
විමුක්ති එස් රුද්‍රිගු
කලාපීය ගුවන් සම්බන්ධතාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉන්දියාවේ තිරුචිරප්පල්ලි සහ ශ්‍රී ලංකාවේ යාපනය සම්බන්ධ කරමින් ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවය සෘජු ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කර ඇත.
මෙම නව ගුවන් ගමන් මාර්ගය දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සංචාරක, වෙළෙඳ අවස්ථා වැඩි දියුණු කිරීමට උපකාරී වේ. මේ වනවිට ඉන්දියාවේ බැංගලෝර්, චෙන්නායි, හයිද්‍රාබාද්, මුම්බායි සහ තිරුචිරප්පල්ලි යන නගර 5 ක සිට සතිපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
දිගින් දිගට ඉහළ යන ඉල්ලුම සපුරාලීමටත්, දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ උතුරු පළාත දක්වා වැඩි විකල්ප ලබාදීම සඳහාත් ඉන්දියාවේ තිරුචිරප්පල්ලි සහ ශ්‍රී ලංකාවේ යාපනය සම්බන්ධ කරමින් ඉන්ඩිගෝ ගුවන් සේවය සෘජු ගුවන් ගමන් හඳුන්වාදී ඇත. ආසන 78 කින් යුත් ඒ.ටී.ආර් 72 වර්ගයේ ගුවන් යානයක් ඉන්ඩිගෝ ගුවන් සේවය මෙම නව මාර්ගයට යොදවා තිබේ.
සමාරම්භක ගුවන් ගමනේදී ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානය මගීන් 27 දෙනකු රැගෙන යාපනයට පැමිණ ඇති අතර මගීන් 36 දෙනකු රැගෙන නැවතත් පියාසර කර ඇත.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තිරුචිරප්පල්ලි - යාපනය අතර ඉන්ඩිගෝ සෘජු ගුවන් ගමන් අරඹයි