IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ත්‍රී රෝද රථ ලියාපදිංචිය මාසයෙන් මාසය ඉහළට

ත්‍රී රෝද රථ ලියාපදිංචිය මාසයෙන් මාසයට ඉහළ යමින් පවතී. ත්‍රී රෝද රථ හා ට්‍රැක්ටර් හැරැණු විට අනෙකුත් සියලුම වාහන ලියාපදිංචිය මාර්තු මාසයට වඩා අප්‍රේල් මාසයේදී ප්‍රමාණාත්මකව අඩු වී ඇත. 

බජාජ් සමාගමේ වෙළෙඳපොල කොටස්ද 90% සිට 94% දක්වා වැඩි වී ඇති අතර ෆිනෑන්ස් පදනම මත මිළදී ගන්නා ත්‍රී රෝද රථ සංඛ්‍යාවද අප්‍රේල් මාසයේදී 57% සිට 60% දක්වා ඉහළ යාමක් පෙන්නුම් කළේය.

මෝටර් රථ ලියාපදිංචියද මාර්තු මාසයට වඩා අප්‍රේල් මාසයේදී අඩු වී ඇත. ඉලෙක්ට්‍රික් කාර් ලියාපදිංචියද අඩු වී ඇති අතර වැඩියෙන්ම ලබාගෙන ඇත්තේ NISSAN Leaf රථයි. 

අති නවීන හා භාවිතා කරන ලද හයිබ්‍රිඩ් රථ දෙවර්ගයේම ලියාපදිංචියේද පහළ බැසීමක් එම මාස දෙක සංසන්දනය කිරීමේදී දක්නට ලැබේ. 

Toyota Axio ලියාපදිංචිය අඩු වූ අතර Suzuki Wagon R ලියාපදිංචි කිරීම් වැඩිවීමක් වාර්තා වී තිබේ. යතුරු පැදි, වෑන්, SUV, ලොරි හා බස්ද ඇතුළුව බොහෝ වාහන වර්ගවල ලියාපදිංචි කිරීම් අඩුවී ඇති නමුත් අත් ට්‍රැක්ටර් හා ට්‍රැක්ටර් ලියාපදිංචිය ඉහළ ගොස් ඇත. බොහෝ වාහන වර්ගවල ලියාපදිංචිය අඩුවීමට හේතුව අප්‍රේල් මස එළඹෙන උත්සව සමය බව හඳුනාගෙන තිබේ. 
 

- 062



අදහස් (8)

ත්‍රී රෝද රථ ලියාපදිංචිය මාසයෙන් මාසය ඉහළට

vipula Monday, 05 June 2017 05:18 AM

2015 වර්ෂයෙන් පසු ගන්න පුළුවන් වාහනේ මේක විතරයි.

:       54       206

sadis Monday, 05 June 2017 05:44 AM

හැමෝම මේක සීමා කරන්න කයිවාරු ගහනවා විතරයි! රටේ දැන් දැන් වැඩිවෙන අපරාධ, මත් උවදුර වගේ දේවල් වලට මේ ත්‍රී වීල් යොදා ගැනීම දැන් වසංගතයක් වෙලා! පාර අයිනක වත් මිනිහෙකුට ඉන්න යන්න නැහැ. මේ වසංගතේ නිසා! අනේ! රටට වැඩක් ගන්න පුළුවන් තරුණ ශ්‍රමය රෝද 3 උඩ ගෙවෙන හැටි!

:       2       509

nimantha Monday, 05 June 2017 10:57 AM

ත්‍රී වීල් මිල තවත් වැඩි කළ යුතුයි.

:       1       252

ඩී. ජයදේව Monday, 05 June 2017 03:22 PM

නූගතුන් වැඩි වෙන තරමට දේශපාලඥයෝ ගොඩ තමයි.

:       0       71

dilan Thursday, 08 June 2017 07:40 AM

මේක කවුරු හරි කළේ නැත් නම් ලංකාවේ අවසානය තමයි......

:       0       29

CHAMEEN Saturday, 10 June 2017 03:26 AM

අපිට පුළුවන්ද දැන් එතකොට කාර් එකක් ගන්න.. ඉතුරු වෙන්නේ ත්‍රී වීල් එක විතරයි.

:       1       0

kumar (galf) Sunday, 11 June 2017 11:17 AM

වර්ජන කරන දොස්තරලාට කාර් පිට කාර් තමයි. අපි අවුරුදු 25 තිස්සේ මැදපෙරදිග ගිහින් රටට සල්ලි හොයාදීලත් අපිට කාර් පර්මිට් එකක් දෙන්නේ නෑ... පාලකයන්ට මේවා පෙනෙන්නේ නැත්ද?

:       0       1

බුද්ධික Monday, 12 June 2017 02:55 AM

ඇත්තටම පුද්ගලිකව ත්‍රී වීල් රටින් තහනම් කරනවා නම් කැමතියි. නමුත් රටේ අඩු ආදායම් ලාභී වැඩි පිරිසක් රැකියාව කරන නිසා ඒ අයගේ රිය පැදවීම පිළිබඳව ඉතාම තදින්ම අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්... මමත් කොළඹ ප්‍රදේශයේ රිය ධාවනය කරන කෙනෙක්...පොලීසිය ක්‍රියාකරන ආකාරය පුදුම සහගතයි. සමහර පොලිස් නිලධාරීන් ඔවුන්ගේ වැරදි දැක දැක අහක බලාගෙන ඉන්නවා. රටේ හොද නීතියක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site