IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


දඹුල්ල ආර්ථිකයේ එළවලු තොග මිල සියයට 40 කින් පහළට

 
(කාංචන කුමාර ආරියදාස)

 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල 40% කින් පමණ අද(03) උදෑසන සිට පහළ වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
 
එළවළු මිල පහත වැටීම සඳහා හේතු පාදක වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් අද අලුයම විශාල වශයෙන් අඩුවීම යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින ලැබීම බව ද ඔවුහු පවසති.
 
පසුගිය සතියේ සෑම එළවළුවක්ම කිලෝ එකක තොග මිල රුපියල් 200 ඉක්මවා තිබිණි.පසුගිය සතියේ බොන්චි කිලෝවක  තොග මිල රුපියල් 230 ත් 280 ත් අතර ඉහළ අගයක් ගෙන තිබිණි.මෙදින බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි.බෝංචි මිල පහත වැටීම නිසා අනෙකුත් සෑම එළවලු කිලෝවකම තොග ගැනුම් මිල පහත වැටෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
 
ජාතික නිදහස් දිනය හෙට(4 දිනට) යෙදී තිබෙන නිසා රටේ දුර බැහැර ප්‍රදේශවල මෙන්ම කොළඹ ප්‍රදේශයේ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන බොහෝ දෙනාගේ අඩුවීම එළවළු මිල තවත් පහළ යෑමට හේතුවක් ව ඇති බව ආර්ථික මධ්‍යස්ථානයට  මෙදින එළවළු රැගෙන ආ ගොවීහු කියති.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් රටේ දිස්ත්‍රික්ක  කිහිපයකින්ම "දෙල්" තොග වැඩි වශයෙන් ලැබී තිබිණි .දෙල් ගෙඩියක උපරිම මිල රුපියල් 130 සිට 140 දක්වා ඉහළ අගයක් ගෙන ඇත.ඉකුත් සතියේ රුපියල් පනස් පහක් ,හැටත් අතර ඉහළ අගයකට අලෙවි වූ පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 30 දක්වා පහත වැටී තිබේ.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින යාපනය ප්‍රදේශයෙන්  වම්බටු, මෑකරල්, රතුලූනු, මඤ්ඤොක්කා, නයි මිරිස් ආදී එළවළු වර්ග රැසක් ලැබී තිබුණු බවත්  ඉදිරි දින කිහිපයේදිත් ඇතැම් විට යාපනය අර්ධද්වීපයේ දඹුල්ලට ලැබුණහොත් තොග මිල සාමාන්‍ය අතට පත්වනු ඇති බවත් වෙළෙන්දෝ කියති.
 
ආර්ථික මධ්‍යස්ථානයේ පුරා විශාල හිඟයක්  පැවැති අමු මිරිස් තොග ද මෙදින ආර්ථික මධ්‍යස්ථානයට සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීමත් සමඟ රුපියල් 750 ත් -1000ක් අතර අලෙවි අමු මිරිස් කිලෝව මෙදින රුපියල් 750දක්වා අඩු මුදලකට අලෙවි වීම තවත් කරුණකි.



අදහස් (0)

දඹුල්ල ආර්ථිකයේ එළවලු තොග මිල සියයට 40 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 621 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1032 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site