IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල මී මැසි පාලනය ව්‍යාප්ත කිරීමට පියවර

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත සහ පිටිගල – ඩී.ජේ. විජේසිංහ


ස්වයංරැකියාවක් ලෙස දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල මී මැසි පාලනය ව්‍යාප්ත කිරීමට දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා අනූෂා පලිහවඩන, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (සංවර්ධන) බුද්ධික මොහොට්ටි මහතා ඇතුළු පිරිසකගේ අදහසක් අනුව මේ වැඩසටහන ක්‍රියාවට නැංවේ.
ලෝක මී මැසි දිනයට සමගාමීව මේ වැඩසටහන ක්‍රියාවට නැංවූ බව දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස ඌරගස්මං හන්දිය ගොවිජන බල ප්‍රදේශයට අයත් සිරිපුර ප්‍රදේශයේදී මෙම වැඩසටහන ක්‍රියාවට නැංවූ බව ද දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
මීට සමගාමීව මී මැසි පාලනය පිළිබඳව පාසල් සිසුන් හා මී මැසි පාලනයට කැමැත්තක් දක්වන ඌරගස්මංහන්දියේ ජනතාව දැනුම්වත් කිරීම ද සිදු කෙරිණ.
එම දැනුවත් කිරීම ඌරගස්මංහන්දිය සිරිපුර මී මැසි පාලනය සාර්ථකව කරගෙන යනු ලබන ජනිඳු හයේෂ් මහතාගේ මී මැසි පාලන පරිශ්‍රයේ දී පැවැත්විණ.
මේ අවස්ථාවට දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා අනූෂා පලිහවඩන, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) බුද්ධි මොහොට්ටි, ගාල්ල බටහිර කලාපයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ අංජලිකා ඉන්දුමතී, කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් ප්‍රසන්ති, ඌරගස්මංහන්දිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ස්ථාන භාර කෘෂිකර්ම උපදේශක කේ.ඩබ්ලිව්. මදුරංග ක්ෂේත්‍ර කෘෂිකර්ම උපදේශක සරණි ඉමාෂා යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ. 



අදහස් (0)

දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල මී මැසි පාලනය ව්‍යාප්ත කිරීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site