ශ්‍රී ලංකාවේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඉන්දියා ඔයිල් සමාගම සැරසේ. මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඇමරිකා ඩොලර් කෝටි 360කි. (රුපියල් කෝටි 47,160) ඉන්දියා ඔයිල් සමාගම, ඉන්දියාවෙන් බැහැර රටක පිහිටුවන ප‍්‍රථම තෙල් පිරිපහදුව මෙයයි. මේ සම්බන්ධයෙන් වන මූලික විමර්ශන කටයුතු දැනටමත් සිදුකර අවසන් බව ඉන්දියා ඔයිල් සමාගමේ නිලධාරියෙක් පැවසීය. ඉදිරිවැඩකටයුතු සඳහා රජය සමඟ සාකච්ඡා අරඹා ඇතැයිද, මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේම නව තෙල් පිරිපහදුව ඉදිකිරීමට භූමියක් වෙන්කර දීමට රජය එකඟතාව පළකර ඇතැයිද හෙතෙම කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් හොර තෙල් අපිට ලැබෙයිද දන්නේ නැහැ. (නි)
කොමිස් මහත්තැන්ලාගේ වැඩක් ??????.(ස)
බාල තෙල් දාන්න (දී)
අනිවාර්යයෙන්ම අවුලක්...!!(නු)
නව තෙල් පිරිපහදුවට හම්බන්කොට වඩාත්ම හොදයි. වරාය ආසන්නයේ ඉඩම් ද ඇත. ඉන්දියාව තෝරා ගැනීමට වඩා පකිස්තානය, චීනය හෝ රුසියාව යන රටවලින් එකක් තෝරා ගන්නවා නම් හොද නේද?..... (ත)
ඉන්දියන් කාරයොත් අපිට එපා. එයාලගේ තෙලුත් එපා. (නි)
මේක නම් සුභ ළකුණක් නොවෙයි. (නි)
මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ. (නි)
හරිනේ ඉතින්? ඕකටනෙ අපේ අය ඛණිජ තෙල් සංස්ථාව බංකොලොත් කරවන්නේ...!!(නු)
අපට හැම වෙලාවෙම හරහට ඉන්න අල්ලපු රට හැර ඕකට වෙන රටක් ඇත්තෙම නැද්ද? අනික අපේ රටේ ව්‍යාපාරිකයෝ නැද්ද ඕවට අත ගහන්නට කෝ මේ ඊනියා දේශප්‍රේමියෝ...!!(නු)
ඉන්දියාව ඕක කරන්නෙ ආසාවට නම් නෙමෙයි...??(නු)
තෙල් පිරිපහදුවක් නෙවෙයි. හෑමදාම රැවටෙන මෝඩ මිනිස්සුන්ගේ ඔලු ටික හොදට පිරිසිදු කරන්න පුලුවන් විදියෙ උපකරණයක් තිබුණා නම් තමා හොද. එතකොටවත් හොද දේශපාලකයන් තෝරා ගනීවි. නෑත්නම් මොනවා තිබුණත් හැමදාම වෙනදේ ම වෙයි. (නි)
ඇයි මේක හම්බන්තොට හදන්න බැරි? තෙල් නැවු එහේ වරායට ගෙන්නන්න පුලුවන්නේ. (නි)
ලංකාවෙ අනාගතේ ගැන හිතන්නත් බයයි..!!(නු)
අපේ රටේ තෙල් උනාට ලාභ ඉන්දියාවට,මේකෙන් අපේ රටේ මිනිස්සුන්ට සෙතක් වෙයි කියල නම් හිතන්න බෑ,ඊට පස්සෙ ඉතින් එයාල කියන විදියට කරමුකෝ.මේක එයාලට තව හොද ආයුධයක් අපිව පාලනය කරන්න...(නු)
මේ තරම් බාල ඩීසල් සහ පෙට්‍රල් ගෙනෙන රටක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති..තව මොනවාද පිරිපහදු කරන්නෙ..?(නු)
යුද්ධෙ තිබ්බ කාලේ තිබුණු එඩිතරකම දැන් නැද්ද (අ)
ලංකාව ඉන්දියාවෙ තවත් ප්‍රාන්තයක් බවට පත්වෙන ලකුණු සනාථයි.. තව වසර විස්සකින් විතර..(නු)
ලංකාවෙ භූමියක් පිටරටට දෙන්නේ ලංකාවෙ මිනිසුන්ට ඒවායේ ආයෝජනයට කරලා තෙල් පිරිපහදුවක් කරන්න බෑ කියලා හිතාගෙනද? ලංකාවෙ මිනිසුන් ඒවාට හුරු කරන්න බැරිද?(නු)