- සැප්තැම්බරයේදී ඉන්ධන ආනයන වියදම ඩොලර් 415 ක්
- අඛණ්ඩව පස්වැනි මාසයටත් ඉන්ධන ආනයන වියදම පහළ බසී
මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස නවය තුළදී මෙරට සමුච්චිත ඉන්ධන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,487ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 වසරේ මුල් මාස නවය තුළ වාර්තා වූ ඩොලර් මිලියන 2,961 ට සාපේක්ෂව සියයට 51.5 ක ඉහළ යාමකි.
මහ බැංකුව නිකුත් කළ සැප්තැම්බර් මාසය සඳහා වන විදේශ අංශයේ කාර්යසාධනය පිළිබඳ වාර්තාවේ මේ පිළිබඳව සටහන්ව තිබේ.
විශේෂයෙන්ම මැදපෙරදිග යුද ගැටුම් නිසා ඇති වූ සැපයුම් බාධා හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉළ යෑම සහ එක්සත් ජනපද ඩොරලයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්රමාණයවීම මෙලෙස ඉන්ධන වියදම කැපී පෙනෙන ලෙස ඉහළ යෑමට හේතුව වී ඇත.
කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේදී ඉන්ධන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 415.1ක් වන අතර එය වසරින් වසර සැලකීමේදී 2025 සැප්තැම්බර් මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 440.7 ට සාපේක්ෂව සියයට 5.8 ක අඩුවීමකි.
මේ අතර සැප්තැම්බර් මාසයේ වාර්තා කළ ඉන්ධන වියදම මාසික ලක්ෂ්යමය පදනම මත අඛණ්ඩව පස්වන මාසයටත් පහළ යාමක් බව මහ බැංකුව පවසයි. ඒ අනුව අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 886ක් වූ එය, මැයි මාසයේදී ඩොලර් මිලියන 536ක්, ජූනි ඩොලර් මිලියන 465ක්, ජූලි ඩොලර් මිලියන 453ක් සහ අගෝස්තු ඩොලර් මිලියන 450.6 ක් දක්වා අඩු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd