IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


තැන්පතු ආරක්ෂා කර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහය වනවා

ශ්‍රී ලංකා බැංකු සංගමය

පරාටේ නීති නැවත භාවිත කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කිරීමට, කුඩා කණ්ඩායමක් විසින් දරන උත්සාහය තරයේ ප්‍රතික්ෂේප කරන බව දිවයිනේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය ^SLBA& නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 

මෙයට සම්බන්ධ සහන කාලය දැනට අවසන් වී ඇතත් පුළුල් ලෙස පරාටේ නීතියට අදාළ ක්‍රියාමාර්ග ඉතා කඩිනමින් දියත් කිරීමට බැංකුවලට අදහසක් නොමැති බව ව්‍යාපාරික ප්‍රජාවට සහ මහජනතාවට සංගමය අවධාරණය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්ය.

පරාටේ නීතිය අත්හිට වූ කාලය 2025 මාර්තු 31 වැනි දා අවසන් වූ නමුත්, ඉන් පසුවද බැංකු සමග සම්බන්ධ වීමට සහ තම ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට අපහසුතා තිබූ ණයගැතියන්ට තවදුරටත් කාලය ලබා දෙමින්, බැංකු අංශය විසින් ස්වෙච්ඡාවෙන් ම තවත් මාස තුනකට එම සහනය දීර්ඝ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ ණයගැතියන් තම ණය ආපසු ගෙවීම සඳහා තවදුරටත් සහන ලබා ගැනීමට කටයුතු කළ අතර, සමහර අවස්ථාවලදී එම සහන කාලය 2025 දෙසැම්බර් දක්වා ද දීර්ඝ කර දී ඇත.

එම මූලික දීර්ඝ කිරීම දැන් අවසන් වීමත් සමග පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ උකස් කළ වත්කම් වෙන්දේසි කිරීමේ ප්‍රවාහයක් ළඟදීම ඇති වන බවට භීතියක් ඇති කිරීමේ අරමුණින් ණයගැතියන් අතලොස්සක් නැවතත් විරෝධතා ආරම්භ කර ඇත. බොහෝ ණයගැතියන් තම ව්‍යාපාර නැවත නඟාසිටුවීම සඳහා බැංකු සමඟ එක්ව ඵලදායී ලෙස කටයුතු කරන අවස්ථාවක, මෙම ප්‍රකාශ අතිශයෝක්තීන් වනවා පමණක් නොව, එමගින් නියත වශයෙන් ම අනිසි ප්‍රතිඵල ඇති විය හැකියි.

“පරාටේ ක්‍රියාමාර්ග සඳහා අනවශ්‍ය ලෙස ඉක්මන් වීමට බැංකුවලට කිසිදු අදහසක් නොමැති බව දැනට සිටින ණයගැතියන්ට මෙන්ම අනාගත ණයගැතියන්ට ද සහතික කිරීමට අපි කැමැත්තෙමු,”“යථාර්ථය නම්, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් ලබන තරමට ම ණය ආපසු ගෙවීම පැහැර හරින්නේ ණයගැතියන්ගෙන් ඉතා සුළු කොටසක් පමණකි. එම පිරිසෙනුත්, අතිමහත් බහුතරයකට තවමත් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට සහ වත්කම් විකිණීමෙන් වළක්වා ගැනීමට ඔවුන්ගේ බැංකුවලින් සහය ලැබේ.

පරාටේ නීති අත්හිටුවීමට පෙර, එනම් ශ්‍රී ලංකාවේ ණය සේවාකරණයේ වඩාත්ම අභියෝගාත්මක කාලය වූ 2019 හා 2023 වසර පහක කාලය තුළදී අක්‍රිය වූ ණය වලින් සියයට 1ක ටත් වඩා අඩු ප්‍රමාණයක් අවසානයේ දී පරාටේ ක්‍රියාමාර්ගවලට භාජන වූවා. මෙම දත්ත මගින් අවධාරණය වන්නේ, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකෙරෙන්නේ, අනෙකුත් සියලුම විසඳුම් හා උත්සාහය අසාර්ථක වූ විට දී කළ හැකි අවසාන විසඳුම ලෙස බවයි. 

