(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ගොවීහු පවසති.
එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද බලාපොරොත්තුවෙන් ගොවීහු මෙවර එළවළු වගා කළ ද සිය අස්වැන්නට මිලක් නොමැති නිසා ගොවීන්ගේ අවුරුදු සිහින බොඳව ගොස් ඇති ඔවුහු කියති.
අද (01) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විශාල වශයෙන් තම බෝග නිෂ්පාදන රැගෙන ආවද ඒවා අලෙවි නොවීම නිසා ගොඩ ගසා තිබිණි.
වම්බටු, මෑකරල්, පිපිඤ්ඤා, ගෝවා ,වට්ටක්කා ,දඹළ, කැකිරි ,නෝකෝල්, රාබු, බිට් ,මාළුමිරිස් අමුමිරිස් ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 10 සිට 30 දක්වා වූ මිලකට අලෙවි වන බව ගොවීහු මෙන්ම ව්‍යාපාරිකයෝ ද පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තක්කාලි රැගෙන ආ ගොවීන් පැවසුයේ සිය නිෂ්පාදන කිලෝවක් සඳහා රුපියල් 10 ක මිලක් වත් නොලැබෙන බවය.
වට්ටක්කා කිලෝවක් රුපියල් 10 සිට 14 දක්වා මිලකට වම්බටු කිලෝව රුපියල් දහයේ සිට විස්ස දක්වා මිලකට, බීට් කිලෝව රුපියල් 5 සිට 10 දක්වා මිලකට අලෙවි වන බව ඒළවළු සඳහා මිල ගණන් කීවද ඒවා මිලදී ගැනීමට වෙළෙන්දන් නොපැමිණීම මේ තත්ත්වයට හේතුව ඇති බවද ඇතැම් ව්‍යාපාරිකයෝ සහ ගොවීහු කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා රැගෙන ආ ගොවිමහතෙකු දැඩි කෝපයෙන් යුතුව අප සමඟ කියා සිටියේ තම වට්ටක්කා කිලෝවට රුපියල් 10ක මිල තබන බවත් රුපියල් 35 ක මිලකට තම නිෂ්පාදන නොදෙන්නේ නම් මේ සියල්ල වන අලින්ට ආහාර සඳහා රැගෙන ගොස් දමන බවය.
විශාල නිෂ්පාදන පිරිවැයක් දරා නිෂ්පාදනය කළ එළවළු වෙළෙඳ පොළට රැගෙන විත් ඉතා අඩු මුදලකට අලෙවි වන බවද බොහෝ එළවළු අලෙවි නොවීම නිසා විනාශ කර දැමීමට සිදු වන බව ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවි මහත්වරු පත් කල රජයෙන් මේ සඳහා විසඳුම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ කට්ටියට තියෙන්නේ විශ්වාස භංගය. ඔය එළවලු සේරම එකම තැනට අරගෙන එන්නේ නැතිව කොළඹ අවට ප්‍රදේශ වලට රැගෙන එන්න. අනික් විසඳුම තමයි පිටරටවලට අපනයනය කරන්න ඔබලා එකතුවන්න. බැරිමනම් මාමයිට් එකක්වත් හදන්න.
වෙළෙන්ඳන්ට කැමති පරිදි ගොවියා සූරාකෑමට ඉඩ දී රජය නිහඬව ඉන්නේ වුවමනාවෙන්ද? ඇයි රජය ඉදිරිපත් වී සාධාරණ පියවරක් නොගන්නේ? එසේ නොහැකි නම් රජයකින් ඇති ඵලය කිම? බලධාරීන් රජ සැප විඳිද්දී අසරණ ගොවියා ගැන බලන්න කෙනෙක් නැද්ද?
දඹුල්ලේ එළවලු මිල කොපමණ අඩු උනත් අපේ ගම්වලට එනකොට එළවලු මිල එදා වගේමයි. මේ දිනවල අඩු මිල ගණන්වලට තියෙන්නේ, රටලූණු, අර්තාපල්,රතුලූනු පමණයි.පැලියගොඩ මාළු මාර්කට් එකේ තලපත් කිලෝවක් රුපියල් 600/- - 650/- යි. ඊට කිලෝ මීටර් 06 ක් 08 ක්දුර පිහිටි බියගම, මල්වාන දෙල්ගොඩ යන නගරවල තලපත් කිලෝවක් රුපියල් 1100/- 1200/- යි. අනිත් මාළු වර්ගත් එහෙම තමයි. එළවලු ගොවියටත් නියම මිල ලැබෙන්නේ නැහැ. ධීවරයින්ටත් නිසි මිලක් ලැබෙන්නෙත් නැහැ. මේක තමයි යතාර්ථය පාරිභෝගිකයා වැඩි මුදලක් ගෙවන්නේ වෙළෙන්දන්ට.
මේවා ගැන නම් කථා කරලා වැඩක් නෑ. කෘෂිකර්මයට ඉන්නවා හැට හුටාමාරක් නිලධාරියොයි ඇමතිලයි. ඒ කවුරුවත් මේවගේ ප්‍රශ්නවලට අත ගහන්නේ නෑ. ඒඅයට ඔක්කොම නිකම් පිනට හම්බෙන නිසා. ඇයි බැරි එළවළුවලට පාලන මිලක් දාන්න. මේ අසරණ ගොවියාගෙන් මේ වගේ අඩු ගාණට ගත්තට කවදාවත් අපිට මේ එළවළු ඔය කියන ගාණට හම්බ වෙනවද? ඒ කියන්නේ අතරමැදියා විශාල ලාභයක් තියාගෙන මේවා විකුණනවා. හදන මිනිහ වහ බොනවා. මේවා මේ ඇමතියන්ටවත්, නිලධාරීන්ටවත් පේන්නේ නැද්ද?
කරුණාකරලා ගොවි මහත්වරු 2-3 එකතුවෙලා නිෂ්පාදන ලොරියක පටවාගෙන කොළඹ අවට හෝ දකුණට ගෙනවිත් සාධාරණ මිලකට ලොරියේ තියාගෙනම විකුනන්න එතකොට ඔබතුමාලට හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්, බොරුවට ඔය ආර්ථික මධ්‍යස්ථාන වලට අරගෙන ගිහින් කුණු කොල්ලෙට විකුණන එකේ තේරුමක් නැහැ , අපේ පැත්තේ සමහර වෙලාවට ලොරි එනවා , පොල් , එළවලු , පලතුරු අරගෙන ඔවුන් ඒවා වෙළඳ පලේ මිල ගණන් වලට වැඩිය අඩුවට දෙනවා , මිනිස්සු ඒවා ගන්න පෝලිමේ ඉන්නවා.