ත්‍රී රෝද රථ ලියාපදිංචිය මාසයෙන් මාසයට ඉහළ යමින් පවතී. ත්‍රී රෝද රථ හා ට්‍රැක්ටර් හැරැණු විට අනෙකුත් සියලුම වාහන ලියාපදිංචිය මාර්තු මාසයට වඩා අප්‍රේල් මාසයේදී ප්‍රමාණාත්මකව අඩු වී ඇත.
බජාජ් සමාගමේ වෙළෙඳපොල කොටස්ද 90% සිට 94% දක්වා වැඩි වී ඇති අතර ෆිනෑන්ස් පදනම මත මිළදී ගන්නා ත්‍රී රෝද රථ සංඛ්‍යාවද අප්‍රේල් මාසයේදී 57% සිට 60% දක්වා ඉහළ යාමක් පෙන්නුම් කළේය.
මෝටර් රථ ලියාපදිංචියද මාර්තු මාසයට වඩා අප්‍රේල් මාසයේදී අඩු වී ඇත. ඉලෙක්ට්‍රික් කාර් ලියාපදිංචියද අඩු වී ඇති අතර වැඩියෙන්ම ලබාගෙන ඇත්තේ NISSAN Leaf රථයි.
අති නවීන හා භාවිතා කරන ලද හයිබ්‍රිඩ් රථ දෙවර්ගයේම ලියාපදිංචියේද පහළ බැසීමක් එම මාස දෙක සංසන්දනය කිරීමේදී දක්නට ලැබේ.
Toyota Axio ලියාපදිංචිය අඩු වූ අතර Suzuki Wagon R ලියාපදිංචි කිරීම් වැඩිවීමක් වාර්තා වී තිබේ. යතුරු පැදි, වෑන්, SUV, ලොරි හා බස්ද ඇතුළුව බොහෝ වාහන වර්ගවල ලියාපදිංචි කිරීම් අඩුවී ඇති නමුත් අත් ට්‍රැක්ටර් හා ට්‍රැක්ටර් ලියාපදිංචිය ඉහළ ගොස් ඇත. බොහෝ වාහන වර්ගවල ලියාපදිංචිය අඩුවීමට හේතුව අප්‍රේල් මස එළඹෙන උත්සව සමය බව හඳුනාගෙන තිබේ.
- 062
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 වර්ෂයෙන් පසු ගන්න පුළුවන් වාහනේ මේක විතරයි.
හැමෝම මේක සීමා කරන්න කයිවාරු ගහනවා විතරයි! රටේ දැන් දැන් වැඩිවෙන අපරාධ, මත් උවදුර වගේ දේවල් වලට මේ ත්‍රී වීල් යොදා ගැනීම දැන් වසංගතයක් වෙලා! පාර අයිනක වත් මිනිහෙකුට ඉන්න යන්න නැහැ. මේ වසංගතේ නිසා! අනේ! රටට වැඩක් ගන්න පුළුවන් තරුණ ශ්‍රමය රෝද 3 උඩ ගෙවෙන හැටි!
ත්‍රී වීල් මිල තවත් වැඩි කළ යුතුයි.
නූගතුන් වැඩි වෙන තරමට දේශපාලඥයෝ ගොඩ තමයි.
මේක කවුරු හරි කළේ නැත් නම් ලංකාවේ අවසානය තමයි......
අපිට පුළුවන්ද දැන් එතකොට කාර් එකක් ගන්න.. ඉතුරු වෙන්නේ ත්‍රී වීල් එක විතරයි.
වර්ජන කරන දොස්තරලාට කාර් පිට කාර් තමයි. අපි අවුරුදු 25 තිස්සේ මැදපෙරදිග ගිහින් රටට සල්ලි හොයාදීලත් අපිට කාර් පර්මිට් එකක් දෙන්නේ නෑ... පාලකයන්ට මේවා පෙනෙන්නේ නැත්ද?
ඇත්තටම පුද්ගලිකව ත්‍රී වීල් රටින් තහනම් කරනවා නම් කැමතියි. නමුත් රටේ අඩු ආදායම් ලාභී වැඩි පිරිසක් රැකියාව කරන නිසා ඒ අයගේ රිය පැදවීම පිළිබඳව ඉතාම තදින්ම අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්... මමත් කොළඹ ප්‍රදේශයේ රිය ධාවනය කරන කෙනෙක්...පොලීසිය ක්‍රියාකරන ආකාරය පුදුම සහගතයි. සමහර පොලිස් නිලධාරීන් ඔවුන්ගේ වැරදි දැක දැක අහක බලාගෙන ඉන්නවා. රටේ හොද නීතියක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ.