IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දේශිය අල කිලෝවක් රුපියල් 95 ට මිලදී ගැනීමේ තිරණයක්

(සුජිත් හේවාජූලිගේ)


දේශීය අල ගොවීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අල කිලෝවක් රුපියල් 95 බැගින් අල මෙට්‍රික් ටොන් 200 ක් සමූපකාර පාරිභෝගික සංගමය මගින් අනිද්දා (21) සිට මිලදී ගැනීමට තීරණය කර ඇතැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා ‘ලංකාදීපය’ට  පැවසීය.


මේ මිලදී ගැනීම් සතියේ දින හයක් සිදුවන බව කී ඇමැතිවරයා ඒ සඳහා අවශ්‍ය කෙරෙන ගබඩා පහසුකම් සමූපකාර පාරිභෝගික සංගමය නොමිලේ සපයා දෙන බව ද ප්‍රකාශ කළේය.


ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා මෙසේ ද කීය.


“දේශීය අල ගොවියා රැක ගැනීම සඳහා ආනයනික අර්තාපල් වෙනුවෙන් බද්දක් පවන්න කියලා මම ජීවන වියදම් කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කළා. පසුව එය රුපියල් හතළිහක් ලෙස තීරණය වුණා. මේ තත්ත්වය පවතිද්දී සැප්තැම්බරයේ අල ඵලදාව ගැනීමේදී මිල පහත වැටුණා. අල ගොවීන්ගේ විරෝධතා මතුවුණේ මේ නිසයි.


ඉවක් බවක් නැතිව අල පිටරටින් ගෙන්වීම නවතා අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගෙන්වන්න කියලා අප මුදල් කෘෂිකර්ම හා වෙළඳ අමාත්‍යංශ වලින් දැනටමත් ඉල්ලීමක් කරලා තියෙන්නේ.


අල කිලෝවක් නිෂ්පාදනය කිරීමට වැයවන මුදල අඩුකර ගැනීමටත් අල ගොවියාට සහනදායී ක්‍රමයට අල බීජ සැපයීමටත් රජය අවධානය යොමුකරලා තියෙනවා. අල ගොවීන්ට කෘෂි රසායන හා පොහොර සහනදායී ලෙස සැපයීමට පියවර ගන්නා බව කෝප්ෆෙඩ් ආයතනය අප සමඟ පැවසුවා” යැයි ද සමරවීර මහතා කීය.



අදහස් (0)

දේශිය අල කිලෝවක් රුපියල් 95 ට මිලදී ගැනීමේ තිරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17971 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site