ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංචාරක සැලැස්මට සමගාමීව එහි තවත් එක් අදියරක් ලෙස ඇරඹීමට යෝජිත මූතූර් සංචාරක කලාපයේ කටයුතු විධිමත් කිරීම සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියන් සම්බන්ධ කර ගනිමින් මූතූර් සංචාරක සමූපකාර සමිතියක් පිහිටුවීමට නියමිතය.

මූතූර් සංචාරක සැලැස්මට අනුව සමූපකාර සමිතිය ආරම්භ කිරීමට පෙර එහි ක්ෂේත්‍ර පරීක්ෂණයක නියැලු‍ණු ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා මහවැලි ගඟ මුහුදට වැටෙන මෝය ආසන්නයේ සංචාරක කටයුතු සොයා බැලීම සිදු කෙරිණි.

මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව, ගෝමරංකඩවල, කන්තලේ යන ප්‍රදේශවල තරුණයන් කේන්ද්‍රගතව සංචාර කර්මාන්තයට ප්‍රවිෂ්ඨවීමට අවස්ථාව උදා කරමින් සමූපාකාර සමිති පිහිටුවා ඇති අතර  මේ තුළින් විධිමත් ලෙස සංචාරක කටයුතුවලට තරුණ තරුණියන්ට ප්‍රවිශ්ඨ වීමට අවස්ථාව ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා පැවසීය.

මූතූර් සංචාරක කලාපය මේ අයුරින් පුළුල්වීම තුළ දෙස් විදෙස් සංචාරකයන්ට මෙහි මෙහි ආකර්ෂණයන් දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරේ.