IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවලට විසඳුම් ලබාදීමේ ප්‍රමුඛයකු වන ඩේවිඞ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි විශ්වසනීය සන්නාමය වන ඩේවිඩ් පීරිස් සෝලා එනජි විසින් ලීමා ක්‍රියේෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි කර්මාන්තශාලා පරිශ්‍රයේ වහලයේ අති දැවැන්ත සෝලා ව්‍යාපෘතියක් පසුගියදා සාර්ථකව සම්පූර්ණ කළේය. 

ලීමා ක්‍රියේෂන්ස් යනු ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට නමක් දිනු ආයතනයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කාර්මික හා වාණිජ ආයතන සඳහා මහා පරිමාණ සූර්ය බලශක්ති විසඳුම් ලබාදීමට ඩේවිඩ් පීරිස් සෝලා එනර්ජි සතු හැකියාව සදහා තවත් එක් උදාහරණයක් ලෙස මෙම ව්‍යාපෘතිය හැදින්විය හැකිය.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ විදුලිය සඳහා මාසිකව දැරීමට සිදුවන පිරිවැය සම්පුර්ණයෙන්ම ඉවත් කොට වඩාත් තිරසාර හා පරිසර හිතකාමී ක්‍රමවේදයකට යොමු වීමයි. මෙහි 590W Jinko N වර්ගයේ PV සෝලා මොඩියුල 848ක් භාවිත කර ඇති අතර එය කිලෝවොට් පැය 500ක ධාරිතාවෙන් යුක්ත වේ. තවද මෙය Huawei 100kW ඉන්වර්ටර් හතරකින් බලගැන්වෙන නිසා උපරිම කාර්ය සාධනයක් සහ බලශක්ති කාර්යක්ෂමතාවක් සහතික කරයි. මෙම පද්ධතිය වාර්ෂිකව කිලෝවොට් පැය 660,422ක පමණ විදුලිය නිපදවනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් හරිතාගාර වායු විමෝචනය වාර්ෂිකව 429.27 tCO₂e කින් පමණ අඩු වනු ඇත. මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගීත් සමරනායක මහතා මෙසේ පැවසුවේය. ”‍ලීමා ක්‍රියේෂන්ස් කර්මාන්තශාලා පරිශ්‍රයේ මහා පරිමාණ හා නවීන සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සාර්ථකව නිම කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. ඒ වගේම මෙවැනි දැවැන්ත ව්‍යාපෘති කිරීමට අවශ්‍ය ධාරිතාව, විශේෂඥතාව සහ තාක්ෂණය අප සතු වනවා. මෙවැනි ව්‍යාපෘති කිහිපයක් නුදුරු අනාගතයේදීත් දියත් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඩේවිඩ් පීරිස් සමූහයේ 40 වසරක විශ්වාසය රැගත් අලෙවියෙන් පසු සේවය සමග පාරිභෝගිකයන්ට දිගුකාලීන වටිනාකමකින් යුතු විශ්වසනීය සේවාවක් අපෙන් ලබාගන්න පුළුවන්.”‍

 



අදහස් (0)

ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site