

නිවාස හිමියන්ගේ, දේපළ සංවර්ධකයන්ගේ සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ වෘත්තිකයන්ගේ අභිලාෂයන්ට මුල්තැන දෙමින්, ස්විස්ටෙක් විසින් සිය පළමු ඒකාබද්ධ ප්‍රචාරණ ව්‍යාපාරය වනිඔබේ ලෝකය ගොඩනගන්න’ (Build Your Own World) පසුගියදා දියත් කරනු ලැබීය.
එය කොළඹ One Galle Face හි PVR Cinemas හිදී නිල වශයෙන් එළිදැක්වූ අතර, ස්විස්ටෙක් හි ඇලුමිනියම් දොර ජනේල් පද්ධති, ටයිල් adhesives, බිත්ති මතුපිට සුමට කිරීමේ ද්‍රව්‍ය (Skim Coats),සෙවිලි විසඳුම්, ජල ආරක්ෂණ විසඳුම්, බිම් ඇතුරුම් සහ අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය එකම සන්නාම දැක්මක් යටතේ වෙළෙඳපොළ වෙත යොමු කෙරේ.
දශක හයකට ආසන්න නිෂ්පාදන හා තාක්ෂණික පළපුරුද්දක් සමගින් ඉදිරියට පැමිණ ඇති ස්විස්ටෙක් සමාගම, නිවාස, වාණිජ ගොඩනැගිලි සහ ආයතනික ඉදිකිරීම් සඳහා වන නිෂ්පාදන අවශ්‍යතා සපුරාලමින් සිටී. තම සුවිශේෂී නිෂ්පාදන කාණ්ඩ ඔස්සේ පිරිනමනු ලබන නිෂ්පාදන හා සේවාවල පුළුල් පරාසය පිළිබඳව පාරිභෝගිකයන්ට මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්රයේ හවුල්කරුවන්ට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දීම මෙම ඒකාබද්ධ ප්‍රචාරණ ව්‍යාපාරයේ මූලික පරමාර්ථයයි.
මෙම දියත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Swisstek (Ceylon) PLC සහ Swisstek Aluminium Ltd හි සමූහ කළමනාකාර අධ්යක්ෂ දමින්ද පෙරේරා මහතා මෙසේ පැවසීය.ි‘වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරගන්නා විවිධ අවකාශ සමග අත්වැල් බැඳ ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්රයේ සමස්ත වටිනාකම් ඔස්සේ අපගේ ව්‍යාපාරය පුළුල් වෙමින් තිබෙන මොහොතක, පාරිභෝගිකයන් සිහින දකින ආකාරයේ අවකාශ ගොඩනගා ගැනීමට පහසුකම් සැලසීමේ අරමුණ පෙරදැරිව අපගේ දැක්ම ද පුළුල් කරගෙන තිබෙනවා. නිවසක් යනු පවුලක සිහින සහ අභිලාෂ නියෝජනය කරන ස්ථානයක් වන අතර, සේවා ස්ථානයකින් ද ව්‍යවසායකයකුගේ වෘත්තීය අභිලාෂ පිළිබිඹු කරනු ලබනවා. එවැනි සෑම අවකාශයක් පිටුපසම අනාගත දැක්මක් සහිත මිනිසුන් සිටින බැවින් ඔවුන්ගේ එම බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කර ගැනීමට සහාය වීම ස්විස්ටෙක් හි කාර්යභාරයයි.’’
ඉදිකිරීම් ක්ෂේත්රය තුළ දී අදාළ වන ප්‍රායෝගික තේරීම් සමග පාරිභෝගික අභිලාෂ ඉටු කර ගැනීමට මෙම ඒකාබද්ධ ව්‍යාපාරය මනා පිටිවහලක් සපයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd