ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය හා වන සබඳතා තවත් ශක්තිමත් කරවමින් බස් රථ 630 ක් සදහා පෞද්ගලික ඇනවුම් ලැබී ඇතැයි ඉන්දියාවේ අශෝක් ලේලන්ඞ් සමාගම පවසයි.
මෙම ඇනවුම් වල වටිනාකම ඩොලර් ලක්ෂ 170 (රුපියල් ලක්ෂ 22210.49)කි.
ශී‍්‍රලංකා රජයද පසුගිය ජූනි මාසයේදී බස් රථ 2200 ක අති දැවැන්ත ඇනවුමක් අශෝක් ලේලන්ඞ් සමාගම වෙත ලබාදුනි.
ශී‍්‍රලංකාව තම නිෂ්පාදනයන් සම්බන්ධයෙන් උපරිම අයුරින් සෑහීමකට පත්ව ඇති බවත් මෙම ඇනවුම් වලින් පෙනෙන්නේයැයි අශෝක් ලේලන්ඩ් සමාගම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේලන්ඩ් බස් ගේන එක හොඳයි.(හේ)
මේ බස් වල සද්දේ විතරයි.වැඩක් නෑ.(හේ)
නම හොදයි ඒත් මේ බස් වැඩක් නෑ.(හේ)
ණය වෙලාද මේ බස් ටික ගේන්නේ.(හේ)
මේ බස් වලට යන වියදමත් අපේ තමයි.(හේ)
ලංකා අශෝක ලේලන්ඩ් කියලා නම දාමු මේ ගේන බස් වලට.(හේ)
මොනා වුණත් ''ලංකා'' අශෝක ලේලන්ඩ් නේ නමට හරි ලංකා.(හේ)
මොනා උනත් ''ලංකා'' අශෝක ලේලන්ඩ් නේ නමට හරි ලංකා (අ)
ලංකාවේ දැනට වැඩියෙන්ම තියෙන බස් අශෝක ලේලන්ඩ් තමයි.(හේ)
බස් ටික ගෙනල්ලා දුෂ්කර පැති වලට දෙන්න.(හේ)
කොච්චර ලංකාවේ බස් තිබ්බත් සමහර පැතිවලට බස් නෑ.(හේ)
කොච්චර බස් ගෙනාවත් 280 මහරගම හොරණ පාරට රෑ 8.00න් පස්සේ යන්න විදියක් නෑ.(හේ)
ඉන්දිය ලේලන්ඩ් බස් කියන තරම් නරක නෑ.(හේ)
බස් කොච්චර ගෙනාවත් වැඩක් නෑ යන්නේ කොට කොට.(හේ)
බස් වලට යන වියදම කොච්චර වෙයිද?(හේ)
ලේලන්ඩ් බස් කදු අද්දන්න හොදයි.(හේ)
ජපන්, චීන සහ යුරෝපයේ නිෂ්පාදිත බස් සහ වාහන සදහා තීරුබදු සහන දී ගෙන්විය යුතුයි. කල් පැවත්ම ඉතා ඉහළ මට්ටමක තියෙන නිසා නඩත්තු වියදම වැඩියි කියන කතා බොරු.(හේ)
ජපානෙන් මිට්සුබිශී බස් ගෙනල්ලා වෙච්ච දේ දැක්කනේ. ඒ ගෙනාපු එක බස් එකක් තාමත් පාරේ දුවනවනං කියන්න.ලේලන්ඩ් ගෙන්නන එක හොදයි. මෙහේ පාරවල් වලට හොදට ඔරොත්තු දෙන්නේ ලේලන්ඩ් බස් විතරයි.(හේ)
ඒ බස් ගේන එක හොදයි.(හේ)
ලේලන්ඩ් බස් හොදට කදු පල්ලම් වල බර දාලා අදිනවා.(හේ)
කීප දෙනෙක් "මේ බස් තමයි ලංකාවට ගැලපෙන්නේ කියලා" කියලා තිබුනා. . එයින් ඔවුන්ගේ දැනුමේ තරම තීරණය කරන්න පුළුවන්. මොකද කියනවා නම් මිනිසුන් ප්‍රවාහනය කිරීමේදී රථවාහන නිර්මාණය විය යුතු ආකාර පිලිබද ජාත්‍යාන්තර රීති ඔවුන් කඩකර තිබේ. ලොරි දුණු ගැසූ බස්වල යන්න ඉහතින් පිළිගත් පිරිස කැමැත්තෙන් ඉන්න බව පේනවා. නමුත් වැඩි දෙනෙක් කැමති නෑ. අනෙක් කාරණය හොද බස් ලංකාවට ගැලපෙන්න නම් මාර්ග පද්ධතිය, අමතර කොටස් ආදී දේ අලුත් වෙන්න ඕනා. ඒ දේවල් හදන්න උත්සහ නොකර ඉන්දියානු බස් හොදයි කීම විහිළුවක්. වැඩි දෙනෙකුගේ නූගත් කම ඉදිරියේ තවත් අය අසීමිත වාසි ලැබීම මෙයින් පෙනෙනවා නේද? (නදී)
කීප දෙනෙක් "මේ බස් තමයි ලංකාවට ගැලපෙන්නේ කියලා" කියලා තිබුනා. . ඒයින් ඔවුන්ගේ දැනුමේ තරම තීරණය කරන්න පුළුවන්. මොකද කියනවානම් මිනිසුන් ප්‍රවාහනය කිරීමේදී රථවාහන නිර්මාණය විය යුතු ආකාර පිළිබඳ ජාත්‍යාන්තර රීති ඔවුන් කඩකර තිබේ. ලොරි දුණු ගැසූ බස්වල යන්න ඉහතින් පිළිගත් පිරිස කැමැත්තෙන් ඉන්න බව පේනවා.. නමුත් වැඩිදෙනෙක් කැමති නෑ. අනෙක් කාරණය හොද බස් ලංකාවට ගැලපෙන්න නම් මාර්ග පද්ධතිය, අමතර කොටස් ආදී දේ අලුත් වෙන්න ඕනා, ගබඩා වෙන්න ඕනා.. ඒ දේවල් හදන්න උත්සහ නොකර ඉන්දියානු බස් හොදයි කීම විහිළුවක්. වැඩි දෙනෙකුගේ නූගත් කම ඉදිරියේ තවත් අය අසීමිත වාසි ලැබීම මෙයින් පෙනෙනවා නේද? (අ)
හොඳ වැඩක්. ඒත් ඉන්දියන් බඩු නිසා හොඳ නැහැ (නදී)
අපි රටේ සල්ලි පිට රටට පටවනවා හැමදාම ඇයි ලංකාවේ සම්පුර්ණ බස් එකක් හදන්න බැරි කොයි තරම් මුදල් ඉන්දියාවට චීනෙට යනවද මේ යකඩ ගොඩවල් ගෙන්න කවදද ලංකාවක් ශ්‍රී ලංකාව යනුවෙන් නැගී සිටින්නේ කොපමණ රැකියා ප්‍රමාණයක් හදන්න පුළුවන්ද මේ තුලින් මේ ගැන රජය හිතන්න ඕනි ලංකාවේ බස් 100 හැදුවත් එක අපේ දෙයක් !!!.(දිල්)
ප්‍රවාහනට මහගු අත්වැලක් වේවි.(හේ)
මේ ලේලන්ඩ් බස් වැඩි කාලයක් ධාවනය කරන්න පුළුවන්.සද්දේ තමයි පොඩ්ඩක් වැඩි.(හේ)
මේ අය වැයෙන් පස්සේ බස් මිලත් අඩුයිනේ.(හේ)
ලංකාවට හරියන බස් වර්ගයක්.(හේ)
හොදයි මේ බස් ටික දුෂ්කර පළාත් වලට දෙන්න ඕනේ.(හේ)
ලෝකෙට ණයවේවි පම්පෝරි ගහන දෙසපලුවෝ ලංකාවේ ඉන්නේ කොමිස් වලටයි හොරකමට්යි කට අරගෙන ඉන්නව රටේ ඉදිකට්ටක දෙයක් නිර්මාණය කරන්න කිසිම උනදුවක් නැහැ.(හේ)
බස් ටිකත් ගන්නේ ණය වෙලාද දන්නේ නෑ.(හේ)
මෙම බස්වල 'අහිතකර නලා ශබ්ධය, වගකිවයුතු දේශපාලකයන්ගේ අවධානයට ලක් නොවන්නේ ලංකාවේ දේශපානලනය කපටි නිසාද ? (නදී)
පරිසර දුෂණය ගැන හිතන නිවැරදි දේශපාලනයක හැගීම් අවුළුවා ජනතාව රවටන කපටි දේශපාලනය තවදුරටත් ජනතාවට වඩා පසුපසින් ගමන් කරයි (නදී)
ඉන්දියාවේ කුණු ගෙනත් පුරවා ගන්නවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ. හේතුව අනිකුත් රටවල් වලින් වාහන ගෙන්නනවාට වඩා මිල අඩු වීම. (නදී)
ඉන්දියාවේ කුණු ගෙනත් පුරවා ගන්නවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ. හේතුව අනිකුත් රටවල් වලින් වාහන ගෙන්නනවාට වඩා මිල අඩු වීම. (නදී)
ඉන්දියාවේ කුණු ගෙනත් පුරවා ගන්නවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ. හේතුව අනිකුත් රටවල් වලින් වාහන ගෙන්නනවාට වඩා මිල අඩු වීම. (නදී)
එකකින් ලක්ෂයක් තිබ්බත් කොටි 6 හමාරක්, ගොඩ නේද කොල්ලෝ. ලක්ෂේද තියන්නේ? අනික ඉන්දියාවේ ජරාව (නදී)
බස් කොච්චර ගෙනාවත් ඇහැලියගොඩ පරණගම පාරේ බස් නෑ. තියන බස් ටික දුවන්නේ අයිතිකාරයන්ට ඕනි විදියට. සෙනසුරාදා ඉරිදට නම් ඇත්තෙම නෑ. හවස 6න් පස්සෙත් නෑ. මේ ගේන බස් වලින් වත් මේ පාරට බස් දැම්මොත් ලොකු සේවයක්. ප්‍රවාහන ඇමති තුමා එක එක හෙන්චයියලට බය නැතුව මේ පාරට බස් එකක්වත් දෙයි කියල හිතනවා.(අ)
බස් කොච්චර ගෙනාවත් ඇහැලියගොඩ පරණගම පාරේ බස් නෑ. තියන බස් ටික දුවන්නේ අයිතිකාරයන්ට ඕනි විදියට. සෙනසුරාදා ඉරිදට නම් ඇත්තෙම නෑ. හවස 6න් පස්සෙත් නෑ. මේ ගේන බස් වලින් වත් මේ පාරට බස් දැම්මොත් ලොකු සේවයක්. ප්‍රවාහන ඇමති තුමා එක එක හෙන්චයියලට බය නැතුව මේ පාරට බස් එකක්වත් දෙයි කියල හිතනවා. (ස)
ඇත්තටම හොද වැඩක්.(හේ)
මේ බස් ටික ලංකාවේ බස් නැති පැත්තකට දෙන්න.නැත්තම් වැඩක් නෑ.(හේ)
අපිට බැරිවෙයිද ..ඔය වාහන ටිකට යන මුදල කෑෂ් වලින් නොගෙවා ..ලංකාවේ තියන ත්‍රීවිල් සේරමයි පරණ යකඩටිකයි ඩිපෝ වල ගාල්කරලා තියෙන කැඩිච්ච බසුයි නැව් කීපයකින් පටවල යවල ඉන්දියාවට ආපසු දීල බැරිවෙයිද වියදම පියවන්න..එහෙම යෝජනා තීරණ ගන්නේ නම් ඔය මැති ඇමතිලා ගේ සාක්කුවට වැටෙන කෝටිගානක ගසාකෑම් නවතිනවා ...? (ස)
කොහොම වුනත් ඉන්දියන් බස් නැත්තන් අපි පාරේ තමයි! ජපන් බස් නඩත්තුව වියදම් වැඩි! අනික ඉන්දියන් බස් ඔය කියන තරම් නරකත් නෑ! හොඳට පාවිච්චි කලොත් කොයි වාහනෙත් කල් පවතිනවා! (ස)
ඔය බස් 650 ලංකාවේ හදන්ඩ ඔය කම්පැනි එකට යෝජනාවක් දෙන්ඩ පුලුවන්නම් පිටරටට යන මුදල් ගොඩක් ඉතිරි කරගන්ඩ පුළුවන් නේද ? (නදී)
ඔය බස් ටික හදලා මෙහෙට එනකොට තව අවුරුදු දහයක්වත් යයි.(හේ)
ඇයි ඉතින් ඔය කියුව වාහන ටික කොරියාවෙන් හෝ ජපානයෙන් ඇනවුම් නොකළේ? මුළු ඉන්දියාවේම තියන ජරාව ටික මේකේ ගොඩ කරගන්නවා. ත්‍රීවිල් කියල යකඩ ගොඩක් මේකට ගෙනත් පටවාගෙන පෙනෙනවනේ රටට වෙලා තියන විනාශයක තරම. කාගේ හරි කල්ලක් මරේ. (නදී)
ඔය බස් 650 ලංකාවේ හදන්න ඔය කම්පැනි එකට යෝජනාවක් දෙන්න පුලුවන්නම් පිටරටට යන මුදල් ගොඩක් ඉතිරි කරගන්න පුළුවන් නේද ? (හේ)
මේ බස් 650 ලංකාවේ හදන්ඩ ඔය වෙළඳ සමාගමට යෝජනාවක් දෙන්ඩ පුලුවන්නම් පිටරටට යන මුදල් ගොඩක් ඉතිරි කරගන්ඩ පුළුවන් නේද ? (ස)
ලංකාවේ තිබෙන බස් ටිකත් ඇති හරියට පරිපාලනයක් කරනවා නම්. (නි)
අපේ මයික්‍රෝ කොම්පැනි එකට දුන්නා නම් මොකද?(හේ)
අපේ රටේ මයික්‍රෝ කොම්පැනි එකට නොදී ඉන්දියාවට දෙන්නේ මොන එකකටද'(හේ)
ඉස්සර කාලයේ අලුත්ම බස් එන්ජිම ගරාජ් එකට දීලා සල්ලි ගත්තා ..ඒකට පරණ එකක් සවිකලා.ලංගම වැටුණේ ඔය හේතු වලින් .බලධාරීන් මේ ගැන අවධානයෙන් ඉන්න ඕන.(හේ)
රටේ දියුණුව ගැන සතුටුයි (නි)
අනේ අපේ රටේ ජාතික ධනයට වෙන දේ....! මයික්‍රෝ සමාගමට දෙනවා නම් රටේ ජාතික ධනය අප රට තුළම කෑරකෙනවා. (නි)
ලේලන්ඩ් බස්වල සද්දේ වගේමයි වැඩත්.(හේ)
අශෝක ලේලන්ඩ් බස් හොදයි.වැඩි කල් පාවිච්චි කරන්න පුළුවන්.(හේ)
ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ රජයට අයත් කොටස් තියෙනවා. ලංකාවට ගැලපෙන්නෙම ලේලන්ඩ් තමයි. මොකද මයික්‍රෝ සමාගමේ නිෂ්පාදනය හා එකලස් කිරීම සිදු කරන්නේ අධි සුඛෝපභෝගී බස් රථ සහ නාගරික සේවා බස් රථ පමණයි. ඒ බස් රථ වගේම, ජපන්, චීන බස්රථ වල නඩත්තු වියදම ගොඩක් වැඩියි. ඒ හින්දා සාමාන්‍ය සේවා සඳහා ලංකාවට ගැලපෙන්නේම ලේලන්ඩ් බස්රථ තමයි. ඒත් අධි සුඛෝපභෝගී බස්රථ වලින් නම් ලේලන්ඩ් වලට වඩා මයික්‍රෝ ඉදිරියෙන්ම ඉන්නවා කියලත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. (නදී)
මොනා උනත් ''ලංකා'' අශෝක ලේලන්ඩ් නේ නමට හරි ලංකා.(හේ)
මේ බස් ටික උතුරුට දෙන්න.ප්‍රවාහනය වැඩි දියුණු කරන්න.(හේ)
මේ තියෙන බස් ටික හදලා ගත්තනම් තව කොච්චර කාලයක් දුවන්න පුළුවන්ද?(හේ)