IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය

SDTI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. 

සියලු දකුණු ආසියානු රටවල නියෝජනය සහිතව බංගලාදේශයේ ඩකා අගනුවර දී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන ප්‍රදානෝත්සවය සඳහා අමාත්‍යවරු සහ තානාපතිවරු රැසක් සහභාගී වූහ.

SDTI කැම්පස් 2011 අග්‍රාමාත්‍ය සම්මානය, 2013-2014 එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන රන් සම්මානය, 2018 ජාතික විශිෂ්ටතා සම්මානය, 2021 ද. ආසියානු සම්මාන උළෙලේ දී විශිෂ්ටතා සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ඇත.

මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නිපුණතා සංවර්ධන අරමුදල හා අනුබද්ධිතව උසස් අධ්‍යාපන පාඨමාලා, ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා රැසක්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම හැදෑරීමේ අවස්ථාව SDTI කැම්පස් විසින් සපයනු ලබන අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් එම උපාධි පාඨමාලා සඳහා රාජ්‍ය බැංකුවලින් අධ්‍යාපන ණය පහසුකම් ද සැපයේ. 

එසේම රැකියා කරන අතරතුර එම පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ද සළසා ඇත. වෘත්තීමය විශිෂ්ටයෙකු වීමට මග පෙන්වන පරිදි ඉගැන්වීම් හා පාඨමාලා නිර්මාණය කර තිබීම SDTI කැම්පස්හි සුවිශේෂත්වයක් බව එහි සභාපති, නීතිවේදී, කීර්ති ශ්‍රී දේශබන්ධු, ආචාර්ය ශාන් බණ්ඩාර මහතා පැවසීය. උපදේශන මනෝ විද්‍යාව, කළමනාකරණ, බැංකුකරණ, ව්‍යාපාර පරිපාලන, ගුරු, හෙද, වෛද්‍ය රසායනාගාර, ඖෂධවේ දී, තොරතුරු තාක්‍ෂණ, ඉංජිනේරු, විලාසිතා, රංගන හා නිවේදන, භාෂා ආදී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දිවයින පුරා විහිදී තිබෙන ශාඛා ජාලයක් හරහා මෙන්ම දුරස්ථ අධ්‍යාපනය හරහා ද අධ්‍යයන කටයුතු කිරීමට ද සිසුන්ට හැකිය.

595



අදහස් (0)

ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site