IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


දකුණූ ආසියාවේ ප්‍රථම සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරය ලංකාවට

(හර්ෂණ තුෂාර සිල්වා)

දකුණු ආසියාවේ පළමු සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ගිවිසුමකට එළැඹ තිබේ.

විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක යෝන් සොරෙන්සන්  යන මහත්වරු එම ගිවිසුමට අත්සන් තැබූහ.

ආර්ථික සංවර්ධනය සහ ජාතික සංවර්ධන ප්‍රමුඛතා ඉලක්ක කර ගනිමින් කෙරෙන මෙම ව්‍යාපෘතියේ පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියනයක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, රාජ්‍ය හා පෞද්ගලික පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් “තිරසර මානව සංවර්ධනය උදෙසා පෙර දැකීම හා නවෝත්පාදනය”  යන තේමාව යටතේ පසුගිය වසරේ මැයි මාසයේ පැවැති පළමු ජාතික සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස මෙම විද්‍යාගාරය ඉදි කෙරේ.

ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට වැඩි අවධානයක් යොමු කරන මෙම විද්‍යාගාරය ශ්‍රී ලංකා රජයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වන අතර රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සමඟ ස්වාධීන ආයතනයක් ලෙසින් කටයුතු කරයි.   

වසරේදී පළමු මෙහෙයුම් කටයුතු ආරම්භ කරන මෙම විද්‍යාගාරය වසර තුනක නියමු ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වේ.

කොළඹ කාර්මික තාක්ෂණ ආයතන භූමියේ මෙම විද්‍යාගාරය ඉදි කෙරේ. ලොව සංවර්ධිත රටවල් පර්යේෂණ සහ සංවර්ධනය සහ නවෝත්පාදනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3ක මුදලක් වෙන කරන අතර මෙම ව්‍යාපෘතිය ඔස්සේ ශ්‍රී ලංකාව ද ඒ සඳහා යොමුවෙමින් සිටියි.



අදහස් (1)

දකුණූ ආසියාවේ ප්‍රථම සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරය ලංකාවට

kasun sandaruwan Tuesday, 26 September 2017 10:59 AM

ඉතා හොද වැඩක්. සංවර්ධන ව්‍යාපෘති නිසි ආකාරයට කරන්න මෙම ආයතන යොදා ගත යුතුය.

:       2       86

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 283 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1224 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site