දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 6 තරගයේ අවසන් පුර්ව නියෝජනය කරන තරගකරුවන් සිව්දෙනා සහ අවසන් දසදෙනා අතරට තේරුණූ තරගකරුවන් සහභාගී වන සංගීත ප්‍රසංගය නොවැම්බර් 21 වැනි සෙනසුරාදා රාත්‍රී 7 ට රාජගිරිය ඔබේස්කරපුර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. තරගකරුවන් රැගත් විශේෂ රථ පෙරහරකින් එහි කැඳවාගෙන ඒමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජීව , ඔව් ඔයා හරි. (නි)
මම කියන්නේ ඇත්ත. මේගොල්ලෝ ඇත්තටම ඩ්‍රීම්ස්ටාර්ලා තමා. මොකද මේ 'සිහින තරු' අපි දෙනෙත ඇරලා බලනකොට ටික කලකින් නොපෙනී යනවා. මෙයාලා ගයන්නෙත් අනුන්ගේ ගීත. ඉතින් මෙයාලගේ ගීත අරන් එළිදකිනකොට මෙයාලව මිනිසුන්ට අමතකවෙලා. අනික අද සවනේ රඳාපවතින නිර්මාණ නැහැ. (නි)
මම කියන්නේ ඇත්ත. මේගොල්ලෝ ඇත්තටම ඩ්‍රීම් ස්ටාර් ල තමා. මොකද, මේ 'සිහින තරු' අපි දෙනෙත ඇරලා බලනකොට ටික කලකින් නොපෙනී යනවා. මෙයාල ගයන්නෙත් අනුන්ගේ ගීත තරු බවට පත්වෙන්න. ඉතින් මෙයාලගේ ගීත අරන් එළිදකිනකොට මෙයාලව මිනිසුන්ට අමතක වෙලා.අනික අද සවනේ රඳා පවතින නිර්මාණ නැහැ. මේක තමා ඇත්ත. කැමතිනම් පල කරන්න. (හේ)
මේක ලොකු බිස්නස් එකක්. මොබයිල් කොම්පැනිය කියක් මේකෙන් සල්ලි හොයනවා ද? මේක්අප් ශිල්පින් කීදෙනෙක් ජීවත් වෙනවද? සංගීත ශිල්පින් කැමරා ශිල්පින්, නිවේදක, නිෂ්පාදක, කීදෙනෙක් ජීවත් වෙනවද? වෙළද සමාගම් කියක් වාසි ලබනවද? මේ රුපවාහිනී චැනල් එක මොනතරම් ආධාර කොම්පනි වලින් ගන්නවා ද තෑගි දෙන්න. මොවුන් සංගීත දැනුම ලබා ගැනුම කෙසේ වෙතත් කට හඬ විකිණීමේ යෙදෙනු ඇත. ස්ටාර් තරග වල ප්‍රතිඵල එයයි. (බ)
ඔබ සියලු දෙනාටම සුබ පතමි. (ර)
ලස්සන වැඩසටහනක්. (ර)
මා මේ වැඩසටහනේ රසිකයෙක්. (ර)
සියලු දෙනාම දක්ෂයින්. (ර)
ළමා මනස විකෘති කරන මේ වැඩසටහන් හැම මාධ්‍යයකින්න්ම ඉවත් කර ළමයා ළමයා විදියට ඉන්න පරිසරයක් ගොඩ නගන එක හැම කෙනාගේම වගකීම වේ. මෙයාල හැසිරෙන්නේ කතාකරන්නේ මහා මිනිස්සුටත් වැඩිය ඉහලින් ළමා කම නැතිකරලා තියෙන්නේ (බ)
මටත් සතුටුයි, මම දන්න කෙනෙකුත් ඉන්නවා... (නි)
තරු පිපුනට, වැඩක් නෑ, අහසට සදක් නැතිනම්, අහස කළුවරයි. දැනට අවුරුදු කීපයක පෙර සිට මේ විදියටම පිපුණු තරු පර උනා.(රේ)
අර ඉස්සර තිබුන තුරුණු ශක්ති අපහු ගෙනාවොත් නරකද. මේවට වඩා එක හොඳයි කියල හිතෙනවා. මේවගේ ගොඩක් දක්ෂයෝ කැපෙනවා. ලස්සන අය විතරක් දිනනවා. (රේ)
කෙටි පණිවුඩ ක්‍රමයෙන් ස්ටාර්ලා තෝරන එක වැරදියි. මම දැක තිබෙනවා ප්‍රේක්ෂක තේරීම ගැන නොකිව්වත් එම ප්‍රේක්ෂක විනිශ්චය ගැන මුහුණ නරක් කරගන්න අපේ බුද්ධිමත් විනිශ්චය මණ්ඩලයේ සමහර සාමාජිකයින්. ඇයි මේවාට කතා කරන්නේ නැත්තේ? ඇයි මේවා වෙනස් කරන්න උත්සාහ නොකරන්නේ? ඒකෙන් වෙන්නේ දක්ෂ දුප්පත් ළමයින්ට තැනක් නැතිවෙන එක නේද? (නි)
