IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තේ වගාවට කාබනික පොහොර භාවිතය වැඩිකරන්න යයි

(නිමල කොඩිතුවක්කු)

වැඩි විදෙස් විනිමය ප‍්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව තේ වගාව සදහා කාබනික පොහොර භාවිතය ප‍්‍රවර්ධනය කිරීමේ වැපිළිවෙළක් ආරම්භ කරන බව තේ අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

කුඩා තේ වතු සහ කුඩා රබර් වතු හිමියන්ට සහන සැලසීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.

මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට අද(01) එක් වෙමින් ඔහු මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙසේ ද කීය.

  ‘‘සෞභාග්‍යයේ දැක්ම අනුව රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය ප‍්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.  ඒ අනුව තේ කර්මාන්තය සදහා ද කාබනික පොහොර භාවිතය ප‍්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ වන විටත් ඇල්කඩුව වැවිලි සමාගම කාබනික පොහොර භාවිතයෙන් තේ වගාව ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන තේ නිෂ්පාදන ධාරිතාව රසායන පොහොර භාවිතයෙන් ලැබෙන තේ නිෂ්පාදන ධාරිතාවයට වඩා වැඩි බව ඇල්කඩුව වැවිලි සමාගමේ නිරීක්ෂණ මගින් අනාවරණය වුනා.  මේ අනුව ඉදිරී කාලයේදී මුළුමනින්ම කාබනික පොහොර භාවිතයෙන් පමණක් තේ වගා කිරීමට සමාගම අපේක්ෂා කරනවා.

කාබනික පොහොර භාවිතයේදී නිෂ්පාදන පිරිවැය රසායන පොහොර භාවිතයේදී වැයවන පිරිවැයට වඩා සැලකිය යුතු මට්ටමකින් අඩු බව වැවිලි සමාගමේ නිරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. රසයනික පොහොර භාවිතයෙන් නිශ්පදනය කරන තේ වලට වඩා කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදිත තේ වලට වැඩි ඉල්ලූමක් සහ වැඩි මිලක් දේශීය හා ජාත්යින්තර තේ වෙළේදපොළේ දී හිමි වනවා.  ශ්‍රී ලාංකික තේ සදහා වැඩි විදෙස් විනිමය ප‍්‍රමාණයක් ලබා ගැනීම සදහා 100%ක කාබනික තේ වගාවක් සදහා යොමු විය යුතුයි.

කාබනික තේ අපනයනය සඳහා අවශ්‍ය වන දේශීය සහ ජාත්‍යන්තර සහතික ලබාගැනීමට අදාළ ක‍්‍රියාමාර්ග මේ වන විටත් ගෙන තිබෙනවා.

කුඩා තේ වතු සහ කුඩා රබර් වතු හිමියන්ට සහන සැලසීම සඳහා 2021අයවැයෙන් විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන්කර තිබෙනවා. එය පසුගිය වසර හා සැසදීමේදී සියයට සියයක වර්ධනයක්, රුපියල් බිලියන 04 කට ආසන්න මෙම මුදලින් කාලගුණික, දේශගුණික බලපෑම් වලින් තේ සහ රබර් වගාවන්ට සිදුවන හානිය වැලක්වීම සඳහා සහන ලබාදෙනවා. මේ යටතේ ජලසම්පාදන ක‍්‍රම ස්ථාපිත කිරීම සඳහා ආධාර ලබාදෙනවා” යැයිද  අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය  අමාත්‍යාංශයේ ලේකම් තිලකරත්න බණ්ඩා, ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති සුමිත් ජයරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (1)

තේ වගාවට කාබනික පොහොර භාවිතය වැඩිකරන්න යයි

වසන්ත අල්විස් Friday, 18 June 2021 08:58 PM

ඇල්කඩුව වැවිලි සමාගම ඔවුන්ගේ වගාව සඳහා යොදන කාබනික පොහොරවල සංයුතිය යොදන අමුද්‍රව්‍ය පිළිබඳ සහ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව අප වෙත ලියා එවන්න ස්තුතියි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site