දෙමළ ඩයස්පෝරාව ඇතුළු ලොව පුරා විසිරී සිටින සමස්ත ශ්‍රී ලාංකික ඩයස්පෝරාවම මෙරට ආයෝජන කටයුතුවලට එක්කර ගත යුතු යැයි ද එය රට තුළට මුදල් ගෙන එන ප‍්‍රධාන මාර්ගයක යැයි ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ ආරම්භ දිනයේදී ප‍්‍රකාශ කළේය.
ඩයස්පෝරාවේ වෘත්තිකයන් රැසක් සිටින බවත්, ඔවුන්ට රටට මුදල් ගෙන ඒමටත් මෙරට තුළ ආයෝජන කිරීමටත් හැකියාව පවතින බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත අදහස් පළ කළේ කොළඹ දී අද (7) ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියේදී ආර්ථික විශේෂඥ හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක රිකාඩෝ හවුස්මාන් මතුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.
කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ්හි දී පැවැති සමුළුවේදී මහාචාර්යවරයාගේ ඇසූ ප‍්‍රශ්නයට වැඩිදුරටත් පිළිතුරු දෙමින් අදහස් දැක් වූ අගමැතිවරයා මෙසේ ද කීවේය.
‘‘ඩයස්පෝරාව දිහා බැලූවාම වැඩිපුර ඉන්නේ බටහිර රටවල, විශේෂයෙන් බි‍්‍රතාන්‍යයේ, ජර්මනියේ, ප‍්‍රංශය, කැනඩාව , උතුරු ඇමෙරිකා රටවල, ඒ වගේම ඕස්ටේ‍්‍රලියාවේ. අපිට අපේක්ෂා කරන්න පුළුවන් ඔවුන්ගේ ආයෝජන බලාපොරොත්තු වෙන්න. දෙමළ ඩයස්පෝරාව වගේම, අනිත් ඩයස්පෝරාවලින් රට තුළ ට විශාල මුදල් ප‍්‍රමාණයක් ගෙන එන්න අපිට පුළුවන්. මේ ඉන්න දෙනාගෙන් බොහෝ දෙනෙක් හොඳ අධ්‍යාපන පසුබිමක් තියෙන වෘත්තිකයෝ. අපි මුලින්ම බලන්නේ ඔවුන්ට රට තුළට ගෙන එන්න පුළුවන් මොනවාද කියලා.
පිරිසක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ, තවත් පිරිසක් අධ්‍යාපනික ක්ෂේත‍්‍රයේ විශ‍්‍රාමිකයෝ. ඔවුන් රටට ආයෝජන ගෙන ඒමට කැමැතියි. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයෝ ශ්‍රී ලංකාව සමඟ සබඳතා පවත්වනවා. ඉන්දියාවේ ගුජරාට්, කර්ණාටක ඇතුළු ප‍්‍රාන්තවල ව්‍යාපාරිකයෝ අපිත් සමඟ සබඳකම් පවත්වනවා.
අපි ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික ගිවිසුමකට එළැඹෙනවා. ඒ වගේම පාකිස්තානය සමඟත්. චීනය මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක ආයෝජනය කරලා තියෙනවා. අපි ජපානය සමඟ එක් වී ඉදිරියේදී රට දියුණු කරන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරනවා’’ යැයි ද අගමැතිවරයා එහි දි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චර තමයි අඩුයි. උගත් කියා ගත් අලස තීරණ ...(ම)
ඩයස් පෝරාව කියන වචනයේ අදහස කුමක් වුවද දෙමල ඩයස් පෝරාව කියන්නේ කෙලින්ම බෙදුම්වාදයට, කොටියට රට බෙදීමට උදව් දුන් සංවිධානයක්. මුළු ලෝකයේම වෙසෙන ද්‍රවිඩ ජාතිකයන්ගෙන් මුදල් ලැබෙන ඔවුන්ට ලංකාවේ අාර්ථිකය හා සම්බන්ධ වීමට ඉඩදීම සිංහලයට බල පෙරේතයන් විසින් දැනට කපා ඇති වළ තව තවත් විශාල කිරීමට ඉඩ දීමක්. (බ)
