LTL සමූහයේ අනුබද්ධ සමාගමක් වන ලක්දනවි සමාගම ආසියානු ජල සම්මාන (Asian Water Awards) උළෙලේදී සම්මාන පහක් හිමිකර ගත්තේය.

2026 ආසියානු බලශක්ති සහ ආසියානු ජල සම්මාන උළෙල මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැත්විණි.

මෙම සම්මාන අතුරින් හතරක් හිමිවූයේ  මෙගාවොට් 300 ධාරිතාවයෙන් යුත් යුගදනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට (300MW Yugadanavi Combined Cycle Powerplant) යි.   

2026 ආසියානු බලශක්ති සම්මාන උළෙලේදී ද ලක්දනවි සමාගම සම්මාන තුනක් දිනාගත් අතර කීර්තිමත් “වසරේ ස්වාධීන විදුලි නිෂ්පාදකයා, “වසරේ නවෝත්පාදන බලශක්ති තාක්ෂණය”‍ සහ 2025 වසරේ පරිසර, සමාජීය සහ පාලන වැඩසටහන වෙනුවෙන් “වසරේ ESG සටහන”‍ (ESG Program of the Year) සම්මානය හිමි කර ගත්තේය.   

2026 ආසියානු ජල සම්මාන උළෙලේදී ද යුගදනවි බලාගාරය අතිරේක සම්මාන දෙකක් හිමිකර ගැනීමද විශේෂත්වයක් විය.

යුගදනවි මුහුදු ජල පිරිපහදු බලාගාරය “ජල තාක්ෂණික විශිෂ්ටතා සම්මානය - කාර්මික”‍ දිනාගත් අතර, එහි ජලය නැවත භාවිත කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් “වසරේ ජල ප්‍රතිභාවිත සහ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය”‍ සම්මානය හිමි විය.