2014 වසරේ ලොව හොඳම තේ අපනයන හා වැඩිම තේ විකිණූ රට ශ්‍රී ලංකාව ලෙස පත්ව තිබූ නමුත් අද වන විට තේ සහ රබර් මිල කුණුකොල්ලයට ගොස් ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මහතා පවසයි.
‘අද ගමේ කඩේ බඩු නොවිකිණෙන බවත් ගොවියා විකිණූ තේ කොළ විකිණූ මුදලද ගමට නොඑතියි ද ඒ මහතා කීවේ අද (28) කොළඹ ජාතික පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ආණ්ඩුව දේශීය කිරි ගොවියාගේ බඩට ගැසූ ආණ්ඩුවක් බවත් තේ හා රබර්වලට යොදන පොහොර මිල දරාගත නොහැකි බවත් අතුකෝරළ මහතා පෙන්වා දුන්නේය..


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳපොළෛ් ඉල්ලුමේ හැටියට තමා සැපයුම දෙන්න ඕනෑ. තේ මිල අඩුනම් ජල පහසුකම් ඇති තේ ඉඩම්වල තේ ගළවා එළවළු, පලතුරු සහ අමු මිරිස් වගා කරන්න. පසුගිය කාලේ අමු මිරිස් කිලෝ එකක් රුපියල් 900ටත් ගියා. එළවළු වලටත් හොඳ මිලක් තිබෙනවා (නි)
දැන් තියෙන තේ වල නම් මෙලෝ රහක් නැහැ තමයි. ඉස්සර ලී පෙට්ටියේ ආපු තේ වල සුවඳ සහ රස එක්ක බලනකොට දැන් මේ අපි මොනවද මේ බොන්නෙ (ම)
හරි ෂෝක් සමහරුන්ගේ දැනමුතුකම්. හරි තේ මිල අඩුවනවිටදී අමු මිරිස් මිල වැඩි නම් තේ ගස් ගලවා අමු මිරිස් හිටවන්නලු. හැමදාම අපිට පුළුවන් එක එක දේවල් ගොවියාගේ අතේ වියදමින් වගා කරකර ඉන්න. මේවාට කවුරු සල්ලි දේවිද මන්දා. (නි)
තේ රසය වැඩි කරමු. හොදම තේ පමණක් අපනයනය කරමු. (ර)
තේ කර්මාන්තය නැවත පනගන්නමු. (ර)
කසල තේ මෙයට හේතුවයි. (ර)
2015 වසරේත් ලොව හොඳම තේ ශ්‍රී ලංකාවයි. (ර)
2015 වසරේත් ලොව හොඳම තේ ශ්‍රී ලංකාවයි(කෞ)
රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරෙන කසළ තේ ව්‍යාපාරය නතරකළේ නැත්නම් ලංකාවේ තේ වෙළඳාමේ මළගම ඉක්මනටම සිදුවේවි. ලංකාවේ ඇතුළත විකිණීමට ඇති තේ වල සුවඳ රසය නැතිවීමට හේතුව කසළ තේ සමඟ මුසු කිරීමය. අතීතයේ තේ කර්මාන්තශාලා වලින් බැහැර කරන කසළ තේ පොහොර ලෙස තේ වතු වලටම යොදාගත් අතර දැන් දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් එකතුව හොඳ තේ සමඟ මුසු කර නැවත වෙළඳපොලට නිකුත් කරයි (නි)
කසල තේවලට හොඳ තේ මිශ්‍ර කරලා විකුණන කූට මිනිස්සු ඉන්නවා තාමත්.... ඒ මනුස්සයින් ලොකු ලොකු පොලිස් කාරයින් අල්ලන් බලවතුන් අල්ලන් ජරාව දිදී මෙහෙම වැඩ කරද්දී ඉතින් නීතිය බල්ලට ගිහින්... කුඩා මිනිස්සු තමයි මේවාගෙන් බැට කන්නේ...!