යු ටියුබ් වලින් සංගීත දක්ෂයෝ මනින අය, සංගීතයේ 70/80 දශකයේ ඉතිහාසය සමඟ බිහිවුණ, මිහිරි ගීත අරගෙන මේ ස්ටර්ලා නැවත ගැයුවහම, අඩුගානෙ ඒ මිහිරි සංගීතය නිර්මාණය කළ විශ්මකර්ම සංගීතවේදීන් ගැනවත් දන්නවද? අඩුගානේ ඒ පළමු ගීතය අසාවත් තිබෙනවද? ඒ ගීතය සමඟ නවකයෝ එය අනුකරණය කළ අයුරු හෝ සිදුකරන වැරදි හෝ විමසන්න සංගීත දැනුමක් තිබෙනවද? සුපර් ස්ටාර්ලා කිවුවට ඔවුන් එක සංගීතයක් අලුතින් මවා තිබෙනවද? (නි)
දැනට බිහිවී ඇති සුපර් ස්ටාර් ගණන සලකන විට අපිට තවත් ගායකයින් මොකටද. අනුන්ගේ ගී ගයා එස් එම එස් වැඩි ගණනක් ඉල්ලා දේශපලයකයෝ මනාප ඉල්ලන විදියට දිනලා මොවුන් ඉදිරියට යන්නේ අපේ හෙළ සංගීතය දියුණු කරන්න වෙන්න ඇති. සෝඩා බෝතල වගේ තමයි. කෝ දැන් ඉස්සර පිටවුනු ස්ටාර්ලා. මොනවාද අපිට අලුතින් බිහිකළ ගීත. බස් වල ස්පිකර වලින් ඒවායේ යන අපිට ජිවිතේ එපා කරවනාවා අඳෝනා අසවලා. (අ)
දැනට බිහිවී ඇති සුපර් ස්ටාර් ගණන සලකන විට අපිට තවත් ගායකයින් මොකටද. අනුන්ගේ ගී ගයා එස් එම් එස් වැඩි ගණනක් ඉල්ලා දේශපාලයකයෝ මනාප ඉල්ලන විදියට දිනලා මොවුන් ඉදිරියට යන්නේ අපේ හෙළ සංගීතය දියුණු කරන්න වෙන්න ඇති. සෝඩා බෝතල වගේ තමයි. කෝ දැන් ඉස්සර පිටවුණු ස්ටාර්ලා. මොනවාද අපිට අලුතින් බිහිකළ ගීත. බස් වල ස්පිකර වලින් ඒවායේ යන අපිට ජිවිතේ එපා කරවනවා අඳෝනා අස්සවලා. (බ)
සන්තෝෂයි මගේ යාළුවෙක්ගේ පුතෙක් ඉන්නවා (බ)
මොවුන් සියල්ලෝම දක්ෂයි. අපේ සුබ පැතුම්! (නි)
මටත් පුළුවන් වුණොත් බලන්න යනවා (නි)
රෝහණ..... පාඨලී කොච්චර දක්ෂද කියල යූ ටියුබ් එක බලන්න...(බ)
රෝහණ, පාටලී කොච්චර දක්ෂද කියලා යුටියුබ් එක බලන්න. (ර)
ලංකාවේ ස්ටාර් වලින් ආ අය 'ටක් ගාලා' ආපසු ආ වේගයෙන්ම යනවා. (නි)
හොඳ තරඟයක් බලාගන්න පුළුවන් වෙයි (නි)
මෙවැනි තරඟ වලට විනිශ්චය දීමේදී නිශාර්ඩ් කියන දේ මමත් අනුමත කරනවා (නි)
හරිම ලස්සනයි ඔයාලා ඔක්කොම (නි)
මම ගොඩක් ආශාවෙන් නරඹපු තරඟයක් (නි)
මෙවැනි තරඟ වලට "ඩ්‍රීම් ස්ටාර් " කියලා කියනවට වඩා හොඳයි "එස්.එම්.එස්. ස්ටාර්" කියලා කියනවා නම්. (නි)
මේ වගේ තරඟ වල විනිශ්චය කෙටි පණිවිඩ මඟින් නොව විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදුකළ යුතු බව මගේ අදහසයි (නි)
සුබ පැතුම් සියළුම දෙනාට! (නි)
මම බලාගෙන හිටියේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් ගැන පලකරන්න. මෙහි දක්ෂයාට තැනක් නැහැ.සල්ලි තියෙන පාටලී වගේ අය මුදල් තියෙන නිසා එස්එම්එස් මගින් හැම දාම උඩ. මට නම මතක නැහැ කැකිරාවේ ළමයෙක් හිටියා දක්ෂ නමුත් ඒ ළමයා දුප්පත් ඒ ළමයට එස්එම්එස් වලට වියදම් කරන්න සල්ලි නැහැ. මොකද මේකේ එස්එම්එස් ගන්නේ තමන් විසින්ම තමයි.මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟය අසාධාරන තරඟයක්. මෙහි විනිශ්චය , විනිශ්චය මණ්ඩලයක් යටතේ කෙරෙනවා නම් දැන් ඉන්න හතර දෙනා නෙවෙයි ඔතන ඉන්න ඕන.මෙය මගේ පමණක් නෙවෙයි මෙය නරඹන දහස් ගානකගේ අදහසක්. බුද්ධිමත් සහ දක්ෂ විනිශ්චය මණ්ඩලයක් යටතේ මෙය විනිශ්චය විය යුතුයි.දුප්පත් දක්ෂ ළමයින් අපි උඩට ගන්න ඕන නම් එය සිදුවිය යුතුමයි.මෙම තරඟය දිගටම නරඹා ඇති ඕන කෙනෙක් ගෙන් අහල බලන්න. මම කියන දේ ඇත්තද බොරුද නැත්නම් සධාරණද කියලා. (බ)
නියමයි. ජයවේවා! (නි)