IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දුරගමන් බස්වලට ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන් කිරිමේ පහසුකම්

(ශිරාන් රණසිංහ)

 

ඩිජිටල් කාඩ්පත් මගින් දුරගමන් පෞද්ගලික බස්රථවල ආසන වෙන්කර ගැනීමේ පහසුකම මෙරට මගීන්ට ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙහි මුල් පියවර යටතේ දුර ගමන් පෞද්ගලික බස්රථවල ආසන අන්තර්ජාලය ඔස්සේ වෙන් කරගත හැකි ලෙස ‘ඔන්ලයින් බුකින්’ ව්‍යාපෘතිය අරඹා තිබේ.

ඒ යටතේ www.ntcbooking.lk වෙබ් අඩවිය ඔස්සේ දුරගමන් බස්රථවල ආසන වෙන්කිරීමේ පහසුකම මෙරට මගීන්ට උදා කර දී ඇත.

මේ සඳහා ගමන් ගාස්තුවලට අමතරව රුපියල් 30ක මුදලක් අය කෙරේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙම පහසුකම මගීන්ට ලබා දී ඇත.

මෙම නව වෙබ් අඩවිය හරහා කොළඹ සිට කතරගම, යාපනය, බදුල්ල, අම්පාර, දෙනියාය, පස්සර, ලුණුවිල, අකුරැස්ස, තිරුක්කෝවිල්, මඩකලපුව, පේදුරුතුඩුව, මඩොල්සිම, අනුරාධපුර, ඩයගම, ත්‍රිකුණාමලය ඇතුළු මාර්ග 35ක දුරගමන් බස්රථවලට මෙම පහසුකම හිමිකර දී තිබේ. 



අදහස් (5)

දුරගමන් බස්වලට ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන් කිරිමේ පහසුකම්

Ranjan Friday, 28 September 2018 01:46 PM

නිකමටවත් මේ පිටුවට ගිහින් බැලුවාද? නැහැ... මෙය ක්‍රියාත්මක වෙන්නේ ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට කියා ඇත. ඒ ගැන ලියන්න අමතක වෙලා වගේ.. අනික මේ මෙහි ඇති නගර අකුරු පිළිවෙලට නොමැත. සොයා යන්න ඕනේ මුළු ලිස්ට් එකම... අනික් දේ මොන බස් රථයද ආදිය කිසිවක් දැනට මෙහි නැත.

:       0       18

Yomz Saturday, 29 September 2018 02:30 PM

මේ වගේ දෙයක් කරන්න කලින් ටෙස්ටින් කරලා දැම්මා නම් හොඳයි.

:       0       1

roshan Saturday, 29 September 2018 04:29 PM

කොලඹ හා අවට බස් සේවාව සැපයීමට තනි අයිතිකරුවන් වෙනුවට බස් සමාගම් යෙදවිය යුතුය. බස් වල ප්‍රමිතිය, සේවකයන්ගේ ප්‍රමිතිය , රාත්‍රී ගමන් වාර ටෙන්ඩරය තුළ ඇතුළත් විය යුතුය. රේස් යාම , සෙමින් යාම , හවස 6 න් පසු සේවය නවතින්නේ තනි තනි බස් රථ තමන්ගේ ලාභය වැඩි කිරීමට උත්සහ දරන නිසයි.

:       0       4

dileepa Sunday, 30 September 2018 07:01 AM

හොද අදහසක්.. දුර ගමන් සේවා අධිවේගී මාර්ගයේත් ක්‍රියාත්මක කරන්න ...

:       0       3

hesa Sunday, 30 September 2018 06:13 PM

මොනවා නැතත් මුලින්ම හොයන්නේ වැරැද්දක්මයි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17971 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site