IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දත්තවල ගුණාත්මකභාවය හා විශිෂ්ටත්වයට මහජන බැංකුවට සම්මාන

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (අනුකූලතා) සමන්ති සේනානායක සම්මානය ලබා ගන්නා අයුරු. ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා ද මෙහි වෙයි.


ශ්‍රී ලංකා ණය හා තොරතුරු කාර්යංශය (CRIB) සංවිධානය කළ CEO’s Forum and Institutional Rating Awards Ceremony 2025  සම්මාන උළෙලේදි මහජන බැංකුව, දත්තවල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වෙනුවෙන් දැක්වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.

ඒ අනුව මහජන බැංකුවට ඉහළ කාර්යසාධන කාණ්ඩ දෙකක් වන යාවත්කාලීන තොරතුරු පවත්වාගෙන යාම සහ ඉහළම වලංගුභාවයක් පවත්වාගෙන යාම යටතේ සම්මාන හිමිවිය.

මෙම සම්මාන උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අතර, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

දත්ත අඛණ්ඩතාව, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තොරතුරු කළමනාකරණයේ ඉහළම පිළිවෙත් අනුගමනය කිරීම වෙනුවෙන් මහජන බැකුව සතු නොසැලෙන කැපවීම මෙම සම්මාන මඟින් යළි යළිත් තහවුරු වෙයි. මහජන බැංකුව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයයේ මධ්‍යම තොරතුරු ගබඩාවෙහි මුළු දත්ත පරිමාවෙන් සියයට 20ක් පමණ නියෝජනය කරමින්, මිලියන 4ක පමණ ගනුදෙනු හරහා සිය දායකත්වය ලබාදෙයි. එමගින් ජාතික ණය යටිතල පහසුකම් සැපයීම සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන්නකු ලෙස එහි හැකියාව සහ වගකීම තවදුරටත් ඉස්මතු වේ.

මේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය. ‘මෙම ඇගයීම අපට ඉමහත් ගෞරවයක් වන අතර, අප කණ්ඩායමේ සාමූහික කැපවීම සහ වෘත්තීයභාවය ඉන් පිළිබිඹු වනවා. මෙම ජයග්‍රහණය, විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ කැපවීම සහ ශක්තිමත් දත්ත පාලනයෙන් රටේ මූල්‍ය පද්ධතියට සහාය වීම සඳහා අප විසින් ඉටුකරනු ලබන වැදගත් කාර්යභාරය නැවතත් තහවුරු කර තිබෙනවා.’



අදහස් (0)

දත්තවල ගුණාත්මකභාවය හා විශිෂ්ටත්වයට මහජන බැංකුවට සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site