IMG-LOGO

ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 5.3කින් අවප්‍රමාණය වෙලා

හර්ෂණ තුෂාර සිල්වා

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 5.3 % කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එම කාලයේදී යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 3.1 %කින් ද, එක්සත් රාජධානියේ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 2.2% කින් ද ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව  6.8% කින් ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

එහෙත් ඉහත කාල සීමාවේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.5% කින් ශක්තිමත් වී ඇත.

ගෝලීය වෙළෙඳ ගැටුම් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය දිගින් දිගටම ශක්තිමත් වෙමින් තිබෙන අතර ඒ නිසා ඩොලරයට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක දෛනිකව අවප්‍රමාණය වෙමින් තිබේ.

ඒ අනුව ඩොලරයේ ශක්තිමත් වීම නිසා දකුණු ආසියානු කලාපයේ වැඩිම බලපෑමකට ලක්ව ඇති මුදල් ඒකකය වනුයේ ඉන්දීය රුපියලයි. 

පසුගිය සිකුරාදා (31) ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල වාර්තාගත ලෙසින් පහළ ගියේය. එදින වෙළෙඳපොළ කටයුතු අවසන් වනවිට ඉන්දීය රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 71.01 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගියේය.

මේ වසරේ ගත වූ කාලයේදී ආසියානු කලාපයේ මුදල් ඒකක සැලකිල්ලට ගැනීමේදී දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත්තේ ද ඉන්දීය රුපියලයි.

ඇමෙරිකා එක්සත් ජනපදය, ගෝලීය වෙළෙඳ අර්බුද, දේශීය දේශපාලනයේ තිබෙන අස්ථාවර තත්ත්වයට අමතරව ඉන්දීය රුපියල දුර්වල වීම ද ශ්‍රී ලංකා මුදල් ඒකකය අවප්‍රමාණය වීමට හේතු වී තිබේ. 

ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ පාර්ශ්වකරු වන්නේ ද ඉන්දියාවයි. 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (3) නිකුත් කළ විදේශ විනිමය අනුපාතවලට අනුව රුපියල තවදුරටත් වාර්තාගත ලෙස පහළ ගියේය. එම අනුපාතවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 162.78ක් ලෙස දැක්විණි. 



අදහස් (3)

ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 5.3කින් අවප්‍රමාණය වෙලා

senarath Monday, 03 September 2018 05:42 PM

කලින් අවුරුදු දෙකේදී මේ තරම් අවප්‍රමාණ නොවූනේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවෙලා තිබුණු නිසා. එහෙම නැතිව කටින් බතල හිටවන ආණ්ඩුවේ දක්ෂ කමකට නෙමෙයි. මේ තමා ලංකා ඉතිහාසේ වැඩියෙන්ම රුපියල අවප්‍රමාණ කරපු ආණ්ඩුව.

:       0       32

BamunuarachchiTuesday, 04 September 2018 12:22 PM

අදට වඩා හෙට හොඳයිද.?

:       0       6

Raveendra Tuesday, 04 September 2018 01:53 AM

ඉතාම මෑතකදී අපගේ මුදල් අගය පහත වැටීම රටට හොදයයි පුරසාරම් දෙඩු අය දැන් උන්න තැනක්වත් සොයාගැනීමට අපහසුයි වගේ.?

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 758 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1177 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site