IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී DT ට්‍රැවල්ස් සම්මානය ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක සේවා සපයන්නකු වන DT ට්‍රැවල්ස් පෞද්ගලික සමාගම පසුගියදා මාලදිවයිනේ පැවති 2022 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී (SATA) සංචාරකයන් රැගෙන එන ප්‍රමුඛතම  සංචාරක නියෝජිත කාණ්ඩය යටතේ රිදී සම්මානය දිනා ගත්තේය. DT ට්‍රැවල්ස් නිර්මාතෘ සහ සභාපති ඩෙස්ටි බර්තෝලොමියුස් මහතා නේපාලයේ හෝටල් සංගමයේ සභාපති ටෙකේන්ද්‍ර බී. මහත් මහතා අතින් මෙම සම්මානය ලබා ගත්තේය.

DT ට්‍රැවල්ස් සමාගම ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල ඉහළ පෙළේ සංචාරක නියෝජිතයන් 16 දෙනකු අභිබවා මෙම සම්මානය දිනා ගැනීම සුවිශේෂත්වයකි. මෙම සම්මානය මගින් DT ට්‍රැවල්ස් ලොව පිළිගත් කර්මාන්ත ප්‍රමිතීන්ට අනුගත වන විශ්වාසදායක සමාගමක් බව  තව දුරටත් තහවුරු කර ඇත.

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ සාර්ථක ඉදිරි ගමනක් යාමට සමාගම අපේක්ෂා කරන බව සම්මානය ලබා ගනිමින් ඩෙස්ට්‍රි බර්තෝලොමියුස් මහතා පැවසීය. සමාගම මෙතෙක් ආ සාර්ථක ගමනේ ගාමක බලවේගය වන්නේ ලංකාවට එන විදේශිකයන්ට සහ රටෙන් පිට සංචාරවලට යන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා මනාව ගැළපෙන පැකේජ සැළසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන ඉහළ දක්ෂතා සහිත, පළපුරුදු සහ ජවසම්පන්න තරුණ සේවක පිරිසය. ක්‍රීඩා සංචාර, සුඛෝපභෝගී විනෝද චාරිකා, ත්‍රාසජනක සංචාර, ආහාර සංචාර, ශිෂ්‍ය සහ ආයතනික සංචාර,  රැස්වීම්, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සහ ඉසව් සැලසුම් කිරීම, වෘත්තීය සංචාරක මාර්ගෝපදේශක සේවා ඇතුළු පුළුල් පරාසයක සේවා සැපයීම සම්බන්ධයෙන් DT ට්‍රැවල්ස් කීර්තියක් උසුලයි. DT ට්‍රැවල්ස් 2021දී  එක්සත් රාජධානියේ Travel and Hospitality Awards හිදී  Best Tailor-Made Tour Company in Sri Lanka සම්මානය දිනා ගත්තේය. DT ට්‍රැවල් ජාත්‍යන්තර සංචාරක වෘත්තිකයන්ගේ සංගමයේ (ITAP), EVINTRA අන්තර්ජාල සංචාරක සමාගමේ සහ World Tarvel Marketහි සාමාජිකයෙකි. එය පකිස්ථානය සඳහා ශ්‍රී ලංකාවේ සහතික ලත්  ජාත්‍යන්තර සංචාරක තානාපතිවරයා ද වේ.

595



අදහස් (0)

දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී DT ට්‍රැවල්ස් සම්මානය ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site