පළමුව මහා බැංකු හොරකම .තවත් කරන්ට හිත (බ)
අනේ ඔවු. අනිත් ඔක්කොම කියපු දේවල් දැන් කරලා ඉවරනේ (නි)
දෙමළ ඩයස්පෝරාවටත් මොනවාහරි අවස්ථාවක් නොදුන්නොත් හොඳනැතුව වගේ ඇති (නි)
එච්චරයි දැන් අපිට අඩුවට තියෙන්නේ (නි)
ඒකත් එහෙනම් කරලා බලමුකෝ (නි)
එයාලට හොඳ නම් අපිට මොකෝ.... (නි)
අපොයි ඔවු, දැන් අනිත් ඔක්කොම හරි එකේ මේක විතරයි මදිපාඩුවකට තියෙන්නේ (නි)
අනේ මගේ කට! (නි)
මේවා ගැන කතාකරන කාලයත් අපරාදේ! (නි)
දිනේෂ්, ඔවුන් ලංකාවට නොඑන එකත් ලොකු ආයෝජනයක් කියලයි මගේ අදහස. (නි)
කැමතිනම් මට ජාතිවාදියෙක් කියන්න. ඒත් මම ජීවත්වන ඕස්ට්‍රේලියාවේ සිටින බහුතරයක් දෙමළ ලාංකිකයින් අද පවතින ලංකා රජයටවත් කැමති නැහැ. මම දන්නා එක දමිළ ජාතිකයකු පැහැදිලිවම කියනවා සිංහල ජාතිය ලංකාවේ බලයේ සිටිනතුරු දෙමළ ජාතියට තැනක් නැති බව. ඔහු ඒවා ප්‍රසිද්ධියේ කියනවා. ඒ ඔහුගේ අවංක හැඟීම. ඉතින් එවැනි අය ලංකාවට ආයෝජනයන් කරයිද? (නි)
එච්චර තමයි අඩු. (නි)
එච්චර තමයි අඩු. (නි)
රසිකට වැරදිලා. රනිල් මහත්තයා කියලා තියෙන්නේ දෙමළ ඩයස්පෝරාව කියලා (නි)
අපිට නම් කවුරු ඇවිල්ලා දීලා ගියත් කමක් නැහැ. දුන්නොත් ගන්නවා (නි)
අගමැතිගේ අදහස හරි. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ශ්‍රී ලාංකිකයෙක්ම කැමතියි තමන් දුක් මහන්සියෙන් ඉතිකරගත් දේ වලින් අපේ රටේ ව්‍යාපාරයක් කරගෙන දරු පවුල සමඟ තමන්ගේ රටේ ජීවත්වෙන්න. එයට වටපිටාව සූදානම් කර දෙනවා නම් බහුතරයක් ලාංකිකයන් කැමතියි. (නි)
ඩයස්පෝරාව කියන්නේ මොකක්ද කියලා ශබ්දකෝෂයක් ගෙන තේරුම බලන්න. එතකොට කාටත් වැටහෙයි මොකද වෙලා තියෙන්නේ කියලා. (නි)
ඩයස්පෝරාව කියන්නේ කොටි කියලා අපේ ගොඩක් අය හිතන්නේ. ලංකාවට වැදගත් ආයෝජකයෝ නොඑන්න ප්‍රධනම හේතුව ඉතින් අපේ දේශපාලුවෝ හැමදේටම පගාව ඉල්ලන නිසයි. (නි)
ලංකාවේ හොද මුල්‍ය විනයක් තියනවනම් ඩයස්පෝරාව ආයෝජනය කරයි.මේ රටේ රේගුවේ ඉදල තියෙනෙනේ හොරකම. හොද ආයෝජකයෙක් කිසිදාක මෙහෙ එන්නේ නේ. සෝරස් වගේ ය නම් එයි. මේකෙන් ආයෝජකයන් කියන එක ගෙන වැරදී වැටහීමක් මිනිස්සුන්ට ඇති වෙනවා. (අ)
ලංකාවේ හොද මුල්‍ය විනයක් තිබේ නම් ඩයස්පෝරාව ආයෝජනය කරයි. මේ රටේ පටන්ගත් තැන සිටම තිබෙන්නේ හොරකම. හොඳ ආයෝජකයෙක් කිසිදාක මෙහෙ එන්නේ නැහැ. සෝරස් වගේ අය නම් එයි. (නි)
ඩයස්පෝරා කියන්නෙ දෙමළ අයට විතරක් නෙමෙයි. රටින් පිටවී ඉන්න පුරවැසියන් හැමෝටම. අපේ අදහස් දාන අය වැරදි තේරුමක් හිතේ තියාගෙන ඉන්න බවයි මට පෙනෙන්නෙ (නි)
අනේ මන්දා මේවා! (නි)
කරපු ආයෝජන අමතක වෙලාද? (ර)
එච්චර තමයි අඩු. (බ)
අතේ සතේ නැහැ. අනාගතේ පාරේ යන බල්ලන්ගෙනුත් බදු ගහල සල්ලි ගනී. (ස)