක් ලෙස, ආනයනික ටයර් මත යැපීම අවම කිරීමේ අරමුණින් සහ දේශීය ටයර් කර්මාන්තයේ කැපී පෙනන අයුරින් නගා සිටුවීම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්විණි. මේ සම්බන්ධයෙන් වෙෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සිය නිල ෆෙස්බුක් ගිණුම ඔස්සේ ද සටහනක් පළ කරමින් පෙන්වා දුන්නේ, ආර්ථික අභියෝග ජය ගනිමින්, විනිමය සංචිත ඉතිරි කර ගැනීමට නම් දේශීය වෙළෙඳ සම්පත් නැංවිය යුතු බවය.


සාකච්ඡාව අතරතුරේ ටයර් ආනයනයේ ඉහළ පරිමාව පිළිබඳව සංගමය සිය කනස්සල්ල පළ කළ අතර, දේශීය නිෂ්පාදන තිබියදී පවා, වෙෙළඳ​ෙපාළ අතිරික්තයක් පැවැතීම ගැන අවධානය යොමු කළේය. “මෙම ගැටලු‍ව විසඳීම ටයර් නිෂ්පාදකයන්ගේ සංගමය, ටයර් ආනයනය සීමා කිරීම් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා. ඔවුන් පෙන්වා දුන්නේ, එවැනි ක්‍රියාමාර්ග දේශීය නිෂ්පාදකයන්ට සහය වනවා පමණක් නොව රටේ සීමිත විදේශ සංචිතවල මූල්‍ය පීඩනය අඩු කරනු ඇති බවයි.” යැයි අමාත්‍ය වසන්ත සමරසිංහ සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ පැහැදිලි කර ඇත.
මෙම ගැටලුවලට ප්‍රතිචාර වශයෙන්, දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද ටයර්වල RBW මිල අඩු කිරීමට එකඟතාවකට එළැඹුණු අතර, එමඟින් ඒවා පාරිභෝගිකයන්ට වඩාත් දැරිය හැකි මිලකට ලබා ගත හැකි බව ද තීරණය කෙරුණි. දේශීය නිෂ්පාදන කෙරෙහි පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිති පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කෙරුණි. මිල අඩු කිරීම් ගුණාත්මක භාවයට හානියක් නොවිය යුතු බවට ද එකඟතාවක් ඇති කර ගැනුණි.



අදහස් (0)

දේශීය ටයර් කර්මාන්තය නැංවීමට වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site