දිවි නැගුම වැඩසටහනේ 6 වැනි අදියර එළැඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය කියයි.
මෙවර දිවි නැගුම වැඩසහටන කි‍්‍රයාත්මක වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේද සහය ඇතිවය.
වැඩසටහන ප‍්‍රකාරව තෝරාගත් පවුල් ලක්ෂ 25 කට මිරිස්,තක්කාලි වැනි ආහාර භෝග බිජ බෙදා දීමට නියමිතය.
නිවෙස් ස්වයංපෝෂිත කිරීම මෙහි අරමුණයි.
දිවි නැගුම වැඩසටහන කෘෂිකර්මය,සත්ත්ව පාලනය හා ධීවර කටයුතු,පේෂකර්මය ආදී ක්ෂේත‍්‍රයන් ඉලක්ක කරගෙන කි‍්‍රයාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! බෙදනවා කියනවා, සංවර්ධනය කළා කියනවා,තවත් අදියරයකට යනවා කියනවා. නමුත් බලාගෙන යනකොට රට ආපස්සට ගමන් කරලා වගෙයිනේ තියෙන්නේ. සංවර්ධනයේ දිශානතිය මාරුවෙලාද? (නි)
මාහට බුද්ධි නාමයක් දීම ගැන වෙබ්මාස්ටර් (නි) ට මල් මිටක්! යහපත් හෙටක් සඳහා සහයෝගයෙන් වැඩ කරමු. ජය වේවා ! (නදී)
පස් පාරක් දීලත් ඔය කියන දිවි නැගුම නැඟලා නැද්ද? අපේ ගමේ නම් ඔය පස්වැනි සැරේ දුන් ඇටවත් හරියට බෙදුවේ නැහැ. සමහරුන්ට ලැබිලා තිබුනා. එත් එදා දීපු ඇට පැළවෙලා නැහැ. බලමු හයවෙනි බෙදිල්ලයි, නැගිල්ලයි කොහොම වෙයිද කියලා? (නි)