(රංජන් කස්තුරි)
නව රජය බලයට පත් වීමෙන් පසුව ක්‍රියාත්මක කරන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා විදේශ සමාගමක් එකඟතාවය පළ කර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක ආයෝජනයක් මගින් මිශ්‍ර ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද මුදල් අමාත්‍යංශය පවසයි.
කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගයක මහල් 30කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
එම ගොඩනැගිල්ලේ නිවාස ඒකක 700ක් සහ වෙළෙඳසැල් ඉදිකිරීමට නියමිත අතර පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගමට එම ආයෝජන ව්‍යාපෘතිය බාරදීමට නියමිත බවද මූදල් අමාත්‍යංශය කියයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩොලර් මිලියන 250ක ආයෝජනයකට විදේශ සමාගමක් එකඟ වෙයි
lalithm Monday, 30 December 2019 06:53 AM
අක්කර තුන සින්නක්කරවම වික්කද?
isuru Monday, 30 December 2019 07:42 PM
ෂුවර් එකටම කොළේ වහලා වික්කා. ශැන්ග්‍රීලා ඉඩම සින්නක්කර විකුණපු කට්ටියනේ දැන් රට පාලනය කරන්නේ.
mumedhaTuesday, 31 December 2019 08:33 AM
හොර රැළකට චන්දය දුන්න වහල් ගෝත්‍රිකයින්ට ඒවා පෙනෙන්නේ නැහැඔ. ඒ අයට ඔය ටකරමක්, වැසිකිලි පෝච්චියක් ලැබුනොත් හොඳටම ඇති..
Kumar Wednesday, 01 January 2020 03:00 AM
ගොඩනැගිලි තැනීමෙන් රටට දියුණුවක් වෙන්නේ නැහැ. ටික දෙනෙකුට වසර දෙකක පමණ කාලයකට රැකියා ලැබේවි. ගොඩනැගිල්ල සාදා නිමකළ පසුත් රැකියා සුළු ප්‍රමාණයක් ඇතිවෙනවා. ආයෝජකයින් ලැබෙන ප්‍රතිලාභ නැවත තම රටට රැගෙන එයි. මෙවැනි යෝජනාවලින් සිදුවෙන්නෙ දැනට හිඟයක් පවතින විදුලිබලයට සහ ජලය සැපයීමට තව බර පැටවීමක් වෙන එක පමණයි.