IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ද.ආසියාවේ සංචාරක කර්මාන්තය යථාවත්වීමේ වේගයෙන් සිව්වැනි තැන ලංකාවට

භානුක අමරසිංහ

කොරෝනා වසංගතයෙන් පසුව ලොව පුරා සිදු වන සංචාරක කර්මාන්තයේ යථාවත්වීම් අතරින් දකුණු ආසියානු කලාපය කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UN Tourism) මගින් නිකුත් කළ නවතම දත්ත පවසයි.

මෙය වසංගතයේ බලපෑම් එල්ල වූ 2019 වසරේ සංචාරක පැමිණීම් ප්‍රමාණය හා සැසඳීමේදී සියයට 92ක යථාවත් වීමක් ලෙස සටහන්ව ඇත.

මෙහිදී කලාපය තුළ සංචාරක කර්මාන්තය යථාවත්වීමේ වේගය අනුව ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයේ පසුවන බව එක්සත් ජාතීන්ගේ සංචරණය (UN Tourism) දත්ත වාර්තා පවසයි.

දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් පළමු ස්ථානයේ පසුවන මාලදිවයිනේ සංචාරක කර්මාන්තය 2019ට සාපේක්ෂව සියයට 20ක වර්ධනයක් පෙන්වා තිබේ. එසේම දෙවැනි තැන පසුවන ජපානය සියයට 16ක වර්ධනයක්ද, තෙවැනි තැන පසුවන ෆිජි දූපත් සියයට 10ක වර්ධනයක්ද පෙන්වා ඇති අතර, සිව්වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව සියයට 7ක වර්ධනයක් පෙන්වා තිබේ.

“වසංගතයේ බලපෑම නිසා සංචාරක කර්මාන්තයේ ඇති වූ මන්දගාමී තත්වයෙන් පසුව ආසියානු සහ පැසිපික් කලාපය සිය සම්පූර්ණ ශක්තිමත් යථාවත් වීමකට ක්‍රමයෙන් පත්වෙමින් තිබෙනවා.“ UN Tourism  පවසයි. 

එම දත්ත අනුව 2024 වසරේදී මෙම කලාප දෙක වෙතම ජාත්‍යන්තර සංචාරක පැමිණීම් මිලියන 316ක් වාර්තා වී තිබෙන අතර, එය වසංගතයට පෙර පැවැති අගයෙන් සියයට 87 කි. එසේම එය 2023 වසරේ අවසානය හා සැසඳීමේදී සියයට 66ක වර්ධනයකි. මෙහිදී මෙම කලාප තුළ සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා ඉදිරියේදී ආයෝජන සහ ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතිවල අවශ්‍යතාව පවතින බව ද UN Tourism පවසයි. 



අදහස් (0)

ද.ආසියාවේ සංචාරක කර්මාන්තය යථාවත්වීමේ වේගයෙන් සිව්වැනි තැන ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site