IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දිරිය කතුන් සවිබල ගන්වන ‘DFCC ආලෝකා’ කාන්තා සේවාලාභීන් 100,000 සීමාව පසු කරයි

DFCC බැංකුවේ කාන්තා කේන්ද්‍රීය බැංකු සේවාව වන DFCC ආලෝකා, ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් 100,000 කට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමට දායක වී ඇති බව DFCC බැංකුව සාඩම්බරයෙන් යුතුව නිවේදනය කරයි. මෙය DFCC ආලෝකා හි හුදු සංධිස්ථානයක්ම පමණක් නොව, කාන්තාවන් විසින් මුදල් පරිහරණය, ඒ ආශ්‍රිත සේවා ලබා ගන්නා ආකාරය, අවස්ථා පසුපස හඹා යන ආකාරය සහ ඔවුන්ගේ ආර්ථික අනාගතය ස්වකීය පාලනයට ගන්නා ආකාරය මාර්ගෝපදේශනය කෙරෙන ක්‍රියාන්විතයකි.

කාන්තාවන්ට ජීවිතයේ සෑම අවධියකදීම නම්‍යශීලී, පහසු ප්‍රවේශයක් සහිතව සහ ඔවුන්ගේ ඉලක්ක හා මනා ලෙස ගැලපෙන මූල්‍ය නිපැයුම් සමග ඔවුනට සහාය වීමේ පැහැදිලි අරමුණකින් යුතුව DFCC ආලෝකා නිර්මාණය කර ඇත. ඉතුරුම් සහ ණය සඳහා විශේෂ පොලී අනුපාතවල සිට ආරක්ෂිත සහ පහසු ඩිජිටල් බැංකුකරණ විකල්ප දක්වා, DFCC ආලෝකා ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද මූල්‍ය සේවා සපයයි. කාන්තාව ප්‍රමුඛස්ථානයේ තබමින් බැංකුකරණයෙහි නිරතවීමේ එහි ආචාරධර්මවලට අනුකූලව, මෙම ව්‍යාපෘතිය ගනුදෙනුවලින් ඔබ්බට ගොස් උපදේශකත්වය, ව්‍යවසායක සහාය, ජීවන රටා ප්‍රතිලාභ සහ සෑම කාන්තාවකගේම දිවි ගමනට මනාව ගැලපෙන මූල්‍ය අධ්‍යාපනයක් ලබා දෙයි. හෙට දිනය උදෙසා ඉතිරි කරන ශිෂ්‍යාවක් හෝ තම වෘත්තීය දිවිය ගොඩනැගීම වෙනුවෙන් කැපවෙන කාන්තා වෘත්තිකයකු හෝ සිය ව්‍යාපාරය පුළුල් කිරීමෙහි නිරත ව්‍යවසායිකාවක් හෝ ඇගේ ජීවිතය තුළ මීළඟ පරිච්ඡේදය සැලසුම් කරන විශ්‍රාමික කාන්තාවක් හෝ වේවා, DFCC ආලෝකා ඇයට ගෞරවයෙන්, ප්‍රයෝජනවත් සේවාවලින් සහ සම්පත්වලින් සහාය වේ.

“කාන්තා සේවාදායකයන් 100,000 කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වීම හුදෙක් සංඛ්‍යාවක් පමණක්ම නොවේ. එය ශක්තිමත් සහ අර්ථවත් ප්‍රකාශයකි. DFCC ආලෝකා යනු ඉලක්ක කරා ළඟාවීම සහ සිහින සැබෑ කර ගැනීමයි. එය කාන්තාවන් තේරුම් ගන්නා, ඔවුන්ගේ අභිලාෂවලට සහාය වන සහ ඔවුන් නිර්භීත පියවර ඉදිරියට තබන විට ඔවුන් සමග සමීප වූ මූල්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම අරමුණු කර ගත්තකි. එම ගමනේ කොටසක් වීමට ලැබීම පිළිබඳ අපි ඉමහත් ආඩම්බරයට පත් වෙමු,”‍ යනුවෙන් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි තිමල් පෙරේරා පැවසීය.

DFCC ආලෝකා හි ධනාත්මක බලපෑම දිවයින පුරා, ග්‍රාමීය ප්‍රජාවගේ සිට නාගරික ප්‍රජාව දක්වා ව්‍යාප්ත වී ඇත. DFCC ආලෝකා කාන්තා ව්‍යවසායකයන්ගේ සංසදය, දිවයින පුරා මූල්‍ය අධ්‍යාපනික වැඩසටහන් සහ කෘෂිකර්මාන්තය, යහපැවැත්ම, අධ්‍යාපනය සහ ඩිජිටල් වාණිජ්‍යය යන අංශවලට විශේෂිත වූ ප්‍රවේශය වැනි මුලපිරීම් හරහා, DFCC බැංකුව කාන්තාවන්ට ප්‍රවේශය ලබා දීම පමණක් නොව ඔවුන්ට එහි නියෝජ්‍යත්වය ලබා ගැනීමට ද උපකාරී වේ. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC), Uber ශ්‍රී ලංකා, Amrak වෛද්‍ය විද්‍යා ආයතනය, සිද්ධාලේප, Academy of Design (AOD), Web Alliance සහ Institute of Hairdressers and Beauticians (IHB) වැනි සංවිධාන සමග උපායමාර්ගික හවුල්කාරිත්වයන්, DFCCආලෝකා හි ප්‍රවේශය සහ අදාළත්වය පුළුල් කරමින් ප්‍රායෝගික සහ වඩා අර්ථවත් ආකාරයෙන් ජීවිතවලට බලපෑම් කිරීමට ඉඩ සලසයි. WCIC සමග ඇති කරගත් සහයෝගීතාව හරහා, DFCC ආලෝකා, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරවලට ජාතික පිළිගැනීමක් ලබා ගැනීමට සහාය වෙමින් සහ අංශ-නිශ්චිත මූල්‍ය සහ මූල්‍ය නොවන සහාය ලබා දීමෙන් එම ව්‍යවසාය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම උදෙසා සහාය සපයයි. මේ අතර, Uber Sri Lanka සමග ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරීත්වය, ක්‍රමවත් නොවූ ඉපැයීම් රටාවන්ගේ සිට විශ්වසනීය ව්‍යවසාය දක්වා සංවර්ධනය වීම උදෙසා කාන්තාවන් සවිබල ගන්වන මූල්‍ය මෙවලම්, ඩිජිටල් ගෙවීම් විකල්ප සහ පුහුණු සහාය ලබා දෙමින්, කෙටි කාලීන ආර්ථිකය තුළ කාන්තාවන් මුහුණ දෙන විශේෂ අභියෝග සඳහා විසඳුම් සපයයි.

සමස්තයක් වශයෙන්, මෙම හවුල්කාරිත්වය හරහා සමාන ආර්ථික ප්‍රගතියක් ඇති කිරීමට සහ ශ්‍රී ලංකාව පුරා කාන්තාවන්ගේ ජීවිතවල සැලකිය යුතු වෙනසක් ඇති කිරීම උදෙසා DFCCආලෝකා හි උපායමාර්ගික ප්‍රවේශය නිරූපණය කරයි. 

දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයක් සහ සමානාත්මතාවය මත මුල් බැසගත් විශ්වාසයක් සමගින්, සෑම ශ්‍රී ලාංකික කාන්තාවකටම තමන්ගේම ආකාරයෙන් සාර්ථක වීමට අවශ්‍ය සම්පත්, විශ්වාසය සහ සහයෝගය සහිත අනාගතයක් ගොඩනැගීමට DFCC බැංකුව කැපවී සිටී.



අදහස් (0)

දිරිය කතුන් සවිබල ගන්වන ‘DFCC ආලෝකා’ කාන්තා සේවාලාභීන් 100,000 සීමාව පසු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site