භානුක අමරසිංහ
2025 වසරේ දෙවැනි කාර්තුව වන විට මෙරට මූල්‍ය අංශය සතු වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 2.2ක් ලෙස සටහන්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් එම කාලසීමාව සඳහා නිකුත් කළ මූල්‍ය සාධනීය දර්ශකය තුළ මෙම කරුණු ඇතුළත්ව ඇත.
මෙය 2024 දෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් ට්‍රිලියන 1.81ක වත්කම් හා සැසඳීමේදී සියයට 25.8ක ඉහළ යාමකි. මෙහිදී ණය සහ අත්තිකාරම්හි සිදු වූ වර්ධනය ඊට හේතුව බව මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව 2025 දෙවැනි කාර්තුවේදී ණය සහ අත්තිකාරම් හි වටිනාකම රුපියල් ට්‍රිලියන 1.75ක් ලෙස සටහන්ව පවතින අතර, එය 2024 දෙවැනි කාර්තුවේ පැවැති රුපියල් ට්‍රිලියන 1.23 හා සැසඳීමේදී සියයට 30.2ක වර්ධනයකි.
කෙසේ වෙතත් 2025 දෙවැනි කාර්තුවේදී මූල්‍ය අංශය වෙත සිදුව ඇති ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 362 ක් වන අතර එය 2024 දෙවැනි කාර්තුවේදී හිමි වූ අයෝජන වටිනාකම හා සැසඳිමේදී සියයට 9.8ක අඩුවිමකි.
මේ අතර 2025 දෙවැනි කාර්තුවේදී මූල්‍ය අංශය සතු සමස්ත ණයබරතාව රුපියල් ට්‍රිලියන 1.77ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 දෙවැනි කාර්තුවේ පැවැති රුපියල් ට්‍රිලියන 1.37ට සාපේක්ෂව සියයට 29.1ක වර්ධනයකි. ඒ සඳහා මූල්‍ය ආයතන තුළ තැන්පතු සහ ණය ගැනීම් ඉහළ යාම හේතුව වී තිබේ.
ඒ අනුව තැන්පතු රුපියල් ට්‍රිලියන 1.0 ට සාපේක්ෂව රුපියල් ට්‍රිලියන 1.17ක් දක්වා සියයට 16.3 කින් ඉහළ ගොස් තිබේ. ණය ගැනීම්ද රුපියල් බිලියන 268.4 ට සාපේක්ෂව රුපියල් බිලියන 472ක් දක්වා සියයට 75.9 කින් ඉහළ ගොස් තිබේ. එසේම කොටස් අරමුදලද රුපියල් බිලියන 510ක් දක්වා සියයට 15.8කින් ඉහළ ගොස් ඇත.
මේ අතර මූල්‍ය අංශය සතු දළ අක්‍රිය ණය ප්‍රමාණය 2025 දෙවැනි කාර්තුවේදී රුපියල් බිලියන 151.7ක් ලෙස සටහන්ව පවතින අතර, මෙය 2024 දෙවැනි කාර්තුවේ පැවැති රුපියල් බිලියන 185 හා සැසඳීමේදී සියයට 18ක අඩුවීමකි.
ඒ අනුව සියයට 13.6ක්ව පැවැති 2024 දෙවැනි කාර්තුවේ පැවැති දළ අක්‍රිය ණය අනුපාතය, 2025 දෙවැනි කාර්තුව වනවිට සියයට 8.3ක් දක්වා අඩුවී තිබේ.
මෙම කරුණු සියල්ලමත් සමග මූල්‍ය අංශය මේ වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් බිලියන 18ක බදු පසු ලාබයක් වාර්තා කර ඇති අතර, එය 2024 දෙවැනි කාර්තුවේ පැවැති රුපියල් බිලියන 11.3ක බදු පසු ලාබය හා සැසඳීමේදී සියයට 59.3ක වර්ධනයකි.
මේ අතර මූල්‍ය අංශය මගින් දැනට පවතින නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක ද්‍රවශීලතා ස්වාරක්ෂකයක් පවත්වාගෙන යන බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 04
581
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
499
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
424
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙවැනි කාර්තුවේදී මූල්‍ය අංශයේ වත්කම් සියයට 25.8කින් ඉහළට