“බැංකුවල ආක්‍රමණශීලී පළමු ප්‍රතිචාරය ලෙස පරාටේ නීතිය නිරූපණය කිරීමට සමහර පාර්ශව දරන්නේ නොමග යවන සුළු හා ප්‍රයෝජනවත් නොමැති උත්සාහය වේ. “ඇත්ත වශයෙන් ම, පරාටේ නීති පවතින්නේ තැන්පත්කරුවන්ගේ අරමුදල් ආරක්ෂා කිරීම සඳහා වන අතර, එම අරමුදල්වලින් පුද්ගලයන්ට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහ විශාල ව්‍යාපාරවලට සහය වීම සඳහා සත්භාවයෙන් ණය ලබා දෙයි. බැංකු විසින් වැඩි කැමැත්තක් දක්වනු ලබන්නේ, තම ගනුදෙනුකරුවන් තම ව්‍යාපාර තුළ රඳවා තබා ගනිමින්, ඔවුන්ව ශක්තිමත් කර ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් සහයෝගීතාවෙන් යුතුව සිදුකිරීමටයි.”

පාස්කු ඉරිදා ප්‍රහාර, COVID-19 වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර දහස් ගණනකට සහය දක්වමින් බැංකු අංශය විසින් සැලකිය යුතු ඉවසීමක් සහ නම්‍යශීලී බවක් පෙන්නුම් කර ඇතග දැනටත්, සියලුම බැංකු පීඩාවට පත් ණයගැතියන්ට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ශක්‍ය මෙහෙයුම් නැවත ස්ථාපිත කිරීමට උපකාර කිරීම සඳහා කැපවූ ව්‍යාපාර පුනර්ජීවන ඒකක පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම, 2020 සිට අහිතකර ආර්ථික සිදුවීම්වලින් බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන්ට සහය වීම සඳහා ස්ථාපිත කර ඇති පරාමිතීන්ගෙන් බැහැරව සිටින ණයගැතියන් සමග පවා කටයුතු කරනවා. 

“මෙම යාන්ත්‍රණයන් සමඟ සම්බන්ධ වීම වෙනුවට, ණයගැතියන් සුළු පිරිසක් විසින් අනවශ්‍ය බියක් ඇති කිරීමට හා මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය බිඳ දැමීමට උත්සාහ කිරීම අතිශයින් කණගාටුදායකයි. “එවැනි ක්‍රියාමාර්ග වලින් බැංකු අංශයේ ස්ථාවරත්වය හා තම වගකීම් ඉටු කිරීමට කැපවී සිටින සැබෑ ණයගැතියන්ගේ අපේක්ෂා යන දෙකම අඩපණ කිරීමේ අවදානමක් ඇත.”

“දුෂ්කරතාවලට මුහුණ දෙන සියලුම ණයගැතියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ප්‍රමාදයකින් තොරව තම බැංකු වෙත ගොස් විනිවිද පෙනෙන, ක්‍රියාශීලී ආකාරයකින් විසඳුම් සොයා ගන්නා ලෙසයි. තැන්පතුකරුවන්, ආයෝජයකින් සහ පුළුල් ආර්ථිකය යන සියල්ල ම බැංකු පද්ධතියේ ශක්තිය මත තම විශ්වාසය තබා ඇත. බැංකු පද්ධතියේ එම ශක්තිය සහ ස්ථාවරත්වය රඳා පවතින්නේ අස්ථානගත භීතිය මත නොව, වගකිවයුතු හැසිරීම සහ ඵලදායී සහභාගීත්වය මතයි.

 

 



අදහස් (0)

තැන්පතු ආරක්ෂා කර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහය වනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site