(රංජන් කස්තුරි)
නව රජය බලයට පත් වීමෙන් පසුව ක්‍රියාත්මක කරන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා විදේශ සමාගමක් එකඟතාවය පළ කර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක ආයෝජනයක් මගින් මිශ්‍ර ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද මුදල් අමාත්‍යංශය පවසයි.
කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගයක මහල් 30කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
එම ගොඩනැගිල්ලේ නිවාස ඒකක 700ක් සහ වෙළෙඳසැල් ඉදිකිරීමට නියමිත අතර පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගමට එම ආයෝජන ව්‍යාපෘතිය බාරදීමට නියමිත බවද මූදල් අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්කර තුන සින්නක්කරවම වික්කද?
ෂුවර් එකටම කොළේ වහලා වික්කා. ශැන්ග්‍රීලා ඉඩම සින්නක්කර විකුණපු කට්ටියනේ දැන් රට පාලනය කරන්නේ.
ගොඩනැගිලි තැනීමෙන් රටට දියුණුවක් වෙන්නේ නැහැ. ටික දෙනෙකුට වසර දෙකක පමණ කාලයකට රැකියා ලැබේවි. ගොඩනැගිල්ල සාදා නිමකළ පසුත් රැකියා සුළු ප්‍රමාණයක් ඇතිවෙනවා. ආයෝජකයින් ලැබෙන ප්‍රතිලාභ නැවත තම රටට රැගෙන එයි. මෙවැනි යෝජනාවලින් සිදුවෙන්නෙ දැනට හිඟයක් පවතින විදුලිබලයට සහ ජලය සැපයීමට තව බර පැටවීමක් වෙන එක පමණයි.