IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් - GWM එකමුතුවෙන් හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන පෙළක් ශ්‍රී ලංකාවට

මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ ඩේවිඩ් පීරිස් සමූහයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක, ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විධායක අධ්‍යක්ෂ මහේෂ් ගුණතිලක සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විකුණුම හා අලෙවි ප්‍රධානී ලසන්ත අබේකෝන් යන මහත්වරු

 

ඩේවිඩ් පිරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවඩ්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවට හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන (NEV) පෙළක් හඳුන්වාදීමට ගොලීය මෝටර් රථ ප්‍රමුඛයකු වන GWM සමඟ පසුගියදා ගිවිසුම්ගත විය.
පසුගියදා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මෙම ගිවිසුම්ගතවීම නිවේදනය කළ අතර ඒ සඳහා ඩේවිඩ් පීරිස් සමූහයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක, ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විධායක අධ්‍යක්ෂ මහේෂ් ගුණතිලක සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විකුණුම් හා අලෙවි ප්‍රධානී ලසන්ත අබේකෝන් යන මහත්වරු සහභාගී වූහ.
GWM නියෝජිතයන් අන්තර්ජාලය හරහා මෙම අවස්ථාවට සම්බන්ධ වූයේ නවෝත්පාදනය. විශ්වසනීයත්වය සහ තිරසාරත්භාවය සමඟින් රට තුළ ප්‍රවාහනය වැඩි දියුණු කිරීමට කටයුතු කරන නව හවුල්කාරිත්වයක් ආරම්භ කිරීම සනිටුහන් කරමිනි. 
මෙම හවුල්කාරීත්වය ඩේවිඩ් පිරිස් සමූහ ව්‍යාපාරයේ වසර 40ක විශ්වාසනීය සහ විශ්වාසදායක සේවාව හා දැනට රටවල් 100කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක GWM ගෝලීය ඉංජිනේරු විශිෂ්ටත්වය සමඟ ඒකාබද්ධ කරයි. මෙම සහයෝගීතාව හරහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අති නවීන තාක්ෂණය සහ එදිනෙදා භාවිතය පහසුකරන හයිබ්‍රිඩ්, ප්ලග්- ඉන් හයිබ්‍රිඩ් සහ පූර්ණ ඉලෙක්ට්‍රික් වාහන පෙළක් සඳහා ප්‍රවේශය ලැබෙනු ඇත.
GWM විසින් අලෙවි කරනු ලබන Haval H6පරාසය සඳහා ඕස්ට්‍රේලියාවේ තරු 5 ANCAP ආරක්ෂිත ශ්‍රේණිගත කිරීමක් සහ ලෝකයේ ඉහළ නියාමනය සහිත වෙළෙඳ පොළ අත්දැකීම් සමගින් GWM ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට මාර්ගයේ විශිෂ්ට කාර්ය සාධනයක් සහ විශ්වාසයක් ලබාදෙයි. GWM ගෝලීය තේමාව වන ‘‘Go with More’’ අනුව යමින් මෙම දියත් කිරීම ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට බලය සහ ඉන්ධන කාර්යක්ෂමතාව යන ප්‍රතිලාබ දෙකම භුක්ති විඳිය හැකිය. 
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්  GWM හවුල්කාරිත්වය යටතේ පළමුව හඳුන්වා දෙන වාහන සමූහය පහත මාදිලිවලින් සමන්විතය. 
Haval H6 රු.මි. 17.995 HEV - රු.මි. 20.995  (PHEV)
Haval GT PHEV-  රු.මි. 24.995, Tank 300 HEV  රු.මි. 35.995,  Tank 500 HEV  රු.මි 43.5 ක මිල කෙරී ඇත. මීට අමතරව පූර්ණ ඉලෙක්ට්‍රික් ORA වාහන  මාදිලි පෙළ දියත් කරනු අති අතර එමඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට පරිසර හිතකාමී සහ ඉහළ කාර්ය සාධනයක් සහිත වාහන සඳහා වැඩි තේරීමක් ලබා දෙනු ඇත. 
මෙම හවුල්කාරිත්වය නිෂ්පාදන හඳුන්වාදීමකට වඩා වැඩි යමක් නියෝජනය කරයි. එය ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයේ අනාගතය කරා යන වැදගත් පියවරකි.
GWM උසස් හයිබ්‍රිඩ් සහ විදුලි තාක්ෂණය මේ නම ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් දිවයින පුරා සේවා ජාලය සමග ඒකාබද්ධ කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ට දැන් වඩා හොඳ කාර්යක්ෂමතාවයක්, වැඩි වටිනාකමක් සහ විශ්වාසයක් සහිත වාහනයක් භාවිත කිරීමේ අවස්ථාව උදාවී ඇත. 

 



අදහස් (0)

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් - GWM එකමුතුවෙන් හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන පෙළක් ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 90 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site